33🍇

462 57 11
                                    

මන් ඇස් ඇරියමයි දැක්කෙ එයා තෙත කොන්ඩෙත් අතින් උඩ පහළ කර කර ටවල් එකත් ඉනෙන් ටිකක් පහළට වෙන්න ඇදන් එයාගෙ wardrobe එක පැත්තට යනවා...

ළගින්ම යන ගමන් හිටපු එයාව දැක්කා විතරයි මගෙ නිදිමතත් කොහෙ ගියාද මන්දා...ආයිශ් ඒ ටිකට නින්දත් කැඩුනා...

මන් එහෙම්ම අනිත් පැත්ත හැරුනේ හොදට ඩුවට් එක අස්සෙ ගුලිවෙලා හොද නින්දක් දාන්න උනත් wardrobe එකෙන් ඇදුමක් එළියට ගන්න ගමන් හිටපු ජිමින්ගෙ කොන්දෙ යට හරියෙ ඉදන් බෙල්ල ගාවට වෙනකන්ම තිබ්බ ලොකු නයෙක්ගෙ ටැටූ එක අහම්බෙන් වගෙ දැක්කත් එක්කම මන් නිදාගන්න එකත් පැත්තක තියලා එයාගේ ඒ ටැටූ එක දිහා උඩ ඉදන් පහළට බැලුවේ මොකක්දෝ හේතුවකට හිතට අමුතුම හැගීමක් දැනෙද්දි...

ටික වෙලාවක් කොන්දෙ පහළ ඉදන් බෙල්ල ගාවට වෙනකන්ම තිබ්බ බ්ලැක් ඇන්ඩ් වයිට් ස්නෙක් ඩිසයින් ටැටූ එක දිහා ආසාවෙන් බලන් හිටපු මගෙ ඇස් එයාගෙ කොන්දෙ පැත්තෙන් පහළ එක උරහිසකට වෙන්න තිබ්බ කැපුමක් ළග නතර උනේ අහම්බෙන් වගේ...ඒක...ඒක එච්චර ලොකු දිගට ඇදුනු ලොකු කැපුමක් නොවුනත් ඒ කැපුම ගොඩක් ගැඹුරට කැපිල තිබ්බ එකක් කියල ඒ කැපුම තිබ්බ විදිහෙන්ම මට හිතුනා...

ගොඩක් කාලෙකට කලින් උනු එකක් මන් හිතන්නේ...

හිතින් හිතුව මන් ආයෙමත් සැරයක් නිදාගන්න හිතන් ඇස් පියාගත්තා උනත් මන් ඇස් වහපු විනාඩියට අනිත් පැත්තට ගැස්සිලා වගේ ඇස් ඇරියේ මොකක්දෝ හේතුවකට ඒ කැපුමෙ අමුත්තක් දැනුනු නිසා...හරියට මන් මීට කලින් ඒ කැපුම දැකල තියෙනව කියලමයි මගෙ හිත කිව්වේ....ඒත්...ඒත් එහෙම වෙන්නේ කොහොමද🙄...මන් ඒක දැක්කෙ අදමනෙ...ආයිශ් මටත් ඒ අස්සෙ මොනා හිතෙනවද මන්දා...

ආයෙත් සැරයක් මගෙ හිතටම තරවටු කරගත්ත මන් එහෙම්ම ඩුවට් එක අස්සෙ ගුලිවෙලා ඇස් පියාගත්තා...
.


.






.
අදට මායි ජිමිනුයි මැරි කරල මාස දෙකකට කිට්ටු උනත් මේ වෙනකන් ගෙදර කාත් එක්කවත් කතා කරන්නවත් උනේ නැති තරම්...මොකද ඉතින් මන් ගාව ඉස්සෙල්ල කන්ටැක්ස් නම්බර්ස් මුකුත් ඇත්තෙත් නෑනේ...ඊට වඩා මට මගෙ කම්පනි එකට යන්න නම් ජිමින් දුන්නා වුනත් ඒකත් මට යන්න උනේ එයාගෙ ගාඩ්ස්ලා එක්ක...ඒ නිසා මට මගෙ කම්පනි එකෙන් එළියෙ කොහෙටවත් යන්න උනේම නැති තරම්...අඩු ගානෙ අප්පලාගෙ මැන්ශන් එකටවත් යන්න මට තහනම් කරල තිබ්බෙ එයා...අනේ මන්දා ජිමින් මොකක් කරන්න හදනවද කියලා...කීපසැරයක්ම මන් එයාගෙන් මේ ගැන අහන්න හැදුවත් ඒ හැම කතා බහක්ම ඉවර උනේ කිසි උත්තරයක් නැතුව...අනිත් පැත්තට මේ මාස දෙකට ජිමිනුයි මායි මැරේජ් කපල් එකක් උනත් හිටියෙ ආගන්තුකයො ගාන්ට...ඒ නිසා පෙළක්වෙලාවට මට අමතකත් වෙනවා මන් මැරි කරල කියලත්...ඇයි ඉතින් එයා ඉන්නෙත් මැරි කරපු නැති ගාන්ටනෙ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now