52🍇

526 85 63
                                    


"මන් කැමති ඔයා ඒ ලිමිට් එක පන්නනවනම් ජිමින්...

මන් එයාගෙ අත අල්ලගන්න ගමන් කිව්වේ...

"ඔයා ඔහොම කිව්වට මගෙ ලිමිට් පැන්නම ඔයාට තනි ඇහැට ඇඩෙයි කෙල්ලේ...ඊට වඩා ඔයා මේ වගෙ වෙරි වෙලා ඉන්න වෙලාවක කොහොමත් මට ඒ රිස්ක් එක ගන්න බෑ අරස්සෝ...

මගෙ අත ආපිට අල්ලගෙන මගෙ පැත්තට හැරුනු එයා මන් ගාවට ටිකක් නැමිලා මගෙ කම්මුලකටත් චූටි තට්ටුවක් දාලා කිව්වේ හරියට පොඩි බබෙක්ට කියන්න වගේ...

එයා ඒක කිව්වත් එක්කම මන් මූණත් එක්කම ඣුරු කරන් වෙන පැත්තක් බලාගත්තා...

"ආයිශ් මේ කෙල්ල...

කට කොනින් හිනාවක් දාලා කිව්ව එයා මට හිතන්නවත් විනාඩියක් නොතියා මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගත්තා...

"ය්...යා මොකක්ද කරන්නේ...

මන් ඇස් දෙකත් බෝල කරන් ඇහුවේ කෝකටත් කියලා එයාගෙ බෙල්ල වටේ අත්දෙක පටලවගන්න ගමන්...කියන්න බෑනෙ අනිත් පැත්තට මාව බිම දැම්මොත් එහෙම හුම්...

මන් ඇහුවත් උත්තරයක් නොදුන්නු එයා කෙළින්ම ඇවිත් මාව බෙඩ් එකෙන් තිබ්බා...හැබැයි ඉස්සර වගෙ මේ පාර නම් මාව එයා බෙඩ් එකට අතෑරියෙ නෑ එයා...හරි හිමීට පරිස්සමෙන් මාව බෙඩ් එකෙන් තිබ්බේ...ඒකට ඇත්තටම මට පුදුම හිතුනා...

"ඔන්න දැන් නම් ආයිත් ටැබ් එක බලන්න යන්න එපා හොදේ...ලිමිට් පන්නන්න බැරි එකේ අඩු ගානෙ අද මට ඔයත් එක්ක නිදාගන්නවත් ඕනි...

මන් මූණත් එක්කම ඣුරු කරන් කිව්වේ...

හැබැයි මන් ඒක කිව්ව නම් එයා කට කොනේ හරි ආඩම්බරකාර ලස්සන ටීසින්ග් හිනාවක් ඇදුනෙ මන් බලා ඉද්දිමයි...ආයිශ් මගෙ හාට් එකත් මොකක්ද උනා ඒ හිනාවට නම්🥹...

මන් ඒ නිසාමයි ඉක්මන්ට එයාගෙ මූණෙන් ඇස් අහකට ගත්තේ...

"මොකෝ මැඩම් එකපාරටම අහක බලාගත්තේ ආ...

එයා ටිකක් ටීසින් හඩකින් කට කොනින් හිනාවකුත් දාලා ඇහුවෙ මගෙ ලැජ්ජාව තේරිලාද කොහෙද...ආයිශ්🥲...

"අනේ දැන් කියවන්න නෙවෙයි එන්නකො...මට නිදිමතයි හුම්...

තොල් දෙක උල් කරලා රැවිල්ලක් දාලා කිව්ව මන් එහෙම්ම දෙපාරක් හිතන්නැතුවම එයාගෙ අතකින් අල්ලලා බෙඩ් එකට ඇද්දා...මන් ඇද්ද ගමන් එයත් එකපාරටම මගෙ ඇග උඩට වැටුනත් හොද වෙලාවට එදා wardrobe එක ගාවදි වගේ මගෙ ඇග උඩටම නොවැටී මගෙ ශෝල්ඩර්ස් දෙපැත්තෙන් බෙඩ් එකට අත් දෙක තියාගෙන ගාන්ට එයාව බැලන්ස් කරගත්තා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now