"යා මොකක්ද කරන්නේ...මගෙ අත අතාරින්න...

"තමුසෙගෙ අත අල්ලන් ඉන්න ආසාවකට ඇද්ද නෙවෙයි...මෙන්න මෙහෙ එනව ඕක ඉදිමෙන්න කලින් බෙහෙත් දාන්න...

මගෙ දිහාට නපුරු බැල්මක් දාලා කිව්ව එයා මගෙ අතින් ඇදන් වොශ්රූම් එකේ සින්ක් එක ගාවට ආවා...

"ඔහොම ඉන්නව පොඩ්ඩක්...

කිව්ව එයා වොශ්රූම් සින්ක් එක ගාව රයිට් සයිඩ් එකෙන් වෝල් එකටම හයි කරල තිබ්බ ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් මොකද්ද මන්දා වයිට් කලර් ලික්විඩ් එකක් තිබ්බ බොටල් එකකකුයි පුලුන් දාපු පොඩි බොක්ස් එකකුයි අරන් ඇවිත් මගෙ ගාව එහා පැත්තෙ සින්ක් අයිලන්ඩ් එකෙන් තිබ්බා...

"ය්...යා...

ඒක තියලා අනිත් පැත්තට මගෙ ඉන දෙපැත්තෙන් අල්ලලා එයා සින්ක් අයිලන්ඩ් එක උඩ තිබ්බ පාරට මට කෑ ගැස්සුනේ...

"ඔය කටපියන් ඉන්නව දැන් මේක ගානකන්...නැත්නම් මෙතන සකබඹරෙ වගේ කැරකිලා තව කොහෙහරි වද්දගනී තමුසෙ...

"අනේ මේ😒...

එයාට ඕනි දෙයක් කරගන්න කියලා මන් රැවිල්ලක් දාගෙනම අත් දෙකත් පපුවට කරල බැදන් වෙන පැත්තක් බලාගත්තා...

ඒ අස්සෙ මන් ඇස් අගින් වගේ දැක්කා එයා කට කොනින් ලාවට හිනාවක් දාගෙනම පුලුන් දාලා තිබ්බ බොක්ස් එකෙන් පුලුන් එකක් ගන්නවා...අනේ මන්දා මට පෙවුනු හැටිද කියලා...සමහරවිට මේ මැට්ටා මට නෝන්ඩියටද දන්නෑ හිනා වුනේ😒...

මන් ඕවත් හිත හිතා එයා දිහා නොබල වෙන පැත්තක් දිහා බලන්ම හිටියේ එයා දිහාට හැරුනොත් මට එයාගෙ සෙක්සි ඇබ්ස් දිහාට ඇස් යයි කියල බයටමයි🥲...ආයිත් ඕක බලන්න ගිහින් අතටම අහුවුනොත් තව එකක්නේ🥹...

කොහොමහරි අර පුලුන් කෑල්ලට අර බොටල් එකේ තිබ්බ ලික්විඩ් එකෙන් පොගවලා එයා නළලෙ වැදුන හරියෙ ඒක ගාද්දි නම් මට නිකන් දැනුනෙ මුළු නළලම කූල් වෙලා යනව වගේ...අනේ මන්දා ඒ ගාපු එකෙන් මගෙ නළලෙ ඇදුම් කන ගමන් තිබ්බ එකත් විනාඩි ගාණින් අඩුවෙලා ගියත් එක්ක...හම්මො දැනෙන සනීපේ🥹...ජිමිනුත් නරකම නෑ බලනකොට😌...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now