.








.
ඔන්නිත් එක්ක බීච් ගිහින් මැන්ශන් එකට ආපු මන් ආයිත් ලෑස්තිවෙලා මගෙ කම්පනි එකට ආවේ මැන්ශන් එකට එන මග දිගටම එයාව මතක් වෙන එක නතර කරගන්න බැරිම උනු තැන...කොහොමත් කම්පනි එකේ වැඩ අස්සෙ හිරවුනාම ඕවා හිතන්න වෙලාවක් නැති නිසාමයි මන් මැන්ශන් එකට ඇවිත් අනිත් පැත්තට කම්පනි එකට ආවේ...

දැන්ට මන් කම්පනි එකට ඇවිත් පැය තුනකට වැඩි උනත් මන් නෙවෙයි තාම විනාඩියකට කියලවත් ඔෆිස් චෙයා එකින් නැගිට්ටේ...මොකද මට ඕනි උනේ පුලුවන් තරම් මේ වෙලාවෙ එයා ගැන නොහිතා ඉන්න...අඩු ගානෙ කම්පනි එකෙන් ආයිත් මැන්ශන් එකට යන ටයිම් එක වෙනකන්වත්....

දැන් නම් රෑ දහයටත් කිට්ටු නිසා ගොඩක් එම්ප්ලෝයිස්ලා කම්පනි එකෙන් ගිහින් ඇත්තෙ...රෑ වැඩ කරන අය විතරක් වගේ දැන් ඇත්තෙත්...

මන් ඕවත් හිත හිතාම ලොකු හුස්මක් පාත දාලා ආයෙමත් සැරයක් චෙක් කර කර හිටපු ෆයිල් එකට ඇස් යොමු කළා...

ෆයිල් එක බලන්න ගත්තා විතරයි අනිත් පැත්තට මන් ගැස්සිලා ගියේ එකපාරටම කවුරුහරි මගෙ ඔෆිස් රූම් එකේ ඩෝ එක ඇරපු සද්දෙට...

"ක්...ක...ජ්...ජිමින්...

රූම් එකේ ඩෝ එක ඇරන් ඇතුළට ඇවිත් තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි ජිමින් කියලා දැක්කත් එක්කම මන් ඉක්මන්ට චෙයා එකෙන් නැගිටින ගමන් කිව්වේ ෆුල් කන්ෆියුස් ෆීලින්ග් එකකින්...දෙයියනේ මන් හීනයක්වත්ද මේ දකින්නේ....

"ජිමින් මොකද මේ...ඊට වඩා කාගෙන් පමිෂන් අරන්ද අහන්නෙවත් නැතු...

මට කියල ඉවරකරගන්න උනෙත් නෑ අඩියට දෙකට මගෙ ළගට ආපු ජිමින් මගෙ උරහිස් දෙකෙන් අල්ලන් එහෙම්ම මාව එතනම පිටිපස්සෙ වෝල් එකට තද කළේ මාවත් මොහොතකට උපරිමේටම කම්පනයට පත්කරන ගමන්...

"තමුසෙ...තමුසෙ මට මේ මොකක්ද කළේ කියනවා යෝරා...තමුසෙ මට මේ මොනවද කළේ...

මගෙ උරහිස් දෙකත් එයාගෙ ශක්තිමත් අත් දෙකින් වෝල් එකට තද කරන්ම එයා කෑ ගහලා වගේ කිව්වේ වේගෙන් හුස්ම ගන්න ගමන්මයි ...මන් එතකොටයි දැක්කෙ එයාගෙ ඇස් දෙකත් එක්කම ලොකු මහන්සියකින් ගැහෙන ගමන් තිබ්බේ...වෙනද වගේම එයාගෙ ඇස් වල ඇදිල තිබ්බෙ නපුරු බැල්මක්  උනත් අද ඒ නපුරු ඇස් අස්සෙ මොකක්දෝ වෙනස් හැගීමකුත් ඇදිල තිබ්බා කියලමයි මට දැනුනෙ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now