මන් හිතන අස්සෙම එයා ආයෙමත් බෙඩ් එක පැත්තට යනවා ඇස් අගින් වගෙ දැක්ක නිසා මන් ඉක්මනින් එයාට කතා කළේ බැන්නත් කමක් නෑ මට නැගිටින්න හෙල්ප් එකක් ගන්න හිතාගෙන...ඇයි ඉතින් නැත්නම් මුළු රෑම මට මෙතන තාම ඉන්න වෙන්නේ රූම් එකට අජුම්මා කෙනෙක් එනකන්🥲...

"ම්....මේ ජිමින්...

ආහ්හ් මේ නපුරු පාත්තයා ඇහුන්නැති ගාන්ට අල ගෙඩි පස්සත් හොලෝ හොලෝ යන හැටි😒....

"ජිමින්!!!!...

එයාගෙන් රිඇක්ට් එකක් තිබ්බෙ නැති නිසා මන් ආයිත් පුලුවන් හයියෙන් කෑගහලා එයාට කතා කළා...

"ආයිශ් තමුසෙගෙන් තියන වදයක්...

පුප්පලා කිව්ව එයා එයාගෙ අතේ තිබ්බ ෆෝන් එකත් බෙඩ් එකට විසික් කරලා අනිත් පැත්තට පුපුර පුපුරම මන් ගාවට ආවා...

අනේ ඇත්තමයි මේ නපුරු පාත්තයා ගහගන්න වගේ වර්ශන් එකෙන් එන විදිහට මාව උස්සලා අරන් ගිහින් රූම් එකෙන් එළියට දයිදත් මන්දා🙂...

මට එච්චරයි හිතන්න උනේ මේ නපුරා මාව පිහාටුවක් තරම්වත් බරක් නැති දෙයක් උස්සනවා වගේ මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සලා මාව අරන් ඇවිත් බෙඩ් එකෙන් තිබ්බා...බෙඩ් එකෙන් තිබ්බත් නෙවෙයි මේ නපුරු පාත්තයා මාව බෙඩ් එකට දැම්මා😒...අනේ ඇත්තමයි මේ නපුරා ජෙන්ටල් කියන වචනේ තේරුමවත් හරියට දන්නැද්ද කොහෙද...අතින් අල්ලද්දි අල්ලන්නෙත් මිරිකලමයි...අද රූෆ්ටොප් එකේ ඉදන් මාව උස්සන් ආවෙත් හරියට පිටි ගෝනියන් කරේ තියන් එනව වගේ....කොහොමත් ඉතින් අන්ඩර්වර්ල්ඩ් එකේ බ්ලැක් කින්ග්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ😒...

"මොකෝ තමුසේ ඒ ගමන රවන්නේ😑?...

අෆ්ෆා ඒ අස්සෙ මන් නපුරු පාත්තයාට රවලත් එක්කද...දන්නෙත් නෑ මන්😒...

"ආසාවට...මගෙනෙ ඇස් දෙක...ඉතින් මට ආස දෙයක් කරන්න පුලුවන්නේ...

මුරණ්ඩු කමේම නෝක්කාඩු බැල්මක් දාලා කිව්ව මන් අත් දෙකත් පපුවට කරල බැදන් වෙන පැත්තක් බලාගත්තා...

"තමුසෙට නැගිටගන්න පණ නැති උනාට කට නම් තියෙනවා ඔක්කොටම හරියන්න...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now