"ම්...මොකකින් බේරගන්නද එතකොට ඔයාව මැරි කළේ ජිමින්...

මොකක්දෝ හේතුවකට කෑ ගහලා අඩන්න ඕන තරමේ වේදනාවක් දැනෙද්දි මන් අමාරුවෙන් උනත් වචන එකතු කරන් ඇහුවේ මටත් නොදැනිම ආයෙමත් සැරයක් මගෙ ඇස් වල කදුලු පිරෙන්න ගන්නව වගේ දැනෙද්දි...

"තමුසෙට මතකද තමුසෙ මාව එක දිගට තුන් පාරක් හම්බුවෙන්න ආවා කියලා...

"ඔ...ඔව්...ඒත්...ඒත් එදා හන් ගග ගාවදි මට ඔයාව මීට් උනේ අහම්බෙන් වගේ...එදා මන් ආවේ ඔයාව මීට් වෙන්න හිතන් නෙවෙයි...

"හරි කොහොමහරි...තමුසෙ මාව එකදිගට එහෙන මීට් වෙද්දි තමුසෙ හිතුවද තමුසෙට නිදහසේ ඉන්න හම්බුවෙයි කියලා...

"ම්...ම්වෝ?...

"ඉම් යෝරා තමුසෙ හොදටම දැනන් හිටියා මන් අන්ඩවර්ලඩ් එකේ බ්ලැක් ඩ්‍රැගන් කියලා...තමුසෙ හිතුවද අන්ඩවර්ලඩ් එකෙ මාෆියා කින්ග්ව එක දිගට තුන් පාරක් කෙල්ලෙක්ව මීට් වෙන්න ගද්දි මගෙ එනමීස්ලා නිකන් ඉදී කියලා ආ...තමුසෙ නොදැන හිටියට තමුසෙ එදා මාව හොටෙල් එකේදී මීට් උනු දවසෙත් තමුසෙගෙ ජීවිතේ තිබ්බෙ ලොකු රිස්ක් එකක යෝරා...මන් එදා තමුසෙ යද්දි තමුසෙගෙ පස්සෙන් මගෙ ඩ්‍රැගන්ලා එව්වෙ නැත්තන් තමුසෙ හිතනවද තමුසෙට තමුසෙගෙ මැන්ශන් එකට අඩිය තියාගන්නවත් පුලුවන් වෙයි කියලා ආ...

එයා කිව්වේ ආයෙමත් සැරයක් එයාගෙ කට කොනේ රැදුනු නපුරු හිනාවත් එක්කමයි...

"තමුසෙ එදා දවසෙ ඉදන් මේ අද වෙනකන් ජීවත් වෙන්නෙ මන් නිසා යෝරා...මොකද තමුසෙ දැන්ටමත් මගෙ තරහකාරයොන්ගෙ ඉලක්කයක් වෙලා ඉවරයි තමුසෙ නොදන්නව උනාට...

"එ...එතකොට ඔයා මාව මැරි කළේ මාව බේරගන්න නම්...ඇ...ඇයි මාව බේරගන්න මෙච්චර දෙයක් කළේ?...ඇයි...ඇයි මාව බේරගත්තෙ එතකොට...ම්...මොකක්ද හේතුව?...

හිතට දැනෙන්න අරන් තිබ්බ වේදනාවට උගුරත් එක්කම හිරවෙලා යනව වගේ දැනෙද්දි මන් ඇහුවේ කෑ ගහලා අඩන්න ඕනි තරමේ වේදනාවකින්...

"අන්න ඒකයි පොයින්ට් එක යෝරා...ඒ වෙන එකියක් නොවී තමුසෙම උන එකයි මෙතන ලොකුම ප්‍රශ්නෙ උනේ...තමුසෙ නිකන්ම එකියක් නෙවෙයි යෝරා තමුසෙ මගෙ ජීවිතෙයි මගෙ නන්ගිගෙ ජීවිතෙයි දෙකම බේරගත්තා...ඒකයි තමුසෙව මට දැන දැනම මැරෙනවා බලන් ඉන්නව බැරි උනේ...ඒකයි මේ හැම දේකටම මුල උනේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now