කකුළෙ හිරි අඩුවෙනකන් විනාඩි පහක් විතර බෙඩ් එකේ ඉදගෙන ෆෝන් එක ඔබ ඔබා හිටපු මන් කකුළෙ හිරි අඩු උනා කියලා තේරුනත් එක්කම ෆෝන් එකත් පැත්තකින් තියල නැගිට්ටේ මොනවහරි බොන්න දෙයක් ඕඩර් කරන්න ලෑන්ඩ් ෆෝන් එක ගාවට යන්න උනත් ග්ලාස් වෝල් එක ආවරණය කරල තිබ්බ හුළගට එහෙමෙහෙ වෙනගමන් තිබ්බ වයිට් කලර් කර්ටන්ස් අතරින් ජිමින් බැල්කනි එකේ ඉන්නව දැක්ක නිසා මන් කෝල් එක ගන්න එක පැත්තකින් තියලා එයාගෙ තුවාලෙ දැන් කොහොමද කියලා දැනගන්නත් එක්ක බැල්කනි එකට ආවා...

"දැන් කොහොමද තුවාලේ?...

ෆෙන්ස් එක ගාවට වෙලා අත් දෙකත් එයා ඇදන් හිටපු බ්ලැක් කලර් ශෝට් එකේ සාක්කු දෙකට දාගෙන පහළින් පේන මුහුද දිහා බලන් හිටපු එයා ගාවම ෆෙන්ස් එකේ එහා පැත්තට ආපු මන් ඇහුවේ එයා ඇදන් හිටපු ග්‍රේ කලර් ස්ලීව්ලස් ටී එක අතරින් පෙවුනු බැන්ඩේජ් එක දිහාට ඇස් යවන ගමන්...

මන් ඇහුවත් උත්තරයක් නොදුන්නු එයා ඇස් අගින් වගේ මන් දිහා කෝල්ඩ් බැල්මකින් බලලා ආයිත් මූණ උස්සලා මුහුද දිහාට ඇස් යොමු කළා...

"යා මන් දෙයක් ඇහුවා ජිමින්😒...ඔය කටින් වචනයක් දෙකක් කතා කළා කියලා මුකුත් වෙන්නෑ😒...

අනෙ ඇත්තමයි මේ නපුරා උත්තර දෙන්නැති හැටියක්😒...ඉන්නකො මන්ම උත්තර එළියට ගන්න...

එහෙම්ම අනිත්පැත්තට එයාගෙ පිටිපස්සට ආපු මන් එයාගෙ බඩ වටේ අත දාලා එයාව හග් කළේ එයාට හොද පාඩමක් උගන්නන්න උනත් එයාව බැක් හග් කළා විතරයි මට ඕනි උනේ එහෙම්ම ඉන්න...එයාව හග් කරපු විනාඩියට මන් ඇයි මෙච්චර ඉමෝෂනල් උනේ කියලා මටම හිතාගන්න බැරි උනා...

"ය්...යෝරා තමුසෙ...

"ප්ලීස් මට මෙහෙම විනාඩියක් ඉන්න දෙන්න ජිමින්...ප්ලීස්...

මොකක්දෝ හේතුවකට හාට් එකත් වේගෙන් ගැහෙන අස්සෙන්ම කිව්ව මන් මගෙ මූණ එයාගෙ කොන්දෙ තියාගෙන මොහොතකට ඇස් පියාගත්තා...

හැබැයි ජිමින් උනත් මාව එහාට කරන්න හැදුවෙ නෑ...මන් හිතන්නෙ එයත් එකපාරටම මොකක්ද ඒ උනේ කියලා ප්‍රොසෙස් කරගන්න ගමන් වෙන්න ඕනි ඉන්නේ...

"මට ගොඩක් පාළුයි ජිමින්...

මොකක්දෝ හේතුවකට මගෙ ඇස් වල කදුලු පිරෙනව දැනෙද්දි මන් මිමිණුවේ අඩන්න ඔන්න මෙන්න වගේ හඩකින්...ඇයි කියාගන්න දන්නැති උනත් එයාගේ උණුහුමේ මෙහෙම ඉද්දි මට කෑ ගහලා අඩන්න ඕනි තරමේ හැගීමක් දැනෙන්න අරන් තිබ්බේ...

මන් කිව්වත් එයාගෙන් කිසි උත්තරයක් ලැබුන්නැති තැන මන් මගෙ ඇස් වලින් පහළට වැටෙන කදුලු අස්සෙන්ම එයාගෙ උණුසුම් ශක්තිමත් පිටේ මූණ හන්ගගත්තේ අඩ අඩාමයි...

"මන් දන්නෑ ඔයා මේ කරන්නේ මොනවද කියලවත් ජිමින්...මන් දන්නෑ ඇයි ඔයා මාව මැරි කරලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලවත්...අඩු ගානෙ...අඩු ගානේ ඔයා මන් දිහා කිසිම හැගීමකින් බලනව මන් දැකලවත් නෑ ජිමින්...ඇත්තටම ඔයාට මගෙන් මොනවද ඕනි ම්ම්...ඔයාට ඕනි මාව මෙහෙම ආගන්තුකයෙක් ගාන්ට තියන් මට රිද්දන්නද...

මන් ඇහුවෙ අඩ අඩාමයි...

"ඇයි ඔයා උත්තර දෙන්නැත්තේ ජිමින්...මොනවද ඔයා මගෙන් හන්ගන්නේ ආ...මොනවද ඔයා මේ මැරේජ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ...

එයාගෙන් කිසිම උත්තරයක් නැති තැන මන් ආයෙමත් ඇහුවේ ඉස්සෙල්ලටත් වඩා අඩන ගමන්...එයාගෙන් කිසි උත්තරයක් නැති තැන මට දැනුනෙ කියාගන්න බැරි තරමේ වේදනාවක් අසරණ කමක්...

මන් ඇහුවත් එක්කම අනිත් පැත්තට එයා එයාගෙ බඩ වටේ එතිල තිබ්බ මගෙ අත් අයින් කරලා කෙළින්ම මගෙ පැත්තට හැරුනු නිසා මන් ඇස් වල පිරුණු කදුලු අස්සෙන්ම එයාගෙ ඇස් දිහා ඇස් උස්සලා බැලුවේ තාමත් අඩුවක් නැතුව ඉකි පිටවෙන අස්සෙමයි...

"ඇයි ඔයා මේ කරදරේට පැටලුනේ යෝරා ආ...වේ?...

_________________________________________

ඊයෙම මේකත් ඩබල් අප්ඩේට් එකක් විදිහට දෙන්න හිටියෙ ...ඒත් කවුරුත් ඊයෙ වෝට් ගෝල් එක කම්ප්ලීට් කරල තිබ්බෙ නැති නිසා ආයිත් දුන්නෑ ඉතින්😗...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now