මන් මූණ හෝදන් එන්න ගිය ටිකට මේ නපුරා ආයිත් කොහෙද අන්තරස්දහන් වෙලා ඒ අස්සේ...අනේ ඇත්තමයි ඒ ටිකට කොහේ ගියාද ඒ ගමන...බඩගිනිත් එක්ක ඒ අස්සේ🥲😒😐...

එයා එනකන් කියල විනාඩි දෙක තුනක් හිටියත් එයා එනපාටක් තිබ්බෙ නැති නිසා අන්තිමට මන් කොන්ඩෙත් පීරගෙන පෝනිටෙල් එකක් දාගෙන එහෙම පඩිපෙල් ටික බැහැලා ඩයිනින් හෝල් එකට ආවා...

මන් යද්දිත් ජිමින් මෙන්න කෑම කන්නත් පටන් අරන්🥲😒...අනේ ඇත්තමයි මේ නපුරා එනකන් බලන් හිටිය නම් මට කන්න වෙන්නේ රෑ මැද තමයි😒...

සුප් එකකට වගකියන ගමන් හිටපු එයාටත් රැවිල්ලක් දාලා ජියා දිහා බැලුවමයි දැක්කේ ජියා ටේබල් එකේ චෙයා එකකටත් අත තියන් මේකට මන් එකක් ගහනවද නැත්නම් හොදවයින් එකක් කියනවද කියලා අහන සැර බැල්මකුත් දාන් සුප් එක බොන ජිමින් දිහා කන්න වගේ බලන් ඉන්නවා...

"ජියා...

"අ...ආ ඔයා ආවද...

මන් කිව්වමයි ජියා පියවි සිහියට ආවේ...

"එන්න එන්න...මන් මේ ඔයා එනකන් හිටියේ...

එහෙම්ම මාව අතිනුත් ඇදන් ජිමින් ගාවට එක්කන් ගිය ජියා ජිමින්ගෙ එහා පැත්තෙ චෙයා එක ඇදලා බලෙන්ම වගේ මාව එයා ගාවින් ඉන්දුවා...

අනේ ඇත්තමයි ජියා දැන් ඔයා ඔය කරන වැඩෙන් වෙන්නෙ මට කන්න තිබ්බ පිරියත් යන එක😒🥲...කෝ ඉතින් මේ මැට්ටිට ඕක කියන්නයැ🥲...කමක් නෑ...දැන් ඔන්න ඔහේ වාඩි කෙරෙව්ව එකේ මෙහෙම්ම ඉදන් කනවා...

ඒ අස්සෙ මන් දැක්කා ජියා ආයෙමත් සැරයක් ජිමින්ට රැවිල්ලක් දාගෙනම ගිහින් ජිමින් වාඩිවෙලා හිටපු චෙයා එකට මුහුණලා තිබ්බ චෙයා එකෙන් වාඩි උනා...

ශුවර් එකටම ජිමින් තනියම ඇවිත් කන්න ගත්ත නිසා වෙන්නැති ජියා මේ තරහෙන් වගේ ඉන්නේ😗...

කෑම කන අතරතුර මායි ජියයි නම් එකේකේවා කියො කියො කෑම කෑව උනත් ජිමින් නම් නෙවෙයි විනාඩියකටවත් කට ඇරියෙවත්...මේ නපුරා සාගතේට අහුවෙලා ඉදලද මන්දා මන් ආපුවෙලා ඉදන් කනව කනව ඉවරයක් නෑ😗...මේ නපුරා කෑම එකට මූණ ඔබන් කන විදිහට මොකක් හරි මැටි වැඩක් කරන්නමයි අප්පා හිතෙන්නේ🥹...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now