ඩිනර් එක ගන්න අස්සෙවත් ජිමින් ඩවුන්ස්ටෙයා එකට එයිද කියල හිතුවත් ම්හ්😒....අඩු ගානේ වතුර එකක් බොන්නවත් ඩවුන්ස්ටෙයා එකට ආවෙ නෑ එයා....

කොහොමත් මන් ඉන්න නිසා කේන්තියටම එනකන් නෑ එයා දැන්🙂....

"මොනවද අනේ ඔයා ඔච්චරටම කල්පනා කරන්නේ....ඉස්සෙල්ල ඩිනර් එක ගන්න වෙලෙත් ඔයා එහෙමයි කනවටත් වඩා මොනවදෝ ලොකු දෙයක් හිත හිතා හිටියේ....

ජියාගෙ බෙඩ් එකේ වාඩිවෙලා එයාගෙ බූල් කිටියව උකුළට අරන් අතගගා කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවේ ජියාගෙ කටහඩට....

"අ....ආ මේ....අපෙ කම්පනි එකේ පොඩි දෙයක් ගැන හිත හිතා හිටියෙ මන්....ඒක නෙවෙයි ඔයාගෙ ඔප්පා ටිකක් සයිලන්ට් කෙනෙක් වගේනේහ්....

ජියාගෙන් ජිමින් ගැන විස්තර ටිකක් දැනගන්න තිබ්බ ඕනිකම නිසාම මන් ඇහුවේ ලොකු කුතුහලේකින්....

"පොඩි කාලෙ නම් නෑ අනේ ඔය දැන් තමයි....

ලොකු බර හුස්මක් පාත දාලා ජියා ඒක කිව්ව විදිහට නම් මට මොකක්දෝ අමුත්තක් දැනුනා....

"ඒ කියන්නේ?....

"ඔම්මයි අප්පයි නැති උනාට පස්සෙ අපි දෙන්නා පොඩි කාළෙ හැදුනෙ අපෙ සම්චොන් ගාව....එදා ඉදන් තමයි මේ ඔක්කොම....

ජියා ඒක කිව්වේ යම්තාක් දුරකට ලොකු හිතේ බරකින් වගේ....ඒ කටහඩෙ ලොකු කළකිරීමකුත් නොඅඩුවම තිබ්බ නිසා මට ජිමින් ගැන දැනගන්න තිබ්බ ඕනිකම තවත් වැඩි උනා....

ඉස්සර ඉදන්ම මායි ජියයි ඕනි දෙයක් කතා කරගන්නව උනත් කවදාවත් ජියා මීට කලින් එයාට ඔප්පෙක් ඉන්නව කියල තිබ්බත් ඒ ගැන ලොකු විස්තරයක් කියල තිබ්බෙ නෑ....ඒ නිසයි මන් අඩු ගානෙ ජියගෙ ඔප්පගෙ නේම් එකවත් දැනන් හිටියෙ නැත්තෙ....

"ජියා....

"ම්ම්?....

"ඔයාට අපහසු නම් කියන්න ඕන්නෑ....අපි වෙන දෙයක් ගැන කතා කරමු ම්ම්....

ජිමින් ගැන දැනගන්න ලොකු කුතුහලයක් තිබ්බත් ඒ කුතුහලේ මන් හිත අස්සෙම හන්ගගන්න ගමන් ජියාගෙ උරහිසට තට්ටුවක් දාලා කිව්වේ ජියාට ජිමින් ගැන කතා කරන එක අපහසුයි වගේ කියල හිතුනු නිසා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now