"ඔයා මොකද්ද කියන්නේ?....ඔයාට ගන් ශොට් එකක් වැදිල තියෙන්නෙත්🤨....ඊට වඩා ඒකෙන් ලේත් එනවා ඔය....

මාත් ටිකක් නෝක්කඩුවෙන් වගේ කිව්වේ මේ මනුස්සයා මේ මොන පිස්සුවක්ද මේ කියවන්නෙ කියල හිතාගන්න බැරි උනු නිසා....

"රූම් එකේ සේලයින් වෝට තියනවද?....

මන් අහපු දේට උත්තරයක් නොදීම එයා එයාගෙ බ්ලැක් කලර් ඔෆිස් ට්‍රවුසර් එක අස්සෙන් බ්ලැක් කලර් මොනවදෝ දාපු පවුච් එකක් ගන්න ගමන් ටිකක් සැර බාල කරපු හඩකින් ඇහුවේ රූම් එක පුරා ඇස් ගෙනියන ගමන්....

"ඔව්?....ඒත් ඇයි අහන්නේ😐?....

"ඒක මට ඕනි....ගෙනත් දෙනවා ඒක....

එයා ඒක කිව්වේ ලොකු සැර හඩකින් නොවුනත් මට එයා ඒක කිව්ව විදිහ නම් එච්චර ඇල්ලුවෙ නෑ....ඊට වඩා එයා කොහොමද මට එහෙම කමාන්ඩ් කරන්නේ😑....

"මේ මිස්ට තමුන් මොනවගේ කෙනෙක්ද කියන්න නම් මන් දන්නෑ....ඒත් ඔක්කොටම කලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගෙන ඉන්න😑....ඊට වඩා මොන එහෙකටද ඔයාට සේල....පොඩ්ඩක් ඉන්න දැන් ඔයා කියන්න හදන්න එපා ඔයා ඔයාගෙම තුවාලෙට බෙහෙත් දාගන්න යන්නෙ කියලනම්😐....

එයා එයාගෙ ට්‍රවුසර් එකෙන් එළියට ගත්ත පවුච් එක ඇරලා ඒකෙ තිබ්බ පොඩි මෙඩිකල් equipments ටික එළියට ගන්නව දැක්කත් එක්කම මන් කියන්න ගියදේත් පැත්තක තියාලා මන් ඇහුවෙ ලොකු පුදුමෙකින්....

"දැන් තේරුනානේ😑....දැන් සේලයින් එක දෙනවා....

මගෙ දිහා ඒ දිගටි නපුරු ඇස් වලින් රවලා වගේ බලලා කිව්ව එයා පවුච් එකයි equipments ටිකයි කොෆි ටේබල් එකෙන් තියලා එයාගේ බ්ලැක් කලර් ලෝන්ග් සිලිව් ශර්ට් එකේ බොත්තම් ටික ගළවන්න ගත්තා....

ඒ ගමන මේ මනුස්සයා මොකටද මේ ශර්ට් එක ගළවන්න හදන්නේ😶....

"ඔ....ඔය මොකද කරන්නේ.....

"ඇයි දැන් තමුසෙ කියන්නෙ මට මේක ඇදන්ම මගෙ තුවාලෙට බෙහෙත් දාගන්න කියලද😑....

ආ ඒක මිසක්....අනේ ඇත්තමයි මේ මනුස්සයා නම් ඉන්නෙ ගම්මිරිස් ගිළලද මන්දා....මොකක් ඇහුවත් පුපුරනවා😑....මේ මනුස්සයා ගන් ශොට් එකක් වැදිලා හිටියෙ එහෙම නැත්නම් අනේ ඇත්තමයි මේ මනුස්සයා මගෙනුයි ශොට් එකක් කන්නේ😒....

"තමුන්ව කැළේමයි දාලා එන්න තිබ්බෙ මට😒....

රැවිල්ලක් දාලා කිව්ව මන් රූම් එකේ තිබ්බ ෆස්ට් එයිඩ් එක ඇරලා ඒකෙන් සේලයින් බොටල් එකකුයි සජිකල් බොටල් එකකුයි පුලුන් පැක් එකකුයි අරන් ඇවිත් එයා ගාවින් කොෆි ටේබල් එකෙන් ගෙනත් තිබ්බා....

මන් ඒ ටික අරන් එද්දි එයා එයාගෙ ශර්ට් එක ගළවලත් ඉවරයි....ආයිශ් මේ මනුස්සයට නම් කිසි ගාණක් නෑ ගර්ල් කෙනෙක් එයාගෙ ඉස්සරහ ඉන්නව කියලවත්😒....

එයාට එයාගෙ තුවාලෙට බෙහෙත් දාගන්න හෙල්ප් එකක් ඕනිද දන්නෑ කියල හිතුනත් එයාගෙ අබ පුපුරන කේන්තිය නිසා මන් ආයිත් මුකුත් නොහාම ගිහින් බෙඩ් එකෙන් වාඩි උනා....කොහොමත් හෙල්ප් එකක් ඕනි නම් එයාට කොහොමත් මට කතා කරන්න වෙනවනේ😒....

එයා ඉස්සෙල්ලම කළේ එයා පවුච් එකෙන් එළියට අරන් තිබ්බ ඉන්ජෙක්ශන් එකක් අරන් ඒකේ කවර් එක කටින් කඩලා ඒකට චූටි කුප්පියකින් මොනවහරි ලික්විඩ් එකකුත් පුරෝගෙන ඒක එයාගෙ අතට ඉන්ජෙක්ට් කරගත්ත එක....අනේ මන්දා එයා ඒක ගහගත්තේ හරියට පුරුදු කාරයෙක් වගේ මට පුදුමත් හිතුනා....ඊට පස්සෙ පවුච් එකෙන් ටැබ්ලට්ස් දාපු චූටි බොටල් එකක් අරන් කොෆි ටේබල් එක උඩ තිබ්බ මන් තාම කැඩුවෙවත් නැති වෝට බොටල් එකක් අරන් ඒකත් කඩලා අර බොටල් එකෙන් ටැබ්ලට් දෙකක් අරන් ඒක උගුරට බිව්වා....මන් හිතන්නේ ඒක නම් පෙයින් රිලීවර් ටැබ්ලට්ස් දෙකක් වෙන්න ඕනි....

ඒත් එක්කම ඊළග විනාඩියේ මටත් නොදැනිම මගෙ ඇස් නතර උනේ එයාගේ මස්කියුලර් බවින් පිරුණු පපුවේ....වාව්....එයාගෙ පපුව මාරම මස්කියුලර්....ඒත් එක්කම මගෙ ඇස් ගියේ එයාගෙ පපුවේ රයිට් සයිඩ් එකේ අයිනට වෙන්න තිබ්බ දැනටමත් සම්පූර්ණයෙන්ම සුවවෙලා කැළලක් හිටලා තිබ්බ කැපුම දිහාට....ඕ ගෝඩ් එයාගෙ බෙල්ලෙන් චුට්ටක් පහළට වෙන්නත් මොකක්දෝ තුවාල කැළලක් තියෙනවනේ....ඒක නෝට් උනත් එක්කම මන් එයාගෙ ඇග දිහා හොදින් බැලුවේ හිතට ආපු කුතුහලේ නිසා....ඕ ගෝශ් එයාගෙ ඇබ්ස්😶....එ....ඒවා එයිට් පැක්....

මට හිතන්න උනේ එච්චරයි මන් ගැස්සිලා වගේ පියවි සිහියට ආවේ එයා සෝෆා එකෙන් නැගිට්ටා කියල දැනුනු පාරට....

_________________________________________

කතාව interesting කියලා හිතෙනවද ගායිස්🤔....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම වෝට්ස් කමෙන්ට්ස් කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි🍇....









~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now