"අජුම්මා බඩගිනී අනේ....මට රාමෙන් එකක් හදල දෙන්නකො....

කිචන් එක අස් කරන ගමන් හිටපු අජුම්මා කෙනෙක් ගාවට ආපු මන් කටත් උල් කරන් බඩත් අත ගගා කිව්වා....

"අනේ බේබි බේබි දවල්ට කෑවෙ නැද්ද එතකොට....

"නෑනෙ අනෙ....අද ලන්ච් එක පොඩ්ඩක් මිස් උනා....ඒකයි....

කිචන් අයිලන්ඩ් එක උඩින් වාඩි උනු මන් කකුල් දෙකත් පද්ද පද්ද කිව්වා....

"අනේ ඉතින් රාමෙන් කාල හරියනවෑ බේබි....ඉන්නකො මන් ඉක්මන්ට බේබි ආස කෑමක් හදල දෙන්නම්.....

"අයියෝ එච්චර මහන්සි වෙන්න ඕන්නෑ අනේ....මට එහෙමත් කියල ලොකු බඩගින්නකුත් නෑ....

"අනී අනී....ඉන්නකො මන් ඉක්මන්ට බේබිට රස කෑමක් හදල දෙන්නම්....

මගෙ කම්මුලකට පරිස්සමින් තට්ටුවක් දාලා හිනාවෙලා කිව්ව අජුම්මා ඉක්මනින් අඩියට දෙකට ෆ්‍රිජ් එක පැත්තට ගියා....

පව් අජුම්මලා තාම මට සළකන්නේ පොඩි බබෙක්ට වගේ....සමහරවිට මන් පොඩි කාලෙ ඉදන් අජුම්මලත් එක්ක හැදුනු නිසා වෙන්නැති....

මොකද පොඩි කාලෙ ඉදන් ඔම්මයි අප්පයි බිස්නස් නිසා ගොඩක් බිසී අය උනු නිසා මන් ගොඩක් හැදුනෙ මැන්ශන් එකේ හිටපු අජුම්මලා ගාව....ඒ නිසාම මට පොඩි කාළෙ ඉදන් ඔම්මටයි අප්පටයිත් වඩා අජුම්මලාට ගොඩක් එකතුයි....එයාල උනත් මට පොඩි කාලෙ ඉදන් එයාලගෙම දරුවෙක්ට වගේ සැළකුවෙත්....

අජුම්මා එක්ක මන් බර කතාවක් දාන් හිටපු නිසාද කොහෙද අජුම්මා කෑම ටික හදල ඉවරවෙනවා මට දැනුනෙවත් නෑ....

ඕ ගෝඩ් කතාවෙන් කතාවෙන් මන් දන්නෙත් නෑ අජුම්මා කෑම ගොඩාරියක් හදලත් එක්ක....

චීස් උඩින් දාලා රතුම රතු පාටට හදපු ත්තොක්බොක්කියි,රසම රස පාටට හදපු බ්ලැක් බීන් නූඩ්ලසුයි,කර කරස් ගාලා හැපෙන්න හදපු ෆ්‍රයි කරපු චිකනුයි ශ්‍රිම්පුයි,රසම රස පාටට හදපු පෝක් කට්ලටුයි තව අජුම්මා දම් පාට බතුත් හදලා....

මන් ඩයිනින් රූම් එකට එද්දි අජුම්මා කෑම ටික ටේබල් එකට ඇරලත් ඉවරයි....

~THE ONE~||PJM||[Sinhala ff]✅Onde as histórias ganham vida. Descobre agora