chapter 42

37 16 0
                                    

කලින් එකක් දැම්මා... බලන්න..

_____________________________

ඇමිටිවිලාහි ඇති මහජන පුස්තකාලයට ජිසා පිවිසෙද්දී පස්වරු එකට ආසන්නව තිබිණි. මේ, ඇය මෙම ස්ථානයට පැමිණි ප්‍රථම වතාවයි. මහා සාර සුබාවට නොවුවත් මෙවත් පෙදෙසකට අනුරූපව එය හොද පුස්තකාලයක් බවට බැලූ බැල්මට ජිසාට වැටහිණි.

ඇය හිමින් සීරුව එ තුළට පිය මැන්නාය. බැහැර දෙන අංශයේ පොත් තෝරමින් කීප දෙනෙකු සිටි බව ඇයට පෙනිණි. ඊට එහායින් වූයේ විමර්ශන අංශයයි. පොත් ගොඩවල් පිටින් තමා ළඟ තබා ගනිමින් විවිධ කරුණු සටහන් කරගන්නා කීප දෙනෙක් එහි මේස අසල වාඩි වී සිටියහ. පිටුපසින් ඇසුණු හඬින් ජිසා එකවරම හැරි බැලුවාය.

"හලෝ.....මම මිසිස් මැරියට්........මං තමයි මෙතන බලා කියා ගන්නේ...........හරියටම කීවොත් මං තමා මේක ලයිබ්‍රේරියන්..... "

තවමත් තමා කවුදැයි හඳුන්වා දීමට නොහැකි වීම ගැන ජිසා තුළ ඇති වූයේ කලබලයකි.

"අනේ සොරි.... මම ජිසා.... යූජිසා පාර්ක් "

" හලෝ ජිසා....මං ඔයාව මෙහෙදි වැඩිය දැකල නැහැ...... "

"වෙන්න ඇති.......අපි මෙහෙ පදිංචියට ඇවිත් එච්චර කාලයක් නැහැ "

" ඕ....හරි හරි..... මං හිතනව ඔයාට මේ පුස්තකාලෙන් වැඩක් වේවි කියල ආ...... මට පුළුවන්ද ඔයාට උදව් කරන්න. ''

ජිසා මඳ වේලාවක් කල්පනා කළාය. මැය බොහෝ කාලයක සිට මෙහි වාසය කරන්නියක් විය යුතුය. එසේ නම් ඇය හිසැකවම අංක 112 නිවස ගැන දැන සිටිය යුතුය. මැය තමාට අවශ්‍ය තොරතුරු නොමසුරුව ලබා දෙනු ඇත.

" ම්ම්... ......... ඔව් මං හිතන්නේ....... මට විස්තර වගයක් දැනගන්න ඕනෙ වෙලා තියෙනව......."

" මොනවා ගැනද... අපේ රෙකෝඩ්ස්වල තියෙන දෙයක්නං , මේ පුස්තකාලෙ තියෙන දෙයක් නං ටක් ගාල හොයලා දෙන්නං "

"මට දැනගන්න ඕනෙ වෙලා තියෙනවා ගෙයක් ගැන"

"ගෙයක්... "

" ඔව්... ඕශන් ඇවිනියූ වල තියෙන ගෙදරක්... "

" ඕශන් ඇවිනියු... 😳😳😳 .ම්ම්...ම්ම්..... කොයි හරියෙ වගේද... "

" නොම්බර 112... ඩිෆෝ පවුල හිටපු ගෙදර... "

මැරියට් මහත්මිය එකපාරටම නැවතී ගල් ගැසුනාක් මෙන් ජිසා දිහා බලන් ඉන්න උනා... මද වෙලාවක් එසේ සිටි ඇය නැවත සිය හඩ අවදි කලා ය...

" ඕ... මයි... ගෝඩ්...... අර මිනීමරුවාගෙ ගේ.... ඔයා දන්නවා ඇතිනෙ විස්තරේ... "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Tahanan ng mga kuwento. Tumuklas ngayon