Chapter 12

48 13 0
                                    

විවිධ බඩු මුට්ටු, ලී බඩු, පෙට්ටි, සඟරා, බෝතල් මේ ආදී කී නොකි ලට්ට ලොට්ටවලින් එය පිරී ඉතිරි තිබුනා.

" හාපෝ.. තනිකර පිස්සන් කොටුවක්... කොහෙන් පටන් ගන්නද මන්ද. "

ඇය තමාටම කියා ගත්තාය. මඳක් ඒ තුළ සක්මන් කිරීමෙන් අනතුරුව අස්පස් කිරීම සිදු කළ යුත්තේ මේ මේ ලෙසි නැයි ඇය තීරණය කළාය.

'' ගිහිල්ල වෙන ඇඳුමක් දාගෙන, කැසට් එකත් අරගෙන එන්න ඕනෙ... "

ඒ අනුව කැති නැවත බිම් මහලට ආවේ සැහැල්ලු ටී ෂර්ට් එකකින් සහ කොට කලිසමකින් සැරසීගෙනයි. ඇගේ එක් අතක කැසට් යන්ත්‍රය ද විය. තමා කැමැති කැසට් පටයක් එයට දමා කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කළ ජිසා සිය කාර්යය ඇරඹුවාය..

හෝරාවක් පමණ ගත වෙද්දී බිම්හල යම් තත්ත්වයකට ගෙනෙන්නට ඇයට හැකි විය. මේ වන විට ඔවුන්ගේ සුරතලා වූ හැරිද ඇගේ තනියට මෙන් බිම් මහලට බැස ඒ මේ අත සැරිසරමින් සිටියේය.

" හේ... හැරී බෝයි හැඩි කරන්නෙ එහෙම නෑ මං අස්කරපුව...”

ඇය තමන්ගේ සුරතලාට, සුරතල් තර්ජනයක් කළාය. තවත් පැය භාගයක් පමණ ගත වෙද්දී ඇයට අස් කරන්නට තිබුණේ ටින්, බෙලෙක්ක ආදිය තැන්පත් කළ රාක්කයක් පමණි. එම රාක්කයේ බිත්තිය පැත්ත ප්ලයිවුඩ් වැනි විශාල ලැලි ගසා ආවරණය කර තිබින..රාක්කයත්, බිත්තියන් අතර වූ ඉඩෙහි කුණු කන්දල් රැඳී ඇතැයි සැක කළ ජිසා, එම කොටස ශුද්ධ කිරීම සඳහා රාක්කය ඉදිරියට අඳින්නට තැත්කළත් එය මඳක් බර වූ නිසා ඇයට ඒ සඳහා දෙතුන් වතාවක් උත්සාහ කරන්නට සිදු වුනා. එක් වරකට එක් පැත්තකුත් තවත් වරකට අනෙක් පැත්තත් ඉදිරියට අදිමින් තමාගේ උත්සාහය සාර්ථක කරගන්නට ඇය ක්‍රියා කළාය. මද වේලාවක් යාමේ දී මුළු රාක්කයම බිත්තියෙන් ඈත් කර ගැනීමට ඇයට පුදුවන් උනා ඒත්....

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Waar verhalen tot leven komen. Ontdek het nu