chapter 73

42 14 2
                                    

මද වේලාවකින් ජිසා සුව නින්දකට පිවිසුණාය.

ජිමින් තමා හා දරුවන් ඉතා ලස්සන මල් මිටියාවතක් මැදින් ගමන් ගනිමින් උන්හ. ජිසා සිය දරුවන්ට අවට පිපී ඇති මල් වර්ග පිළිබඳ විස්තර කරමින් අවට වට පිටාව ගැන වර්ණනා කරමින් ගමන් ගත්තාය. ජිමින් ඇගේ කරට අතදාගනිමින් ඇය සිය තුරුලට ගෙන සෙමෙන් පියවර තබන්නට වූයේය.

ජීවිතය කොයිතරම් සුන්දරදැයි ජිසාට සිතිණි. හැමදාම මේ වගේ ජීවත් වෙන්නට ඇත්තම්..! දරුවෝ ජිසාටත්, ජිමින්ටත් ඉදිරියෙන් දිව ගියේ සමනලුන් රෑනක් මල් වත්තක් අතරින් පියාඹා යන්නාක් මෙනි. දරුවනුත්, ජිසා හා ජිමින් අතරත් වූ පරතරය ජිමින්ට ගෙන ආවේ දඟකාර හැගීමකි.

" මොකෝ....."

ජිසා ඇසුවේ ජිමින්ගේ අදහස ඉව වැටුණාක් මෙනි.

"මොනවද බලන්නෙ "

ජිසද් නැවත ඇසූයේ හුරතල් අන්දමටය.

"ඔයාගේ ලස්සන "

"ඇයි.. අදද දැක්කෙ.... ?"

"නෑ.... මේ දැන්... "

( නාකි කෝලං.. 😒.. යාහ් ජිමිනාහ්.. මෙතන පොඩි උන් ඉන්නවා.. ඔය ජිසාටත් එක්ක කියන්නෙ.. 😒)

එසේ කී ජිමින් ඈ වෙත නැඹුරු වී ඇය සිය දෝතට ගත්තේ, මවත් කුඩා දරුවකු හරහට වඩා ගන්නාක් මෙනි.

" ඔය... නිකං ඉන්න කො........ වැටෙයි මාව..."

වචනයකුදු නොදෙඩු ජිමිනා සෙමෙන් කැරකෙන්නට විය. ජිසාට දැනුණේ ඇය ගුවනේ පාවෙන්නාක් මෙන් චමත්කාරජනක හැගීමකි. එක්වරම ඇයට ඇසුණේ ජින් කෑ ගසන හඬයි. ජින්ගේ කැ ගැසීම ජිසාගේ සුන්දර ලෝකයට බාධා කළේය... එදෙස බැලු ජිසා දුටුවේ බියපත් වූ වුවනකින් යුතුව ජින් තමන් දිහා බලන් ඉන්න විදියයි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now