chapter 76

47 15 1
                                    

" ඔව්... මට තේරෙනව... මොකක්ද අපි කරන්නෙ එහෙනං "

" අපි අන්තිම වතාවටත් ෆාදර් ටේහ්‍යුන් ට කතා කරල බලමු "

"ආයෙත් බ්ලෙස් කරව ගන්නද?''

" නෑ... නෑ... අපි එයාගෙන් උපදෙසක් ගමු..."

ජිසාගේත් අනුමැතිය අනුව ජිමින් එවෙලේම දේවගැති ටේහ්‍යුන් ට දුරකථනයෙන් කථා කළේය. ඔවුන්ගේ නිවස ආශිර්වාද ගැන්වීමට දෙවන වර පැමිණ ගිය පසු ඔවුන් දේවගැතිවරයාට කතා කරන ප්‍රථම වතාව මෙය විය.

"හලෝ....ෆාදර් .. "

"හලෝ... කවුද ඔය....."

ජිමින් තමන්ගේ අනන්‍යතාව පැවසූ විට එහා කොනින් මඳ වේලාවක නිහඬතාවක් පැතිරිණ. ජිමින්ගේ නිවසේදීත්, එය ආශීර්වාද ගන්වා පැමිණි විටත් තමන්ට මුහුණ පාන්නට සිදු වූයේ ප්‍රසන්න සිදුවීම්වලට නොවේ. මෙවර මොවුන් කතා කරන්නේ තුමකට ද? තමන්ට මෙවර කුමන ආකාරයේ අත් දැකීමකට මුහුණ දීමට සිදු වේ ද ? දේවගැති ටේහ්‍යුන් ගේ සිතට නැඟුණේ එවැනි ප්‍රශ්න සමූහයකි.

ජිමින් පසුගිය දින කීපයේ සිට මේ දක්වා තමන්ට මුහුණ දීමට සිදු වූ අත්දැකීම් සමූහය දේවගැතිවරයාට පැවසීය. අවසානයට ජිසාට සිදු වූ පුදුම සහගත සිදුවීමට සවන් දීමෙන් දේවගැතිවරයා ද ඉමහත් පුදුමයට පත් විය.

" ෆාදර්... දැන් අපි මොකද කරන්නේ "

සියලු විස්තර පවසා අවසාන ජිමින් දේවගැතිවරයාගෙන් විමසා සිටියේය. තව දුරටත් මොවුන් එම නිවසේ විසීම කිසි සේත්ම නුවණට හුරු නොවේ. ඒ බව ඔවුන්ට පවසාලීම තමාගේ යුතුකමයි.


✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now