Chapter 50

50 17 2
                                    

අනතුරුව ඔහු සිත තුළ පැන නැංගේ අමුතුම ආකාරයේ පැනයකි.

"දෙයියනේ.... ඇයි මං ආපහු ෆාදර්ට කෝල් නොකළෙ...ඇයි මං එයාට ආපහු කෝල් එකක් දිලා, ෆාදර් කියන්න ආවේ මොනවද කියල ඇහුවේ නැත්තෙ? ඒව එහෙමම මගේ මතකයෙන් ඈත් වෙලා ගියේ කොහොමද ? ''

එම ප්‍රශ්නයට පිළිතුරක් තමාට කිසි දිනෙක ඉදිරිපත් කළ නොහැති බව ඒ වෙද්දී ජිමින්ට වැටහී තිබිණි.

" ෆාදර් එදා ෆෝන් එක කට් කළේ මොකද? "

''මං දන්නෙ නැහැ!... ඔයා මම කියන දේ පිළිගනීවිද නැත්ද කියල... ඒත් මං කියන්නෙ ඇත්ත.....මම එදා ලයින් එක කට් කළේ නැහැ.... ඔයාට ඒ විස්තරේ කියාගෙන එනවත් එම ලයින් එක කට් උනා හරිම පුදුම විදිහකට...මිස්ටර් පාර්ක් ඔයාට පේන්නෙ නැත්ද මෙතන වෙලා තියෙන දේ.......මගෙ ෆෝන් එක කට් උනා. ඊටත් වැඩිය පුදුම වැඩේ කියන්නෙ ඊට පස්සේ මට ඔයාටවත්,ඔයාට මටවත් කෝල් කරන්න හිතුණෙ නැත්තෙ මොකද? ඇයි අපි දෙන්නටම ඒක අමතක වුනේ? එහෙමත් නැත්තං ඒක අපිට අමතක කෙරෙව්ව්වද?"

ඉන් පසුව ජිමින් හා දේවගැතිවරයා අතර ඇති වූයේ දීර්ඝ කතාබහකි. තම නිවස යම් අද්භූත බලවේගයක ගොදුරක් බවට පත් වී ඇති බවට සැකයක් නැත. දැන් ඇත්තේ එයට පිළියමක් කිරීමයි. විවිධ කරුණු කාරණා ඒ මේ අත හරවාලමින් කෙරුණු කතාබහේ ප්‍රතිඵලය වූයේ, දේවගැතිවරයා නැවතවරක් නිවස ආශිර්වාද ගැන්වීමට කැමැත්ත පළ කිරීමයි."

කොහොමටත් යක්ෂයට දිනන්න ඉඩ දෙන්න බෑ.... හොඳයි..... මං එන්නං......අපි පුළුවං තරං ඉහළින් ඒ වැඩේ කරමු...."

ජිමින්ගේ විස්තරය අසා සිටි ජිසා සුසුමක් හෙළමින් නැඟී සිටියාය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now