"මේ මොකෝ මෙයාල තුන්දෙනාම අමුතු විදිහක් හදගෙන තියෙන්නෙ නිදා ගන්න...? ඉස්සර ඔහොම නිදා ගන්නෙම නැනෙ.."
සිය නිදියහන වෙතට ගිය ජිමින් බ්ලැන් කට්ටුව ඔසවා එතුළට වැදුණේය. අඩ නින්දේ සිටි ජිසා තම සැමියා යහන් ගත වූ බව ඉව වැටුණු හෙයින්දෝ ඔහු දෙසට හැරී. ඔහු ළය හරහා තම වමත යවා ඔහුට තුරුලු වූවා.ඇය සෙමින් තම හඬ අවදි කළාය.
"දැන්ද ඔයා ආවේ..... වෙලාව කීයද දන්....... "
" දැනුයි වැඩ ටික ඉවර උණේ...දැන් දොළහයි කාලයි. "
"ළමයි බුදිනේ? ඔයා බැලුවද? "
" ඔව්.. මම බලල තමයි ආවේ... ඒක නෙවෙයි දැන් එකල තුන් දෙනාම අලුත් මෝස්තරයක් හොයාගෙන නිදාගන්න..."
'' ඒ කිව්වේ ''
" දැන් එයාල තුන් දෙනාම නිදාගත ඉන්නෙ මෙන්න මෙහෙම"
එසේ කී ජිමින් මුණින් අතට හැරී බඩ ඇඳට තදකොට මඳක් වකුටු වූ ස්වරූපයක් පෙන්නුම් කළේය.
"ආ... ඒ මොන විකාරයක්ද? "
ජිසා අඩ නින්දේම සිනහ මුසු වූවාය.
" ඒක තමයි මාත් හිතුවේ... "
" අනේ මන්දා.... පොඩි ළමයිනේ. ඕව වෙනස් වේවි.... හරි... දැන් අපි නිදාගමුකො.ම්. හෙට උදේට නැගිටින්නත් එපැයි...හබි... ගුඩ් නයිට්.."
"එන්නකො ළඟට.."
ඔවුහු එකිනෙකාට තුරුලුව නිදිලොව වෙත පිවිසෙන්නට මුල පිරූහ. එනමුදු ඔවුන් නොදැන සිටි කරුණක් තිබ්බා ඒ අස්සෙ...
ඔවුන්ගේ දරු තිදෙනා නිදා සිටින ඉරියව්ව වූයේ මීට වසරකට පෙර රොනල්ඩ් ඩිෆෝ අතින් මැරුම් කෑ ඔහුගේ සහෝදර සහෝදරියන් මරුමුවට පත්වී තිබුණු ඉරියව්වම බවයි. පොලීසියෙන් ඔවුන් සොයා ගන්නා විට ඔවුන් මුණින් අතට හැරී මඳ වකුටු වූ ස්වභාවයකින් මියගොස් තිබිණි. කිසිදු හේතුවක් නොමැතිව එදින ද ජිමින්ට මහ පාන්දර ඇහැරුනා. ඔරලෝසුවේ වේලාව පාන්දර 3 ලෙසත් දිස්වී තිබුනා...
_____________________________
හායි...
YOU ARE READING
✞ 𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
Horrorසත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් ගම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ BTS version එක.