chapter 46

39 16 9
                                    

දේවගැති ටේහ්‍යුන් ඒ වෙලාවේ පසු වූයේ පොතක් කියවමිනි.
(a/n : මට මැවිලා පේනවා ඒයි... 😂😂😂. )

මීසම් ගෘහයෙහි සීනුව නාදවනු ඇසුණු දේවගැතිවරයා දොර අසලට දොරෙහි වූ කුඩා සිදුරට ඇස තබා බැලූයේ පැමිණියේ කවුද යන්න සැක හැර දැන ගැනීමටයි.

'' ඕ....මයි ගෝඩ්.....මිස්ටර් පාර්ක් ...... "

දොර විවර කිරීමට පෙර මඳක් තදින් හුස්ම ඉහළ පහළ ගත් දේවගැතිවරයාට, පාර්ක් යුවළගේ නිවසේ දී තමන් ලද අප්‍රසන්න අත්දැකීම සිහියට නැඟිණ.

"මකබෑවෙයං.... මෙහෙ මකබෑ වේ යන්.....''

තමාට එදා ඇසුණු අද්භූත, අමනුෂ්‍ය කටහඬ මේ මොහොතේදීත් ඔහුට ඇසෙන්නාක් මෙන් විය. ජිමින් පාර්ක් මේ පැමිණ සිටින්නේ එම නිවස සම්බන්ධ යම් ගුප්ත සිදුවීමක් නිසා විය යුතු යැයි ඔහුගේ සිතට නැගින...

ඒ අතරෙ පළමු වතාවේ සීනුව නාද කොට ප්‍රතිචාරයක් නුවු තැන , ජිමින්ගේ සුරතේ දබරැගිල්ල නැවා සීනුව සොයා ගමන් කළේය.

"හලෝ ෆාදර්...."

"හලෝ මිස්ටර් පාර්ක්... එන්න වාඩිවෙන්න... "

දේවගැති ගෘහය තුළට පිවිසුණු ජිමින්, දේවගැතිවරයා පෙන්වූ අසුනේ වාඩි වුයේ දේවගැතිවරයා සිය සුපුරුදු අසුනේ වාඩි වූවාට පසුවය.

" ඔව්..මිස්ටර් පාර්ක්....කොහොමද?''

''එච්චරම නරකකුත් නෑ ෆාදර්...ඒත් හොඳටම හොඳත් නෑ..."

" ඒ මොකෝ..... මොනව හරි ප්‍රශ්නයක්වත්ද?''

කෙළින්ම මාතෘකාවට බැසීම මැනවැයි සිතූ ජිමින් දේවගැතිවරයාගේ මතකය අවදි කිරීමට තැත් කළේය.

"ගෙදර ගැන මොනව හරි ප්‍රශ්නකටද?"

ජිමින්ගේ ඇහි බැම විමතියෙන් ඉහළ ගියේය.

"ෆාදර් කොහොමද දන්නෙ? "

දේවගැතිවරයා තම දස්කම ගැන උදම් ඇනීමට තරමේ තත්ත්වයක පසු නොවීය. සුසුමක් හෙළුෑ ඔහු නැවත කතාව ඇරඹීය.

" මට හිතුණ. මට එදාම හිතුන...."

"ෆාදර්?"

" ඔව් මිස්ටර් පාර්ක්.......මං ඒ ගැන කියන්නම්....ඊට කලින් මිස්ටර් පාර්ක් කියන්නකො මොකද උනේ කියල"

ඇමිටිවිලාහි පදිංචියට පැමිණි දා සිට මේ දක්වා තමන්ට අත්දැකීමට වූ සියලු සිදුවීම් ඔහු විස්තර කරන්නට විය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now