chapter 54

42 15 0
                                    

තමා අසලට එන ලෙසට ජිසා ජිමින්ට සන් කළේ මුවින් වචන පිට නොකරමිනි. ජිමින් නැගිට ඇය අසලට ගියේය. එහි හීතල ජිමින්ට වහා දැනිණි.

" මෙතන මාර හීතලයිනෙ. ඒ මොකෝ? "

" ඒක තමයි මං ඔයාට එන්න කීවේ"

එතනත්, මුළුතැන්ගෙයි අනෙක් ස්ථානවලත් කැපී පෙනෙන උණත්ව වෙනසක් තිබිණි.

'' මෙහාට එන්න.. ඔතතටම වෙලා ඉන්නෙ නැතුව. "

"මං ඔයාට කීවේ... මීට ඉස්සරත් ඔහොම වෙලා තියෙනව ඒ විතරක් නෙවෙයි. ඔය වගේ හිටපු ගමන් එක එක සුවඳවලුත් දැනෙනවා... මතකද මං ඔයාගෙනුත් දවසක් ඇහුවේ. ''

තමා යම් සුවඳ විලවුන් වර්ගයක් තවරාගෙන ඇත්දැයි විමසමින් ජිසා තමාව ඉව ඇල්ලූ අයුරු ජිමින්ට සිහිපත් විය.

''ම්..... ඔව්මයි. "

තම නිවසේ වාසය මොහොතින් මොහොත අපිරුවන සෙයකි දෙමහල්ලන්ට දැනුණේ. පෙරදින රාත්‍රී සිදුවීම නැවත සිහිපත් කළ ජිමින්ට ඒ පිළිබඳව තම විමතිය පළ කොට සිටියේය.

"  මට පුදුමෙ ඔච්චර ලොකු සද්දයක් වෙලත් ඔයාට ඇරුණේ නැති එක "

" ඇහැරෙන්න ඉතින් සද්දයක් ඇහෙන්න එපායැ... මටනං කිසිම සද්දයක් ඇහුණෙ නැහැ..."

"  ළමයින්ටවත් ඇහිල නෑ..."

" ජිමින්...මේක සමහර විට ඔයාගෙ හිතේ ඇතිවුණ දෙයක් වෙන්න ඇති... එහෙමත් නැත්තං මේ ගෙදර සිද්ධ වෙන දේවල් බැලුවම,  තවත් හොල්මන් වැඩක් වෙන්න ඇති.... කොහොම උහත් අපි බලමු මේ පාරත් ලෙස් කරලා...''

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now