Chapter 61

45 17 4
                                    

තමන් බලගතු අමනුෂ්‍ය බලවේගයකට යටත් වී ඇති බව දෙදෙනාගේම සිත් පවසන්නට විය. ඔවුන්ගේ මේ සිතුවිල්ලට බාධා පැමිණුණේ එවෙලාවේ සිදු වූ තවත් සිදුවීමකිනි.

දේවගැතිවරයා එදින දහවල් ඔවුන්ට දුන් රිදී කුරුසය, ඔහු පිටත්ව ගොස් සුළු මොහොතකින්ම, දේවගැතිවරයා පෙන්වූ තැන එල්ලීමට ජිසා අමතක නොකළාය. මෙවර ජිමින්ගේ හා ජිසාගේ අවධානය ඒ දෙසට යොමු වූයේ එයින් නැගුණු කිරි කිරි හඩිනි.

ජිමින් හා ජිසා බලා සිටියදීම කුරුසයේ ඉහළින් වූ ඇණය ගැලවී බිමට වැටිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් හා ජිසා බලා සිටියදීම කුරුසයේ ඉහළින් වූ ඇණය ගැලවී බිමට වැටිණි. අනතුරුව කුරුසය උඩු යටිකුරු වී ඔරලෝසුවක බට්ටා මෙන් පැද්දෙන්නට වූයේ ඉතිරි ඇණයේ ආධාරයෙනි. මඳ වේලාවක් එසේ පැදුණු කුරුසය, එක් වරම පණ ආවාක් මෙන්, තමන්ගේ පැද්දීමට මෙතෙක් වෙලා ආධාර කළ ඇණිය ද ගලවාගන වේගයෙන් ගොස් ඉදිරි බිත්තියක වැදී බිම වැටුණේ. කවුරුන් හෝ එය ගලවා විසි කළාක් මෙනි. එහි දෙකොටසක් තැළී ඇඹරි තිබිණි. නැවත පාවිච්චියට යන්නේ නම් එය දිග හැරීමට වෙයි.
ජිමින් එය අතට ගත්තේ ඒ ගැන වැඩි දුර විමසීමටයි.

" ඌහ්.."

කුරුසය ජිමින්ගේ අතින් විසි වී ගියේය.

කුරුසය ජිමින්ගේ අතින් විසි වී ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇයි... ඇයි..මොකද..?"

ජිමින් මුවින් නොබැණ වේදනාවෙන් මිරිකෙමින් කුරුසය ගත් අත ජිසාට විදහා දැක්වූයේය. රත් වූ යමක් ඇල්ලීමේ දී මෙන් අත්ල රත් පැහැ ගැන්වී දිය පට්ටය මතු වීමට පටන් ගෙන තිබිණි. ජිසාගේ සියලු ධෛර්යය බිඳී වැටෙන්නට විය.

ඇයට ඉකිබිඳුණේ නොදැනුවත්මය. ජිමින් වහා ඇය අසලට පැමිණ ඇගේ හිස සිය ළමැදට තුරුලු කර ගත්තේය.

" හරි... ඒ ඔක්කොම හරි ජිසා... ඔයා බය වෙන්න එපා. අපි තව ටිකක් බලමු....මාව විශ්වාස කරන්න... "

________________________________

* දැන ගැනීම පිණිස... 🙂

සාතන් යනු දෙවියන් වහන්සේ මැවූ දේව දූතයන් හතරෙන් එක්කෙනෙකු මොහු නමස්කාරය ඔසවන දේවදූතයා ලෙස කටයුතු කලේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාතන් යනු දෙවියන් වහන්සේ මැවූ දේව දූතයන් හතරෙන් එක්කෙනෙකු මොහු නමස්කාරය ඔසවන දේවදූතයා ලෙස කටයුතු කලේය.එ් නිසා මොහු බයිබලය දැන සිටි .නමුත් සියවස් ගණනාවක් පුරා සාතන් දේවදූතයෙකුට විරුද්ධව කැරලිගැසුවා. බයිබලය පුරාම සඳහන් කළ දුෂ්ටයන් සාතන් විසින් පාලනය කරන නපුරු ආත්ම (මතෙව් 12: 24-27). බොහෝ විද්වතුන් නිගමනය කරන්නේ මෙම ජීවීන් දේවදූතයන් වැටී, යක්ෂයා විසින් ස්වර්ගයෙන් බැහැ . ශුභාරංචිය පුරාවටම, භූතයන් යේසුස් ක්රිස්තුස්ගේ සැබෑ අනන්යතාව දැන සිටින්නා පමණක් නොව, දෙවියන් වහන්සේ ලෙසට තම අධිකාරයට යටත් විය. යේසුස් නිතරම සමච්චල් කළ විට හෝ භූතයන් මිනිසුන්ව මරා දැමුවා.

සාතන් මුලින්ම උත්පත්ති 3 හි සඳහන් වෙනවා පාපයට පාපයට ඇබ්බැහිවූ සර්පයා ලෙස, සාතන් යන නාමය භාවිත නොකරන නමුදු. සර්පයා ලෙස පාපයට පොළබවන ලද්දේ ඔහුය දෙවියන් වහන්සේගේ වචනයට විරැද්ධව ක්‍රියා කීරීමට මනුෂ්‍යාව පොළබවන්නේ ඔහුය.
ඔහු නපුරු,  උඩඟු, කෲර, බියගුළු සහ ආත්මාර්ථකාමී ය. කොන්ද පනනැති එකෙක්ය.

ඒ වගේම සාතන් කියන්නෙ ලස්සන කෙනෙක්... දෙවියන් වගන්සෙ එයාගෙ දේවදූතයාව ලස්සනට මැව්වා කියලාත් කියනවා.


නොදන්නා අය සදහා දැන ගැනීමට කිව්වෙ..🙂🙂

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now