Chapter 25

44 12 0
                                    

දේවගැතිවරයාට ඉන් එහා යමක් කියන්නට ඉඩ නොලැබුණේ ඔහු පවසාගන ආ දෙය නිමා කරලීමට පෙර දුරකථනය විසන්ධි වූ බැවිනි.

''ඒ මොකක්ද උනේ? ......ඇයි ජිමින් ලයින් එක කට කළේ..... "

එහා පැත්තේ සිටි ජිමින්ට තිබුණේ ද එවැනිම පැනයකි.

" මොකද ෆාදර් ලයින් එක කට් කළේ "

ඉන් පසු එවෙලේම වාගේ ජිමින් කීප වතාවක්ම දේවගැතිවරයා ඇමතීමට තැත් කළ ද, දුරකථන සබඳතාවය බිඳී තිබිණි. දේවගැතිවරයාටද වූයේ එයමය. ඔහු ද වාර ගණනාවක් ජිමින් ඇමතීමට තැත් කළ ද රැහැන් විසන්ධි වී ඇති නිසා ඇමතුම ලබා ගත නොහැකි බව කියවෙන පණිවිඩයෙන් ප්‍රශ්නාර්ථයක් ළංකර ගත්තේය.

  කෙසේ වුව ද ජිමින් මේ ගැන තව දුරටත් සිත යොමු කළේ නැත. එය හුදෙක් දුරකථන රැහැන්වල දෝෂයක් නිසා සිදු වූවාකැයි ඔහු සිතීය. එදා නත්තලට පෙර දිනය වූ හෙයින් නිවසේ සිදු කිරීමට ඕනෑ තරම් වැඩ කටයුතු තිබිණි. එහෙත් එදින නගරයේ දුර කථන පද්ධතියේ කිසිදු ආකාරයක දුරකථන රැහැන් විසන්ධි වීමක් හෝ තාක්ෂණික දෝෂයක් හෝ නොතිබුණු බව දේවගැති ටේහ්‍යුන් හෝ ජිමින්  දැන සිටියේ නැත.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now