Chapter 36

41 16 7
                                    

ජිමින් නිදාගත්තාට පස්සෙ කවුරුහරි ඇවිත් තමන් ඇදෙන් බිමට ඇදලා දානවා වගේ යමක් දැනිනි... ඒත් ජිමින් හිටියේ ඇදේ කියලාත් එයාට දැනුනා. ඔහුගෙ සියලග දාදියෙන් තෙත් වෙලා තිබ්බා වගේ ම ඔරලෝකුවෙ වෙලාව පාන්දර 3.00 ලෙසත් සටහන් වෙලා තිබ්බා.

00 ලෙසත් සටහන් වෙලා තිබ්බා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" මොකක්ද මේ වෙන්නෙ.. අදත් පාන්දර 3 යි.. මොකක්ද මේකෙ තේරුම... "

ජිමින් ඇදේ වාඩි වෙලා හිත හිත උන්නකොට ම හැරි පෙරදින වගේ ම අදත් බුරාහැලෙන්නට උනා..

" අදත් හැරි බුරනව... බලමු.... "

නිදන කාමරේ ජනෙල්ලෙන් හැරි බුරන දිශාව බලද්දි මෙවරත් බුරන්නෙ අර බෝට්ටු මඩුව තියෙන පැත්ත බලාගෙන ගෙන කියලා ජිමින්ට දැකගන්නට හම්බුනා...

තමන්ගේ ජීවිතය එකම රටාවකට කර කැරකැවෙන්නට පටන්ගෙන ඇතැයි ජිමින්ට සිතිණි. ඔහුගේ සිහිය අවුල් වීබ්යන්නාක් මෙන් විය.

"මොන කෙහෙල්මලක්ද !..මොකක්ද මේක තේරුම් ... දවස් කීයක්ද?... මට පිස්සු හැදීගෙන එනවවත් ද?...."

හැරීගේ හඬ එන්න එන්නම වැඩිවෙයි. විදුලි පන්දම ද සුරතට ගත් ජිමින් මිදුලට බැස බෝට්ටු මඩුව දෙසට යන්නට විය. හැරි ද පිටත බුරා හැලෙමින්, විටෙක පසු පසට පනිමින් ඔහු පසු පස එන්නට විය.

"මොකක්ද හැරී මේ කරදරේ....මොකටද උඹ බුරන්නෙ...?"

එසේ කියමින් ඔහු බෝට්ටු මඩුවේ දොර විවර කොට ඇතුළට විදුලි පන්දම එල්ල කළේය. පෙරදා මෙන්ම හැරිගේ බිරීමේ වේගය වැඩි වුවත් දැඟලීම් පැනීම් වැඩි වුවත්, එහි තුළ කිසිවක් දැකීමට ජිමින් අපොහොසත් විය.

"බලපන්... නිකං අපරාදෙනෙ මහන්සි උනේ... ඔහෙ ඇති යකෙක් නෑ.."

ජිමින් එසේ කීව ද හැරිගේ බිරුම අඩු නොවිණි. බෝට්ටු මඩුව වසා දමූ ජිමින් ආපසු නිවස දෙසට පිය මනින්නට වූයේය. හැරී  ඔහු පසුකොට දුව ගොස් නැවත බුරන්නට වූයේය. මෙවර ඌ බුරන්නට වූයේ නිවස දෙසට ඉව අල්ලමිනි.

" මොන යකෙක් වැහි ලද හැරී උඹට.. නවත්තපත් ඕක.."

එහෙත් හැරී එම අණට කීකරුවනවා වෙනුවට තව තවත් බුරන්නට විය. ඌ දෙස විමසිල්ලෙන් බැලූ ජිමින්ට දකගත හැකි වූයේ උගේ බැල්ම යොමු වී තිබුණේ උඩු මහල දෙසට බවය. වඩාත් නිවැරැදිව කීවොත් මැහුම් ගෙතුම් කාමරය දෙසට බවයි.

"කවුද ඒ පාර.. කාටද උඹ බුරන්නෙ. ''

එසේ අසමින් ජිමින් ද එම කාමරය දෙසට නෙත් යොමු කළේය. එම කාමරයේ ජනෙල් තුළින් දුටු දෙය ඔහුගේ සියලඟ ලොමු දැහැගැන්වීමට තරම් සමත් විය.

___________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Donde viven las historias. Descúbrelo ahora