Chapter 35

44 14 2
                                    

" ආ... තව එයාගෙ ඇස්... ඒවා හරි ම අමුතුයි..... "

" ඒ කිව්වෙ.... "

ඊට පස්සෙ මිසී කිසි ම කතාවක් නැතිව කොලයක් අරගෙන යම් දෙයක් චිත්‍රයට නගන්න උනා. ඇය එහි ඇන්දෙ රතු පාට ත්‍රිකෝනාකර ඇස් දෙකක්...

" මේ මොකක්ද... "

" මේ තමයි ජෝඩිගෙ ඇස්... ඒවා හුගක් රතු පාටයි... හරියට ලයිට් වගේ.... රෑට ආවාම එයාගෙ ඇස් විතරයි පේන්නෙ... ඒ වෙලාවට ඒවා ලටිට් වගේ දිලිසෙන්නෙ... "

ජිමින් මිසීගෙ කතාවට කන දුන්නෙ සුරංගනා කතාවක් අහන විදියටයි.

" ආනේ ඇත්තද... එතකොට පැටියෝ... ජෝඩි එන්නෙ කොයි වගේ වෙලාවටද.. අපිටත් පෙන්නන්නකො.. අම්මායි මායි බලන්න ආසයි. "

" ජෝඩි ඔයාලට පේන්න එන්න කැමති නෑ... එයා එන වෙලාවකුත් එහෙම නෑ... එයා එන්නෙ එයාට හිතුනු හිතුනු වෙලාවට... උදෙටත් එනවා.. සමහර වෙලාවට මහ රෑටත් එනවා... "

" රෑට.... ? "

" ඔව් රෑට... ඔයාල ඒ වෙලාවට නිදි... මම එයාත් එක්ක කතා කරලා නිදාගන්නවා... "

" හරි හරි.. ඒත් ඇයි එයා අපිව මුනගැහෙන්න එන්නෙ නැත්තෙ... "

" දන්නෙ නෑ.. එයා කැමති නැතුව ඇති.. ජෝඩි එන්නෙ මට පේන්න විතරයි... "

" හරි හරි.. එහෙනම් තාත්තා යන්නම්.. ඔයා සෙල්ලම් කරන්නකො..."

ජිමින් මිසීව තමන්ගෙ ඔඩොක්කුවෙන් බස්සලා දෙරත් වහන් එලියට ගියේ ඒ සියලුම දේ මිසීගෙ සුන්දර ලමා ලෝකයට බැර කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් මිසීව තමන්ගෙ ඔඩොක්කුවෙන් බස්සලා දෙරත් වහන් එලියට ගියේ ඒ සියලුම දේ මිසීගෙ සුන්දර ලමා ලෝකයට බැර කරමින්... ඒත් ජිමින්ට ඒ ගැන චකිතයක් නැතුවා ම නෙවෙයි

ජිමින් කාමරයෙන් පිටතට ඇවිත් ජිසා හදලා දුන්නු තේ කෝප්පෙ රස බලන්න ගත්තෙ ජිසා සමග හෙට දිනය පිලිබද සොදුරු සිතුවිලි ගොන්නක් එක්කයි...

________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now