Chapter 19

46 14 4
                                    

"ආ.... එයා ඌරෙක්..."

" මොකෙක්? ඌරෙක්"

" ඔව්... එයා හරි ෂෝක්... එයා මාත් එක්ක කතා කරනව..."

" කතා කරනව? කොහෙදිද?? කවදද? ? ''

" එදා එයා තමා අතවැනුවෙ, අපි මේ ගෙදරට එනකොට... එයා මගෙ කාමරේට එනව.... "

"කොයි වෙලාවටද? ''

" හිටපු ගමන් එනව... දැනුත් ඉන්නවා...''

"දැන්... මේ දැන් ඉන්න....?"

" ඔව්... අම්ම එන්නකො හිමින් සැරේ මගෙ පස්සෙන්... ඇවිත් හොරෙන් බලන්න..."

දින කීපයක සිදු වූ සිදුවීම් වලින් හෙම්බත්ව සිටි ජිසා,මිසිගේ නව මිතුරා ගැන ඇසීමෙන් තවත් සසල උනා.. මෙය සිදු විය නොහැක්කක් බව ඇය දනී.

ඌරෙක්..? ඒ මදිවාට කතා කරන ඌරෙක් මේ ගෙදර හැමෝගේම ඔළුව නරක් වේගන එනවාවත් දැයි ඇයට සිතිණි. කොහොම වුවත් මිසී පසු පස ගොස්, මිසිගේ නව ඌරු යාළුවා. පේන්නට ඉන්නවා නම් දැක බලා නොගන්නේ මන්ද? එහෙනම්...

" යංකො බලන්න.... ඔයා ඉස්සර වෙන්නකො"

" කෝ දෙන්න තව බිස්කට් එකක්..."

" ආ... මෙන්න ... යංකො බලන්න.. .. එහෙනම් ඔයාගේ ජෝඩිව "

මිසී පියගැට පෙළ නගින ගමන් දෙතුන් වරක් හැරී බැලුවේ ජිසා  එන බව සැක හැර දැනගන්නට විය යුතුය. තම කාමරයට ආසන්නවත්ම ආපසු හැරී බැලූ මිසි, ශබ්ද නොනගන ලෙසට තම සිගිති දබරැඟිල්ල, රතු මුව පොඩිය මත තබා ජිසාට සන් කළාය.

______________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now