chapter 78

48 13 2
                                    

"අපෝ... එහෙද ඉන්නෙ...? "

"ඇයි ඔයාලට වෙන තැනක් හම්බ උනේම නැත්ද?"

"ඔයාල ඩිෆෝලගෙ මිනීමැරුම් ගැන අහල තිබ්බෙ නැත්ද? "

" මොන එකකටද ඔතනට ආවේ.... "

" තැනනං ලොකුයි, ලස්සනයි. ගාණත් අඩු ඇති...ඒත්.. "

"වෙනි තැනක් බැලුවොත් හොඳ නැත්ද? "

" බ්‍රෝකර් ඕකෙ ඉතිහාසෙ ඔයාලට කීවෙනැත්ද?"

" ඔයාලට ඕකෙ ඉන්න බය හිතෙන්නෙ නැත්ද?"

"මට නං ඔය ගේ මහා මූසල පාටයි.... "

"  ඔයාලගෙ ආගම මොකක්ද ? "

'' තව ටිකක් හිතල බලන්න..."

මේ ආදී වශයෙන් වූ ඔවුන්ගේ ප්‍රතිචාර සැබෑ වූ බවත් නොවේ ද දැන් දිස්වන්නේ? ඇත්තෙන්ම මිනිසුන්ගේ කටකතා හා මතිමතාන්තර වල සෑහෙන සත්‍යතාවක් ගැබ්ව ඇති බව ජිමින්ට හා ජිසාට පිළිගන්නට සිදුව තිබේ. දැන් ඇත්තේ මෙතනින් පිටවීමටයි.

" අපි ටික දවසකට අපේ අම්මලගෙ ගෙදර නවතිමු . ඊට පස්සෙ හෙමින් සැරේ මේක විකුණල දාගන්න බලමු."

ජිසාගේ මව කවදත් සිය දියණියටත්, මුණුබුරු මිනිබිරියන්ටත්, එපමණක් නොව, තම බෑනණුවන් වූ ජිමින්ටත් දැක් වූයේ මහත් ළැදියාවකි. ඔවුනට නිතරම තමන් සමග නිවාඩු ගත කරන්නට එන්නයැයි ඇය නිතරම වාගේ පෙරැත්ත කරයි. ඇය නිව්යෝක් නගරයේ ඩියර්පාක් ආසන්නයේ වාසය කළාය. ජිසාගේ යෝජනාව අපූරු එකකැයි ජිම්ට සිතිණි. එය ඔවුන්ට ක්ෂේම භූමියක් වනු නොඅනුමානය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now