වසර 1644 ලෝන්ග් අයිලන්ඩ්
ලෝන්ග් අයිලන්ඩ් තමන්ගේ නිජ භූමිය කොටගත් රතු ඉන්දියානුවන්ට කණකොකා හඬන්න ගත්තෙ ඉංග්‍රීසීන් හා ඕලන්දකාරයන් ලෝන්ග් අයිලන්ඩ් අත්පත් කරගත් දා ඉදන්... ලෝන්ග් අයිලන්ඩි වලින් කොටසක් ඉංග්‍රීසීන් අතරත් වගේ ම අනෙක් කොටස ඕලන්දකාරයින් අතරත් බෙදා හදාගත්තේ අධිරාජ්‍යවාදී සිතුම් පැතුම් වලින් ඔවුනොවුන් සමාන වන බැවින් කියලා කියන්න පුලුවන්..
තමන්ගේ නිදහස පර සතුරු උවදුරකට ලක් වූ විට දේශ ප්‍රේමින් එයට විරුද්ධව නැගී සිටීම සාමාන්‍ය තත්ත්වයකි.නමුත් එසේ නැගී සිටින දේශප්‍රේමින්, කැරැලිකරුවන් ලෙස සැලකීම අධිරාජ්‍යවාදීන්ගේ සිරිතකි. ලෝන්ග් අයිලන්ඩ් වලදී ද සිදුවුණේ එයමයි. තමන්ගේ නිජබිම් ආක්‍රමණය කළ ඕලන්දයන්ට විරුද්ධව ටක පුෂා නම් රතු ඉන්දියානු නායකයෙක් නැඟී සිටියේ ය.
මොහුගේ නැගී සිටීම නොඉවසූ ඕලන්දයින් සිරිත් පරිදිම කැරැලිකරුවන් සමූල ඝාතනය කළ යුතු බවට තීරණය කළේය. තමන් ඒ දේ කරනවාට වඩා වෙනත් අයෙකු ලවා එය ඉටු කර ගැනීම මැනවැයි ඔවුන් සිතුවාට සැක නැත. ඒ අනුව ටකපුෂාට විරුද්ධව සටන් කිරීමට ඔවුන් විසින් තෝරාගන්නා ලද්දේ ජෝන් අන්ඩර්හිල් නම් ඉංග්‍රීසි ජාතිකයා ය. ඕලන්දයන්ට සේනා බලය අඩු වීමත් මේ තෝරා ගැනීමට හේතු වූ බව සැලකේ. කෙසේ වුවත්. තමා වෙත පැවරුණ රාජකාරිය අකුරට ඉටු කළ ජෝන් අන්ඩර්හිල විසින් කැරැලිකරුවන් සමූල ඝාතනය කරන ලදී. එක් ප්‍රධාන සටනක දී පමණක් ඔහු මරා දැමූ රතු ඉන්දියානුවන්ගේ ගණන 120 කි.
ඔහුගේ රාජකාරිය මැනවින් ඉටු කිරීම ගැන සතුටට පත් වූ ආණ්ඩුකාර විලියම් කීෆ්ට්, ගිල්ඩර් 25,000 ක න්‍යාගයක් ඔහුට ලබා දුන් බව එම ඉතිහාසයේ සටහන් වේ. ෆෝට් නෙක් නම් ස්ථානයේ දී රතු ඉන්දියානුවන් සමූලඝාතනය කළ බව සැලකේ. පුරාවෘත්තවලට අනුව මෙම ස්ථානයේ පස්, ප්‍රදේශයේ පිහිටි පසට වඩා වෙනස් වෙයි. එය රතු පැහැති වෙයි. යුද්ධයක දී රතු ඉන්දියානුවන් වෙතින් ගලා ගිය රුධිරයෙන් මෙසේ පස රතුපැහැ ගැන්වුණු බව ජනතා විශ්වාසයයි.
ඇමිටිවිලා නිවස පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේ ය. මෙරික් පාර හා සීඩර් ෂෝර් පාර හමුවන මුල්ලෙහි පිහිටි මෙම නිවස ගොඩනැඟීමට බිම සැකසීමේදී මිනිසුන් 24 දෙනෙකුගේ ඇට කටු ගොඩ ගත් බව වාර්තා වෙයි. ඒ 1935 දීය.
රතු ඉන්දියානුවන් හදි හූනියම්, මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ ජන කොට්ඨාසයකි. ඔවුන් සතුව විවිධ බලවේග තිබූ බව සැලකේ. තම වර්ගයා සමුල ඝාතනය කිරීම පිළිබඳව දැඩි ලෙස කෝපයට පත් වූ රතු ඉන්දියානු නායක (ලෝන්ග් අයිලන්ඩ්) ටික පුෂා සුදු; මිනිසුන්ට ශාප කොට ගුරුකමක් කළ බව ජනප්‍රවාදයේ එයි. එමගින් පළිගැනීම ඔහුගේ අභිප්‍රාය වූ බව කියැවේ. මිනිසුන්ට මරා දැමීමට තවත් මිනිසෙක් එමගින් පෙලඹෙන බව ජනප්‍රවාදයේ කියවෙයි.
තමාගේ මුළු පවුලම මරා දැමු රොනල්ඩ් ඩිෆෝ නඩු විභාගයේ දී පවසා සිටියේ ඔවුන් මරා දමන ලෙස තමාව යම් බලවේගයක් විසින් මෙහෙය වනු ලැබූ බවයි. මෙම සුප්‍රසිද්ධ මිනී මැරීම සිදු වූ ඇමට් විලාහි අංක 212 නිවස පිහිටියේ රතු ඉන්දියානුවන්ගේ සමූහ මිනීවළවල් එක් පසෙකට වන්නට බව කියවේ.
ලෝන්ග් අයිලන්ඩ්හි සිදු වූ සිදුවීමක් මෙතැන් පටත් මෙසේ දිග හැරෙයි.
________________________________________
YOU ARE READING
✞ 𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
Horrorසත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් ගම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ BTS version එක.