Chapter 37

45 18 2
                                    

ඔහුට එකපාරට ම මිසී එක්ක කරපු කතාබහ මතක් උනා.ජිමින්ට කාමරේ ජනේලයෙන් රතු පාහැති ත්‍රිකෝනාකාර දෑකස් පේන්න තිබ්බ..ඒ එදා දවසෙ දහවල් වරුවෙ තමන්ගෙ දියනිය උනු මිසී ඇදලා පෙන්නපු ඇස් දෙකට අතිශ්‍ය ම සමාන බවක් තමයි පෙනුනෙ. ඇය කී විලසටම ඇස් ලයිට් වගේ දිලිසුනා. ජිමින් ඒ දර්ශනෙන් තමන්ගෙ ඇස් ඉවතට ගත්තෙ මොහොතකටයි...  ඒ මොහෝතේම වගේ ඒ ඇස් අතුරුදහන් වෙලා තිබ්බා.

" මොකක්ද මන් ඒ දැක්කෙ.. මීසී කිව්වෙ ඇත්තද...මොකාද ඒ... "

ජිමින් සිහි නැති එකෙක් වගේ බලාගත්වනම බලා ඉන්නට උනා. එසැනින්ම වහා සිහි එලවාගත් ඔහු  නිවස තුලට දිව ආවෙ එම කාමරයට පිවිසීමෙ බලාපොරොත්තුවෙනි.

"දෙයියනේ.... මොකක්ද මං ඒ දැක්කෙ... ඒ දැක්කෙ... ඒක ඇත්තක්ද..මායාවක්ද? "

සිතුවිලි අතරින්ම ඔහු හතිලමින් පඩිපෙළ නැග මැහුම් ගෙතුම් කාමරයට ඇතුළු වූවේය. සියල්ල නිසලය. කිසිදු අමුත්තක් නොපෙනේ. කාමරය තුළ ඇති රාත්‍රී ලාම්පුව දැල් වූ ජිමින් වඩාත් සුපරික්ෂාකාරීව කාමරය තුළ වූ සෑම අහුමුල්ලකටම තම දෑස් යොමු කෙරුවේය.

කාමරය තුළ කිසිවක් එහා මෙහා වී නැත. කිසිවෙක් කාමරය තුළ වූ බවකට ද සලකුණක් නැත. ජිමින් ගේ හිත මුළුමනින්ම අවුල් වී තිබිණි. කාමරය තුළින් මතු වූ රතු පැහැයෙන් දිලිසෙන ත්‍රිකෝණාකාර දෑසක් තමා දුටු බව ජිමින්ට හොදාකාරවම විශ්වාසය. එසේ නම් කෝ එය ? මේ නිවස තුළ යම් යම් අද්භූත සිද්ධීන් සිදුවන බව දැන්නම් නිසැක ලෙසම ඔප්පු වෙයි. කළ යුත්තේ කුමක්ද? කුමක් වුවත් මේ එයට අවස්ථාව නොවේ. නෙට උදෑසන මේ ගැන ජිසා සමග කතා කළ යුතුය. පිට පිටම අඩ නින්දෙන් අවදි වීම ජිමින්ට ගෙන ආවේ වෙහෙසකි. ජිමින් හිමින් සීරුව පඩිපෙළ බැස සිය නිදන කාමරය වෙතට පිය නගන්නට වූයේය. තද නින්දේ පසුවෙන ජිසාගේ මුහුණේ වූයේ මඳ සිනාවකි. හිමින් සීරුවේ ජිසා අසලින් හාන්සි වී ඇගේ ඉණ වටා අත යැවූ ජිමින් තවත් පැය කීපයක් හෝ නිදා ගැනීමේ අරමුණින් දැස පියා ගත්තා..

___________________________

හායි 🙂😶

තව බෑ...

බායි....

හෙට බලන්නම්

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now