chapter 52

43 15 0
                                    

" දඩිං.... "

පහල මාලයෙන් ඇසුණු හෙණ හඬක් වැනි ශබ්දයෙන් ජිමින් උඩ ගොස් බිම වැටිණි. ඇඳ මත නිසොල්මනේ මඳ වේලාවක් ගත කළ ජිමින් හොඳින් කන්දීගෙන සිටියේ ඒ හඬ නැඟුණේ කුමකින්දැයි අනුමාන කරමිනි.

" දඩ්.... ඩාං... "

නැවතත් විශාල ශබ්දයක් පහත මහලින් ඇසිණි.
ඒ නම් නිවසේ ඉදිරි දොර ප්‍රධාන දොර දෙපළුවත හඬ බව ජිමින්ට නිසැකය. සරනේරුවල කිරි කිරිය. ලෑලි පැළෙන හඬ ඔහුට ඉතා පැහැදිලිව් ඇසිණි. මහා පොරවකින් ඉදිරි දොර දෙපළු කරන්නාක් මෙනි. ජිමින් ජිසා දෙස බැලුවේ ඇගේ අදහස දැන ගැනීමටයි. එහෙත්, ජිසා සුව නින්දේ පසුවනු ජිමින්ට පෙනේ. එය ඔහුගේ විමතියට හේතු විය.

"මොනව.... මෙච්චර මේ දොර කඩන සද්දෙටවත් ජිසාට ඇහැරිලා නැත්ද ?...

       පුදුම නින්දක්නෙ ''

වහා ඇඳෙන් බැස ජිමින් සිය තුවක්කුව ද අතට ගෙන, ඕනෑම වෙලාවක එහි කොකා ගැස්සීමට සුදානමින්, පහළට බසින්නට විය. දොර කඩාගෙන ආවේ කවුරු විය හැකි ද? සොරුන්? මංකොල්ලකරුවන් ? විශාල සතෙක්? කවුරු වුව ද එය තව මොහොතකින් දැක ගත හැකිවෙයි.

ජිමින් පියෙන් පිය පහළට බැස්සේය. අවසාන පඩිය ආසන්න වෙත්ම ජිමින්ට සාලය මදින් මද දර්ශනය විය. අඳුර නිසා කිසිවක් පැහැදිලිව නොපෙනේ. බිත්තිය අත ගැ ජිමින් විදුලි පහන දැල්වූයේය. සාලය දුටු ඔහු පුදුමයට පත්විය. හැරී සුවසේ දොර අසල නිදා සිටියි. ඕනෑ වෙලාවට එළියට යාමට ඒමට සැකසූ දොර කවුළුව ඌ හිතේ හැටියට පාවිච්චි කරයි. සාලයේ දොර නිරුපද්‍රිතව වැසූ ගමන් පවතී. එයට කිසිවක් සිදු වී නැත. අඩු ගාණේ හීරීමක්වත් නොමැත. මීට මොහොතකට කලින් තමාට දොර බිඳින හඬ මනාව ඇසුණු බවට ජිමින්ට විශ්වාස ය. තමා ඇහැරුණේ ද එම හඩිනි. ජිමින් සාලයේ වූ බිත්ති ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව පාන්දර 3.15 යි. එසේ නම් අදත් තමාට සුපුරුදු වේලාවටම ඇහැරී ඇත.

"ජිමින් ..ඔයා කොහෙද?''

උඩු මහලින් ජිසාගේ කටහඬ ඇසෙයි. සියල්ල නිසි ලෙස ඇතිදැයි පරීක්ෂා කළ ජිමින් උඩු මහලට නඟින්නට වූයේය. තම නිදන කාමරයට ඇතුළු වූ ජිමින් දුටුවේ ජිසා ඇඳේ වාඩි වී තමා දෙස බලා සිටින අයුරුයි.

" ඔයා කොහෙද ගියෙ?"

ඇය හිස හරවා වෙලාව බැලුවාය. හෝරා යතුරු ඇති තැන් ඇගේ අවධානයට ලක් වූයේ නිතැතිණි.

"ආ.... අදත්?.... අද මොකද උනේ... "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Dove le storie prendono vita. Scoprilo ora