මේ වන විට ජිමින් නාන කාමරයෙන් එළියට පැමිණෙමින් හිටියා. එයාට අම්මගේ සහ දුවගේ කතාබහ කනින් කොනින් ඇහුනා.
" කවුරු ගැන ද ඔය කතා කරන්නේ ? "
ජිමින් ඇහුවෙ කුහුල් හිතකිනි
"අර මෙයාගෙ යාළුව... ජෝඩ්... එයා ඌරෙක්.. "
"මොකෙක්. ඌරෙක්... "
$ඔව්... ඇයි ඌරෙකුට මගෙ යාළුව වෙන්න බැරිද? "
මිසී ඇහුවා.
" අපෝ පුළුවන්.... නේද ජිසා?"
" ඔව්. අපි වෙලාවක තාත්තටත් පෙන්නමුකො එයාව නේද... "
ජිසා කීවේ ජිමින් දෙස බලා ඇසක් වසා ඉඟි කරමිනි. මිසි ඔවුන් දෙස බලමින් මුළු තැන්ගෙය දෙසට දිව ගියා. ඇය යන දෙස සිනහ පිරි මුවින් බලා සිටි දෙමහල්ලෝ ඇගේ හුරතල් බව මනාව පසක් කලා. ජිමින් කැතීට උණුසුම් හාදුවක් දී ඔවුන්ගේ කාමරයට පිවිසියේ වෙනත් ඇඳුමක් ඇඟලා ගැනීමටයි.
එදා වෙනදාට වඩා වැඩි වේලාවක් ජිමින් අවදිව සිටියේ ඔහුගේ රාජකාරි වැඩ කීපයක් නිමා කරලීමටයි. සිය කටයුතු නිමා කළ ඔහු සයනයට පිවිසීමට පෙර දරුවන්ගේ නිදන කාමර තුළට ගොස්, ඒවායේ ජනෙල් ආදිය නිසි ලෙස වසා ඇත්දැයි පරීක්ෂා කරලා ඔවුන්ගේ සිරුරු වලින් මෑත්වී තිබූ පොරෝනා නැවත නිසි ලෙස ඔවුන්ට පොරවා ලා එන්නට සැරසුනත් ජන්කුක් නිදන අසාමාන්‍ය ඉරියව්ව ඔහු නෙත ගැටුණේ එවිටයි. ඔහු නිදා සිටියේ මෙතෙක් කල් ඔහු නිදා ගන්නා ඉරියව්වෙන් නොව, මුණින් අතට හැරි බඩ තද කරගත වකුටු වී සිටින ඉරියව්වෙනි. ජින් හා මිසී ද නිදා සිටියේ එම ඉරියව්වෙන්ම වීම ඔහුගේ සිතෙහි ඇති කළේ ප්‍රශ්නාර්ථයකි.
YOU ARE READING
✞ 𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
Horrorසත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් ගම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ BTS version එක.