1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 12

74 20 6
                                    

ගෙදරින් ඈතට වෙන්න තිබ්බ බෝට්ටු මඩුවෙ බැදලා තිබ්බ ඔවුන්ගෙ සුරතල් බල්ලා වූ ශැගී නොනැවතී බුරා හැලෙන්නට උනේ තමන්ගේ හාම්පුතුන්ට උනු විපතේ ඉව වැටුනු නියාවෙනි.

ඒ ගැන සත පහක සැලකිල්ලක් දුන්නෙ නැති රොන්ල්ඩ් හිතන්න ගත්තෙ ඉදිරියට පැවැත්වෙන පොලිස් පරීක්ශන වලදී මෙයට තමන්ගෙ සබදතාවක් නැති බවක් සනාට කරන්නෙ කෙසේද කියලායි.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔහු කිසිම කලබලයක් නැතිව නිවී හැනසිල්ලෙ රැව්ල බා , නා කියාගෙන වැඩට යාමට මෙන් හැද පැලද ගත්තා. ඊට පස්සෙ තමන්ගේ ලේ වැකුනු ඇදුම් පැලදුම් හා රයිෆලය එක මිටියකට බැද කොට්ට උරයක ඔතලා කාරය ඇර්හුලට විසි කලා. හිරු නැගීමට ප්‍රතම ඒවා සොයා ගැනීමට නොහැකි වන සේ අතුරුදහන් කිරිම ඔහුගෙ අරමුනයි

වහා කාරයට ගොඩ වූ ඔහු ලෝන්ග් අයිලන්ඩ් වලට ඈතින් පිහිටි බෲක්ලින් වෙත රිය පදවාගෙන ගිහින්, ඔහුගේ මිනීමරු හරුබස්ස බෲක්ලින්හි සුවිසල් කානුවකට විසි කරලා දැම්මා.

දැන් තියෙන්නෙ නැවත ලෝන්ග් අයිලන්ඩ් වෙතට එන්නයි. උදෑසන 6.00 වන විට සුපුරුදු පරිදි තම සේවා ස්ථානයට ඔහු වාර්තා කෙරුවේ සත්ගුණවත් උපාසකයකු මෙනි. රොනල්ඩ් වැඩි වේලාවක් එහි රැඳී හිටිඋඑ නෑ. කිහිප වතාවක්ම ඔහු නිවසට දුරකථන ඇමතුම් ගත්තා. පිළිතුරක් නොලද විට පුළුටු මුහුණකුත් හදාගෙන.

" මේ මිනිස්සුන්ට මොනව වෙලාද මන්ද, ටෙලිෆෝන් එකට උත්තර දෙන්න බැරි"

යන අන්දමේ හැඟීමක් අනෙක් අයට දැනෙන පරිදි එහෙ මෙහෙ කැරකෙමින් සිටියේය. තමාගේ පියා සුපුරුදු වෙලාවට එහි නොපැමිණුනු විට කම්මැලි බව අඟවා දින භාගයක් නිවාඩු දමා පිටවී ගියා.

ෂෙරී ..ඔව්. ඇය රොනල්ඩ් ගේ පෙම්වතියයි. ඔහු ඇයට කතා කොට ඇය හමුවීමට අවශ්‍ය බව කිව්වා.

"ඇයි ඔයා අද මේ වෙලාවේ .... "

"ගෙදර ගියා වාහන ඔක්කොම එළියෙ තියෙනවා. ගෙදෙට්ට කතා කළහම උත්තරයක් නෑ.........තුන් හතර පාරක්ම කතා කළා. කොහෙ ගිහින්ද මන්ද. තුන් හතර පාරක් ටෙලිෆෝන් කරලත් බැලුව... එක් උත්තරයක් නෑ. ඒ පාර ඔයාව හම්බවෙන්න හිතුවා..."

" කොහේ ගිහින්ද එයාලා...? "

" අනේ මන්ද...බලමු ආපහු අරන්...''

රොනල්ඩ් එවර ද නිවසට කතා කළ නමුදු පිළිතුරක් නොවීය. ප්‍රශ්නාර්ථයක් මුහුණේ මවාගත් ඔහු සාප්පු සවාරියක් යාමට ෂෙරීට කතා කලා.. සාප්පු සවාරියෙන් පසු එමින් ගමන ඔවුන් නැවැතුණේ රොනඩ්ගේ මිතුරෙක් වූ බොබීගේ ගෙදර අසලයි. රොනල්ඩ් බොබීටද පරන සින්දුව ගායනා කරන්න අමතක කලෙ න්ම් නෑ..

"මාර වැඩේ කියන්නෙ වාහන ඔක්කොම තියෙනවා... ඒත් දොරවල් වහල... කතා කළහම උත්තරයක් නෑ... ටෙලිෆෝන් කළහමත් කිසිම සද්දයක් නෑ, දැන්නං මගෙ හිතට හරි නෑ...මට හිතෙනට එයාලට මොනවහරි වෙලාවත් කියල.... "

මෙසේ බොබී සමගත් වෙනත් මිතුරන් කීප දෙනෙකු සමඟත් හවස හය පමණ වන තෙක් වල්පල් දොඩවමින් සිටි රොනල්ඩ් ඒ හැමටම පෙර කී කතාවම නැවත නැවත පැවසීමට වගබලා ගත්තා..

හවස හය වෙද්දී මත්පැන්හලකට රොක් වී සිටි මේ පිරිස සමග මත්පැන් පානය කළ රොනල්ඩ් එක්වරම නැගී සිටියේ යම් තීරණයකට එළඹියාක් මෙනි.

" මං යනව ගෙදර....මේ පාරත් උත්තරයක් නැත්තං කඩනව දොර කඩල ඇතුළට යනවා.... "

"අන්න හරි.... ඒක තමයි කරන්න ඕනෙ "

බීමත්ව සිටි බොබී ද රොනල්ඩ්ට උල්පන්දම් දුන්නේය.

" හරි. . . .. එහෙනං මං ගියා..... "

රොනල්ඩ් මත්පැන් හලෙන් පිටත්ව ගිය පසු ද බොබී හා පිරිස මත්පැන් බොමින් විවිධ සම්ඵප්‍රලාප කියවමින් කාලය කමින් සිටියහ. මෙසේ මිනිත්තු කිහිපයක් ගත වුනා. එකපාරට ම මත්පැන් හලේ දොර විවර කරමින් එතුළට කඩා වැටුණේ රොනල්ඩ් ය. ඔහු දඩි කලබලයට පත්ව සිටි බවක් දිස් විය. රොනල්ඩ් තම හඬ අවදි කළේ හතිලමිනි.

" බොබී. බොබී... යං මාත් එක්ක. මාර වැඩේ... කවුරු හරි මගෙ අම්මයි තාත්තටයි. වෙඩි තියලා... "

බොබි තව කීප දෙනෙකුත් වහා රොනල්ඩ්ගේම කාරයේ නැගී ඔහුගේ නිවස බලා පිටත්වුනා. ඒ වන විට මිනී මැරුම් සිදුවී පැය 15 ක් විතර ගතවෙලයි තිබ්බෙ.

ඉක්මනට නිවස ඇතුලට ගියපු බොබීට දැකගන්නට ලැබුනෙ නිදියහන මත ලේ විලක වැතිරී ඉන්න රොන්ල්ඩ්ගේ මව සහ පියායි..

ඔවුන් සමග පැනි තවත් අයෙක් උනු ජෙයෝන් ටේ සූ , එම නිවසේම වූ දුරකතනයෙන් පොලිසියට කතා කලා. ඒකෙ ප්‍රතිපලයක් වශයෙන් වැඩි වෙලාවක් යන්න කලින් පොලිසියෙන් කෙනෙක් ආවා. ඔහු කෙනන් ගෙගුස්කිය. ඔහු පැමිනෙද්දි නිවස ඉදිරිපිට රැස්වී පිරිස අතර වැලපෙමින් හිටියෙ රොනල්ඩ්‍ ය.

" අයියෝ මගෙ අම්මයි තාත්තයි, කවුද මේ අපරාදෙ කලේ....."

__________________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Donde viven las historias. Descúbrelo ahora