1976 ජනවාරි 1 වෙනිදා උදාවිය. රාත්‍රියේ වැටුණු හිමවලින් හාත්පස වැසි තිබිණි. ගස් අතුවල පුලුන් වැනි හිම කුට්ටි රැදී තිබිණි. එය කදිම උදෑසනක් විය. ජිමින් තවමත් නිදියහනේ වැතිරි සිටියේ කම්මැලිකමිනි. ජිසා නම් වේලාසනින්ම නැගිට ගොස් ඇති සෙයකි. සුවදායි ලෙස උණුසුමට යහනේ වැතිර සිටීමට ජිමින්ට ඉඩ ලැබුණේ තවත් මිනිත්තු කීපයක් පමණි.
'' ජිමින් මෙහෙ එන්නකො... ඉක්මනට ...මේ බලන්න ''
"තාත්තෙ මෙහෙ එන්න "
මෙවර සිදු වී ඇත්තේ කුමක් විය හැකි ද? කුමක් ද ඔවුන් තමන්ට පෙන්වීමට තැත් කරන්නේ..? කුමක් වුවත් එය අසාමාන්‍ය සිදුවීමක් විය යුතුය. නැති නම් ඔවුන් මෙතරම් කලබල නොවේ. ජිමින් වහා ඇඳෙන් බැස තම උණුසුම් කබාය පැලඳගනිමින් පහළට ආවේය. ඔවුන්ගේ කට හඬවල් ඇසෙන්නේ ඉදිරි මිදුලෙනි.
ජිමින් මිදුලට බැස්සේය. ජිසා හා දරු තිදෙනා මිදුලේ එක් තැනක වට වී සිටී. ජිමින් එතැනට පිය මැන්නේය.
"ඇයි... මොකක්ද... මොකද වෙලා තියෙන්නේ ''
'' ජිමින් මේ බලන්නකො...ඔයාට කියත හැකි ද මේ මොකක්ද කියල...''
ජිමින් එදෙසට තම දෑස යොමු කළේය. හිම මත සටහන් ව තිබුණේ අඩි පාරකි. එම අඩි පාර හඳුනා ගැනීමට අසීරුතාවක් නොවිණි. එය හැඳිනූ සැණින් ජිමින්ගේ කොඳු ඇට පෙළ දියේ දිව ගියේ සියුම් ශීතලකි.
එහි වූයේ ඌරකුගේ අඩි සලකුණුය.
" තාත්තෙ, ඕවා ජෝඩිගෙ..."
ජිමින් හුස්මක් හෙළුවා පමණි.
" ජිමින් මොකද ඔයා හිතන්නෙ... මේ ඌරෙක්ගෙ අඩි නේද ? ''
" ඌරෙක්ගේ අඩිනං තමා... ඒත්... ''
" තාත්තෙ මෙහෙ කොහෙන්ද ඌරො...?" වැඩිමලා වූ ජින්ට වූයේ එවන් පැනයකි.
" අනේ මන්දා... මටත් තියෙන ප්‍රශ්න ඒක තමයි... කොහොම උනත් ඒව ඌරෙකුගෙ අඩි තමයි... යං ඇතුළට යං... ආයෙ මේකෙ මොනව බලන්නද?"
සැහැල්ලු විලාසයකින් ජිමින් එසේ පැවසුවද ඔහුගේ සිත තුළ වූයේ කැළඹීමකි. දැන්නම් මේ සියලු සිදුවීම් ජිසා සමඟ විවෘතව කතා බහ කිරීමට අවස්ථාව එළඹ තිබේ. තව දුරටත් මෙවැනි සිදුවීම් වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජිමින්ට නිකමට සිතිණ. මෙය නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. තවත් කල් නොයවා මේ ගැන අදම සාකච්ඡා කළ යුතු වෙයි.
දරු තිදෙනා සමඟින් පාතරාසය ගත් දෙන්නා දෙමහල්ලෝ එකිනෙකාගේ සිත් කියවීමට මෙන් ඔවුනොවුන් දෙස බලාගත්වනම මොහොතක් ගත කලහ...
________________________________
YOU ARE READING
✞ 𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮
Horrorසත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය සත්‍ය සිදුවීමක් උනත් චරිත වල නම් ගම් මනඃකල්පිතයි. මොකද මෙක amityvile seen එකේ BTS version එක.