1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 15

63 17 0
                                    

" ඒවයින් වැඩක් නැ.... අපි ඔහේව සැක පිට අත්අඩංගුවට ගන්නව.... "

"මේ වෙලාවෙදි තමුසෙ කියන දේවල්, නඩුවෙදි තමුසෙට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්. ඔනෙ නම් තමුසෙට මොකුත් නොකියා ඉන්නත් පුළුවන්....''

එතැන් පටන් නැවතත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුනා.මෙකෙ ප්‍රතිඵලයක් ලෙස මිනීමැරුම් සිදු වූ කාල හෝරාවන් හැටියටම තීරණය කර ගැනීමට හැකි වීමයි.

රොනල්ඩ්ගේ පිළිතුරු දීම් එකිනෙකට පරස්පර තත්වයකි. ඒ අනුව මිනී මැරුම් සිදු වී ඇත්තේ පාන්දර දෙකක් හතරත් අතර කාලයේ දී බව සොයා ගැනිණි. පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ රොනල්ඩ් හතරැස් කෙබර ඇදබාන්නට වූයේ ඇඟට පතට නොදැනීය. දිගින් දිගට ප්‍රශ්ණ කිරීමේ දී ඔහු අමුතුම කතාවක් කියන්නට වූයේය.

"රොනල්ඩ්... බොරු කියන්න එපා වෙඩි තියල තියෙන්නෙ තමුසෙගෙ තුවක්කුවෙන් ** "

" හරි... මං කියන්නං වෙච්ච දේ.. එක පාරටම එදා රෑ මගෙ ඔළුවට සීතල දෙයක් ගෑවෙනව දැනිල මට ඇහැරුණා. ඇහැරිලා බැලුවම මගෙ ඔළුවට තුවක්කුවක් තියාගෙන හිටියෙ ෆැලිනි. මිනිහ එක්ක තවත් කෙනෙක් හිටිය.... "
"කවුද ඒ "

"මන්ද... මං නං දැකල නැ මිනිහ ඊට කලින්..."

"කොහොමද මිනිහගෙ හැටි... "

"ම්... උසයි.. කොණ්ඩෙ වැවිලා.."

" කොච්චර උසද ? "

"ම්ම්.... එච්චරම නැ... මිහිහ එවරම උස නැහැ වගේ.... හරියට කියන්න අමාරුයි....කළුවර නිසා හරියට පෙනුනෙ නෑ.  "

"ඊට පස්සෙ..."

_________________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now