chapter 20

49 15 4
                                    

ජිසා, සිය දියණියගේ කාමරයේ දොර ළඟ නැවැතුණේ කුහුල් සිතිනි. කාමරය ඇතුළෙන් මිසීගේ හඬ ඇසේ.

"හලෝ.... ජෝඩි... මේ මං ඔයාටත් බිස්කට් එකක් ගෙනාව..... ආ..කන්න..."

ඒ ඇරෙන්නට වෙනත් හඬක් නම් ජිසාට ඇහුනෙ නෑ....

"හොඳයිද ? රසයිද  ''

ජිසා හෙමිහිට, කිසිදු සද්දයක් නොනැගෙන සේ හිමින් සීරුව කාමරයේ දොර රෙද්ද මැ කොට ඇතුළත බැලුවාය. මිසි තම ඇඳ උඩ අයිනට වන්නට වැඩි වී, තමා ඉදිරියෙන් වූවකුට කතා කරයි. එහෙත්, ඉදිරියේ කිසිවෙකුත් දක්නට නැත.

ජිසාට පේන්නේ මිසී තනිව කතා කරන අයුරුයි.

''තව ඕනෙද? මට නං තව එකක් ඕනෙ... මං ගිහින් අම්මගෙන් තව ඉල්ලගෙන එන්නකො.."

ජිසා සෙමින් දොර රෙද්ද අතහැර දොරකඩින් මෑත් වූවාය. ටික වේලාවකට පසුව මිසි කාමරයෙන් එළියට ආවාය.

ජිසාගේ මුවගට සිනාවක් නැගිණි. ළමා ලෝකය කෙතරම් සුන්දරද ? එහි ඕනෑම කෙනෙකුට ඉඩ තිබේ. ඔවුන්ට උවමනා කතා කරන ඌරෙක් නම්, එහි කතා කරන ඌරෙකුට ඉඩ තිබේ. ඔවුන්ට උවමනා පියාඹන කිඹුලෙක් නම් එහි පියාඹන කිඹුලෙකුට ඉඩ තිබේ. ඔවුන්ට උවමනා ඇලඩින්ගේ පුදුම පහත නම් එහි ඇලඩින්ගේ පුදුම පහනට ඉඩ තිබේ.

"අම්ම දැක්කද එයාව..."

"ආ....ඔව්... දැක්ක දැක්ක.... එයා හරි හොදයි නේ....?"

" ඒක තමයි...එයාගේ ඇස් රතුයි..."

" හරි... හරි...දැන් ගිහින් තේ බිල වොෂ් රූම් එකට යන්නකො... "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Waar verhalen tot leven komen. Ontdek het nu