chapter 83-last.

91 14 23
                                    

1976 ජනවාරි 14 දින උදාවිණි. යම්තම් එහෙන් මෙහෙන් පාතරාසය ගෙන නිමකළ ජිමින් ගෙන යාමට ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇහිරූ බඩු මලු සාලයට ගෙනවිත් තැබුවේය. ජිසා හා දරුවෝ ඔවුනොවුන්ට අත්‍යවශ්‍ය වු බඩු බාහිරාදිය එයට එක් කළහ. සියලු බඩු බාහිරාදිය තමන්ගේ වාහනයට පැටවූ ජිමින් එයට නැගින ලෙස දරුවන්ටත්, ජිසාටත් පැවසූයේ හැරීව ද පසු පස කොටසට පටවමිනි.

සියල්ල සූදානම් වූ පසු වාහනයට ගොඩ වූ ජිමින්  අවසාන වතාවට ඇමිටිවිලාව දෙස බැලුවේය.

' බයි බයි ඇමිටිවිල්ලා......'

ජිසාද සිත යටින් පැවසුවාය. යළි කවදාවත් පය නොගසන ලෙසින් ජිසා, දරුවන් හා ජිමින් ඇමිටිවිලාව හැර දමා පිටත් වුහ. වාහනය කෙමෙන් ඈතට ඇදී යද්දී මිසී එදෙස බලා අත වනන්නට විය.

"කාටද ඔයා අත වනන්නේ...''

වැඩිමලා ඇසුවේය.

" ජෝඩිට....එයත් අපිත් එක්ක එනවලු..'

ජිමින්ට තිරිංග පෑගුණේ ඉබේටම මෙනි.

"මොකක්? ජෝඩිට්?''

'' ඔව්... එයා අර කාමරේ ඉඳන් මට අතවැනුව..."

ජිමින් හා ජිසා එකවර එදෙස බැලූහ. මැහුම් කාමරයේ ජනේලය අසල සිට යමෙක් ඉවතට ගිය බවක් ජිමින්ට හැගිණි.

එහෙත්, තමා එවැන්නක් දැක්කාදැයි ස්ථිර ලෙසටම පැවසීම අපහසු වූ නිසා ඔහු නැවත සුසුමක් හෙළා රිය ඉදිරියට පදවන්නට විය.

හරියටම දින 28 ක් පමණ තම සෙවණේ සිට තමා හැර යන පිරිස සහිත රථය දෙස ඇමිටිවිලාව නොසැලී බලා සිටියේය.

෴ නිමි ෴










__________________________________

ඔයාල මෙච්චර කාලයක් මගෙ කතාවත් එක්ක හිටියාට ස්තූතියි... ඒ වගේම මේ කතාව ඉදිරියට කියවන්න එන අයටත් ස්තූතියි...

මේ කතාව ඔයාලට ලස්සනට ෆීල් උනානම් කමෙන්ට් බොක්ස් එකේ  " 💕 " දාන්න....

ඒනම් අපි පසුවදනින් හමුවෙමු.. 🙂

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Kde žijí příběhy. Začni objevovat