~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

47🍇

465 80 28
By lem_kia

අදට මන් ජිමින්ලෑ මැන්ශන් එකෙන් ඇවිත් මාස දෙකහමාරකට කිට්ටුයි...එයාගෙ එනමීස්ලගෙ ප්ලෑන් එක ගැන ජිමින් කියල තිබ්බ නිසාම මන් කෝකටත් කියලා මගෙ ආරක්ෂාවට බොඩි ගාඩ්ස්ලා එකට පහක්ම ගත්තා...කොහොමත් දැන් මගෙ ආරක්ෂාව තියෙන්නෙ මන් අතේනේ...ඔම්මයි අප්පයි ඔන්නියි නම් මන් ආපු එක ගැන ලොකු සතුටකින් හිටියේ...මන් හිතන්නෙ ඔම්මටයි අප්පටයිත් වඩා ඔන්නි තමයි ගොඩක්ම සතුටු වුනේ...පව් ඔන්නි මන් නැති ටිකේ හරි පාලුවෙන්ලු හිටියෙත්...

ඒ වගේම මේ මාස දෙක හමාරට මට මගෙ කම්පනි එක කොරියාවෙ හොදම කම්පනි පහ අතරට ගන්නත් මට පුලුවන් උනා...මොකද මේ ටිකේම මන් මාර විදිහට කම්පනි එකේ වැඩ වලට මහන්සි උනේ...පෙළක් දවසට මන් කම්පනි එකේ වැඩ ඉවරවෙලා මැන්ශන් එකට ආවෙත් රෑ එකත් පහුවෙලා වගේ...මොකද ඒ තරම් මන් මේ ටිකේම කම්පනි එකේ වැඩ අස්සෙ බිසී වෙලා හිටියේ...ඉස්සර නම් මන් මෙච්චරටම බිසී කෙනෙක් නොවුනත් දැන් නම් මේ විදිහට හුරුවෙන්න පටන් අරන් තිබ්බෙ...ඒකට ලොකු හේතුවකුත් තිබ්බා...මොකද මට ඕනි උනේ කම්පනි එකේ වැඩ වලට බිසී වෙලා හරි ජිමින් ගැන මට මතක් වෙන එක ටිකකට හරි අඩුකරගන්න...

ඔන්නි උනත් හැබැයි කැමති උනේ නෑ මන් කම්පනි එකේ වැඩ වලට මෙච්චර බිසී වෙන එකට නම්...ඒ නිසා එයා පුලුවන් තරම් උත්සහ කළේ මාව රිලැක්ස් එකේ තියන්න...ඒ නිසාම එයා ගොඩක් වෙලාවට වීක් එකට දවස් දෙක තුනක්වත් මාවත් ඇදන් බීච් එකට නැත්නම් කොෆි ඩේට්ස් වලට කැරකෝ රූම්ස් වලට වගේ යන්න පුරුදු වෙලා හිටියේ...

"යෝරා මන් මගෙ ෆෝන් එක කා එකේ දාලා ඇවිත් මන් ඒක අරන් එන්න යනව හොදේ...

"හරී...

ඔන්නි අපි හිටපු තැනින් නැගිටලා ගියත් එක්කම මන් හවස් වරුව නිසා කහදම් පාටින් රැළි ගහන මුහුද දිහාට ඇස් යැව්වේ හිතට දැනුනු ලොකු පාළුවකුත් එක්ක...

"යෝරා...

"ආ ඔන්නි ආවද...

"ඕ...යන් හොටෙල් එකට මොනවහරි කාලා ආයිත් එමු මෙතෙන්ට...හොදටම බඩගිනී හලො...

ඔන්නි බඩ අත ගාලා කට ඇද කරල ඒක කිව්ව විදිහට මෙතන වෙන කෙනෙක් හිටිය නම් හිතයි ඔන්නි හත් මාසෙකින් විතර කාලා නෑ කියලා...ඒ තරම් මොන්ගල් ඇක්ශන් එකක් ඔන්නි දැම්මේ🥲...

අපි හොටෙල් එක අස්සට එද්දි කවදාවත් නැතුව අද හොටෙල් එකේ එළියෙ ඉදන්ම ඇතුළට යනකන්ම බ්ලැක් කලර් ෆුල් කිට් ඇදගත්තු ගාඩ්ස්ලා හිටියා...ඒත් මොකද මේ...බැරිවෙලාවත් කවුරුහරි ලොකු VIP ගෙස්ට් කෙනෙක්වත් ඇවිත්ද...

මන් ඕවත් හිත හිතාම ඔන්නිගෙ කන ගාවට මූණ ලන් කළේ හිතට දැනුනු කුතුහලේ නිසා...

"ඔන්නි මොකෝ මේ අද කවදාවත් නැතුව මේකෙ මෙච්චරටම බොඩිගාඩ්ස්ලා...වෙනදට මෙහෙම නෑනේ...

"අනේ මන්දා යෝරා...මාත් මේ බැලුවෙ ඒක තමයි...ඒත් අපි එද්දි මෙහෙම හිටියෙ නෑනේ...සමහරවිට අපි බීච් එකට ගිය ටිකේ මේකට VIP කවුරුහරි ගෙස්ට් කෙනෙවත් ආවද දන්නෑ...

ඔන්නිත් මගෙ කනට කරලා කිව්ව විදිහට මට තේරුනා ඔන්නිත් මේ ගැන මොකුත් දන්නෑ කියලා...

අපි එහෙම්ම කෙළින්ම ආවේ කැෆේ ඒරියා එකට...අපි එද්දි හැබැයි ලොකු සෙනගක් හිටියෙ නම් නෑ...ඒකත් හොදයි නිදහසේ ඉන්නත් පුලුවන්නේ...

මන් හිතින් හිත හිතාම ටේබල් එකේ ඔන්නි ඉදගත්ත චෙයා එකට මුහුණලා තිබ්බ චෙයා එකෙන් වාඩි උනා...

"ඔයා දන්නවද මේ කැෆේ එක ගොඩක් ෆේමස් බොබා ටී වලට...මෙහෙ බොබා ටී මාරම රහයි...

ඔන්නි සතුටින් ඇස් දෙකත් බෝල කරල කියලා ටේබල් එක උඩ තිබ්බ මෙනු එක අතට ගත්තා...

"උවා එහෙනම් මටත් ආසයි බොබා ටී එකක් බොන්න...ඒත් ඒක නෙවෙයි ඔයා එතකොට මේ හොටෙල් එක කළින් ඇවිත් තියනවද...

"ම්ම්...මන් මේකට දහ  පාරකට වඩා ඇවිත් තියනවා මන් හිතන්නේ...

ඔන්නි මෙනු එක අස්සෙ ඇස් ඔබාගෙන කිව්වේ...

"දහ පාරකට වඩා?...උවා...ඒත් පොඩ්ඩක් ඉන්න🤔...ඔන්නි ඔයා ඉස්සර බොබා ටී බොන්න ආස නෑනේ...එකපාරටම මොකෝ ඔයා බොබා ටී බොන්න ආස වුනේ එතකොට🙄...

මන් ඒක ඇහුවා විතරයි ඔන්නිගෙ කට කොනින් හිනාවක් ඇදුනේ මන් බලා ඉද්දිමයි...හැබැයි ඔන්නි මුකුත් කිව්වෙ නම් නෑ මෙනු එක අස්සෙ ඇස් ඔබන් හිටියා මිසක්...

"යා ඔන්නි...කියනවකො හලෝ...ඔච්චර අගේ කරන්නැතුව😒...

ඔන්නි දිහාට නෝක්කාඩු බැල්මක් දාලා කිව්ව මන් ඔන්නි දිහා බලාගෙනම අත් දෙකත් පපුවට කරල බැදගෙන චෙයා එකට හේත්තු උනා...

"ලොකු හේතුවක් නෑ ඉතින්...ජූන් ගොඩක් ආසයි බොබා ටී වලට...මාත් ඉතින් දන්නෙම නෑ බොබා ටී වලට ආස වෙලා...

ඔන්නි මෙනු එක දිහා බලාගෙන කිව්වට මොකෝ ඔන්නිගෙ ඇස් වල නම් ලා හිනාවක් ඇදුනා මන් බලාගෙන...

ආව් නම්ජූන් ඔප්පව මතක් කළාම මෙයාගෙ සතුට බලන්නකො😌...

"ආව් ආව්😌...

මන් ඔන්නිව ටිකක් ටීස් කරන්න හිතාගෙන ටේබල් එකට අත් දෙක බර කරගන්න ගමන් කිව්වේ...

"මොකෝ🙄...

"නෑ ඉතින් අනිත් කෙනාගෙ මූණ බලන්න එපා නම්ජූන් ඔප්ප ගැන කියද්දි😌...

"අ...අනෙ විකාර...

ඔන්නිට ලැජ්ජවෙද කොහෙද මට බොරු රැවිල්ලකුත් දාලා කිව්වේ...

"හරි හරි ඉතින්...රවන්න ඕන්නෑනෙ ඉතින් ඇත්තනෙ කිව්වේ😌...මේ ඒක නෙවෙයි කොහොමද හලෝ ඇත්තටම ඔය දෙන්නා මීට් වුනේ...ඉස්සර ඔයාට නම්ජූන් ඔප්පව පේන්න බෑනේ🙃...

මන් ඇහුවෙ හෙන කුතුහලෙන් ඇස් දෙකත් බෝල කරගෙන...

"ඉස්සර නම් ඉතින් එහෙම තමයි ඉතින්😅...ඒත් ඉතින් පස්සෙ ඒක හරි ගියා...

ඔන්නි කට කොනින් හිනාවක් දාන් කියලා
අතේ තිබ්බ මෙනු එක ටේබල් එකෙන් තිබ්බ විදිහට මට තේරුනා ඔන්නි දැන් හදන්නේ නම්ජූන් ඔප්පා ගැන ලොකු කතාවක් කියන්න තමයි කියලා...

"ඔයාට කියන්න පොඩී ඉස්සර ජූන්ව දැක්කම මට හිතුනෙම එයාට දෙකක් ඇනගන්නෙ කොහොමද කියලමයි...හොද වෙලාවට ඒකෙ අනිත් පැත්ත වුනා අන්තිමට🤣...

ඔන්නි කිව්වේ හිනාවෙවී...

"ආව් ඒක🤣...

"මේ ඒක නෙවෙයි ඔයා මොනවද ඕඩර් කරන්නේ...අපි ඕඩර් කරලම ඉමු නේ?...නැත්නම් අපි මෙතෙන්ට ඇවිතුත් දැන් ටිකක් වෙලා නේ...

"ඔව් නේ...ම්ම්..එහෙනම් මට වැනිලා බොබා ටී එකයි...චීස් කේක් එකකුයි...

මොකුත් කන්න තරම් බඩගින්නක් තිබ්බෙ නැතත් මන් මෙනු එක බලලා කිව්වා...

ඔන්නි මන් කිව්වත් එක්කම වගේ ටේබල් එක උඩ තිබ්බ බටන් එක ක්ලික් කළා...

"මිස්ලා මොනවද ඕඩර් කරන්න හිතුවේ?...

ඔන්නි බටන් එක ක්ලික් කළත් එක්කම වගේ අපි ගාවට ආපු waitress ඇහුවේ ලස්සන හිනාවකින් මුළු මූණම පුරෝගෙන...

"ම්ම්...මට මොචා බොබා ටී එකයි ක්‍රීම්මැන්ගෝ කේක් එකකුයි...එතකොට මේ මිස්ට වැනිලා බොබා ටී එකකුයි චීස් කේක් එකකුයි...

"ඕකේ මිස්...ඉක්මනින්ම ඕඩර් එක ගෙනත් දෙන්නම්...

"අ...ආ මේ ඒක නෙවෙයි අද මොකද මේ හොටෙල් එකේ මෙච්චර ගාඩ්ස්ලා🙄...අද කවුරුහරි VIP ගෙස්ට් කෙනෙක්වත් ආවද මේකට...

ඔන්නි ඒ waitress යන්න හදනවත් එක්කම වගේ ඇහුවේ...

"ආ ඔව් මිස්...දැන් ටිකකට කලින් අපෙ හොටෙල් එකට මිස්ට පාක් ආවා...මිස්ලා දන්නව ඇතිනෙ නේ අන්ඩවර්ලඩ් එකේ බ්ලැක් ඩ්‍රැගන්ව...අන්න එයා ආවෙ මිස්...

ඒ waitress කිව්වත් එක්කම මගෙ අතේ තිබ්බ මෙනු එකත් මගෙ අතින් අතෑරිලා ටේබල් එක උඩට වැටුනේ හිතට දැනුනු කම්පනේටමයි...

"බ්...බ්ලැක් ඩ්‍රැගන්?...

මන් ආයෙමත් සැරයක් ඇහුවේ මට ඒ ඇහුනේ ඇත්තක් නේද කියලා හරියටම ශුවර් කරගන්න ඕනි උනු නිසා...

"ඔව් මිස්...එයා තමයි ...එහෙනම් මිස් මන් යන්නම්...

ඒ waitress එතනින් ගියාට පස්සෙ මන් කෙළින්ම චෙයා එකට හේත්තු උනේ හිත ඇතුලින් කටු අනිනව වගේ වේදනාවක් දැනෙන්න ගද්දි...

අනෙ එයා ඇවිත්...මගෙ ජිමින්...එයා ඇවිත්...

මගෙ හිත කිව්වෙම එහෙම...

"යෝරා?...

"ඔ...ඕ ඔන්නි...

මූණින් කිසි වෙනසක් නොපෙන්වා ඉන්න උත්සහ කරන ගමන් මන් කිව්වේ...

"යෝරා ආ යූ ඕකේ?...

ඔන්නි ඇහුවේ අවුලින් වගේ...

"වයි නොට්...අයිම් ටෝටලි ඕකේ😁...ඒක නෙවෙයි මේකෙ රසම බොබා ටී එක මොකක්ද ඔන්නි...

මන් කතාව වෙනස් කරන්න හිතාගෙන හිනාවෙලා ඇහුවා...

"ඔයා දැන් හැගීම් හන්ගන්න ගොඩක් දක්ෂ වෙලා යෝරා...

ඔන්නි කිව්වේ ලොකු හුස්මකුත් පාත දාන ගමන්...

"ම්...ම්වෝ?...

"ඔයා තාම ආදරෙයි නේ ජිමින්ට ම්ම්...

ඔන්නි ඇහුවත් එක්කම මගෙ ඇස් වල කදුලු පිරුනේ මටත් නොදැනිමයි...

"ඔ...ඔන්නි...

"මූණින් හැගීම් හැන්ගුවට ඇස් වලින් හැගීම් හන්ගන්න බෑ යෝරා...ඔයා හිතුවද සතුටින් හිනාවෙලා ඉද්දි ඔයාගෙ හිතේ තියන වේදනාව ඔයාගෙ ඔන්නිගෙන් හන්ගන් ඉන්න පුලුවන් කියලා ම්ම්...

ඔන්නි ඒක කිව්වෙ හරියට ඔම්මෙක් වගේ...ඔන්නි ඒක කියද්දි ඔන්නිගෙ ඇස් උනත් ලාවට තෙත් උනා මන් බලාගෙන...

"එ...එහෙම එකක් නෑ ඔන්නි...මන් සතුටින්...ගොඩක් සතුටින්...මගෙ පවුලෙ හැමෝම එක්ක ඉද්දි මන් සතුටු නොවී ඉන්නෙ කොහොමද ආ...

මන් ඇස් වල පිරුණු කදුලු ඇස් අස්සෙම හන්ගගෙන හිනාවෙවී කිව්වා...කොහොමත් මට ඕන්නෑ මන් නිසා ඔන්නි දුක් වෙනවා බලන්න...

"යෝරා...ප්ලීස් මගෙන් දේවල් හන්ගන්න එපා...ඔයා දන්නැති උනාට ඔයා රෑ අස්සෙ තනියම අඩන ඒවා...ඩයට් කරනවා කියලා බොරුවට කෑම මගාරින ඒවා ඒ ඔක්කොම මන් දන්නවා ඔයාට නොකිව්වට...

ඔන්නි කිව්වත් එක්කම මන් ඇස් දෙකත් බෝල කරල ඔන්නි දිහා බැලුවේ ඔන්නි කොහොමද මේවා දන්නෙ කියල පුදුමෙන්...

"ඔ...ඔන්නි මන්...

"ඔයා එයාට එච්චරටම ආදරේ කරනව නම් ඇයි ඔයා එයා ගාවට ආයිත් යන්නැත්තෙ යෝරා ම්ම්...ඇයි මෙහෙම ඔයා එයාගෙන් ඈත්වෙලා විදවන්නේ...

"ඔ...ඔන්නි ඒත් ඇයි ඔයා එකපාරටම එහෙම කිව්වේ...ඔ...ඔයා කොහොමත් කැමති උන්නෑනෙ මන් එයාට මැරි කරනවට...එහෙම වෙලත් ඇයි දැන් ඔහොම කියන්නේ...

මන් ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරන් ඇහුවේ ඔන්නි ඔය වගේ දෙයක් කියයි කියල මන් හීනෙන්වත් බලාපොරොත්තු උනේ නැති නිසා...

"මන් ඔයා එයාව මැරි කරනවට කැමති උන්නෑ තමයි යෝරා...ඒත් එහෙම කියලා ඔයා අපිත් එක්ක ඉන්නෙ හිතින් විදව විදව නම් මට ඊට වටිනවා ඔයා ආයිත් එයා ගාවට යන එක...ඊට...

ඔන්නි තව මොකක්ද කියන්න ගියත් ඔන්නි ඒ කියන්න ගිය එක මොහොතකට නතර කළේ waitress අපෙ ඕඩර් එකත් අරන් අපි ගාවට ආපු නිසා...

"මිස්...මිස්ලාගෙ ඕඩර් එක...

හිනාවෙලා කිව්ව ඒ waitress අපෙ ඕඩර්ස් දෙක ගාන්ට පිළිවෙලට අපි ගාවින් ඇහිරුවා...

"ම්...මේ ඒක නෙවෙයි ඔයා ඉස්සෙල්ල කිව්ව නේද මේකෙ දැන් මිස්ට පාක් ඇවිත් ඉන්නව කියලා...

ඔන්නි ඒ waitress ගෙන් ජිමින් ගැන ආයිත් අහපු නිසා මන් ඇස් දෙකත් ලොකු කරල ඔන්නි දිහා බැලුවේ ඔන්නි ඇයි එකපාරටම ඇයි ඒක ආයිත් අහන්නෙ කියල පුදුමෙන්...

"ඔව් මිස්...

"එහෙනම් මට දැනගන්න පුලුවන්ද එයා දැන් මේ වෙලාවෙ ඉන්නෙ කොහෙද කියලා...

"ඔන්නි...

ඔන්නි ඒක ඇහුවත් එක්කම මන් ඔන්නිව නවත්තන්න හැදුවත් ඔන්නි මට ඉන්න කියලා අතින් අගවලා උත්තරේ දැනගන්න waitress දිහා බැලුවා...

"මේ වෙලාවෙ මිස්ට පාක් නම් ඉන්නෙ රූෆ් ටොප් එකේ මිස්...

"මේ වෙලාවෙ රූෆ්ටොප් එකට වෙන අයට යන්න පුලුවන්ද එතකොට...

ඔන්නි ආයිත් අහපු නිසා මන් කේන්තියෙන්  අත් දෙකත් පපුවට කරල බැදන් වෙන පැත්තක් බලාගත්තා...මොකද මට ඕනි උනේ නෑ එයාගෙ නේම් එකවත් මේ වෙලාවෙ අහන්න...

"මේ වෙලාවෙ යන්න බෑ මිස්...මිස්ට පාක් මේ ටයිම් එකේ රූෆ්ටොප් එකේ තව සර් කෙනෙක් එක්ක මීටින්ග් එකක ඉන්නෙ...ඉතින් මේ ටයිම් එකේ මිස්ට පාක් අපෙ රූෆ්ටොප් එක එයාටම විතරක් බුක් කරගෙන තියෙන්නෙත්...

"හරි...තැන්කියු...

"ඕකේ මිස්...එහෙනම් මන් යන්නම්...

ඒ waitress අපි ගාවින් ගියත් මන් නෙවේ විනාඩියකටවත් ඔන්නි දිහා බැලුවේ...මන් නෝක්කඩුවෙන් බොබා ටී එක අතට අරන් ඒක බොන්න ගත්තෙත් වෙන පැත්තක් බලාගෙන...

"යෝරා ඇයි ඔයා ගිහින් කතා කරන්නැත්තෙ...

ඔන්නි ඇහුවත් මන් නෙවේ විනාඩියකටවත් ඔන්නි දිහා බැලුවෙවත්...මන් ඔන්නි කිව්ව දේ නොඈහුනු ගාන්ට බොබා ටී එක බිව්වා...

"යෝරා මන් දෙයක් ඇහුවා...

මන් ඔන්නිට උත්තර දුන්නැති නිසාද කොහෙද ඔන්නි ආයෙමත් සැරයක් ඇහුවේ ටිකක් කේන්තියෙන් වගේ...

"ඔන්නි ප්ලීස් දැන් ඕක නතර කරගන්න...මට දැන් එයාව හම්බුවෙන්න තියා එයාගෙ මූණවත් බලන්න කිසි ඕනිකමක් නෑ...

හිත නම් ඉල්ලුවෙම එයාව ගිහින් බලන්න කියල උනත් මන් මුරණ්ඩු කමේම කිව්වා...එයා ජින් ඔප්පට අරහෙම ගැහුවට පස්සෙත් මන් මොකද එයාව බලන්න යන්නේ😑...මන් මගෙම හිතට තරවටු කරගත්තා...

"යෝරා ඒ උනාට තව පාරක් හිතන්න...එයාට ඔයාව ඕනි නැත්නම් එයාට තිබ්බ ඔයා ආපු දවසෙම අනිත් පැත්තට ඩිවොස් කරල දාන්න...ඒත් එයා එහෙම කළේ නෑනේ...ඒ කියන්නෙ එයත් ඔයාට ආදරේ ඇති පොඩී...

"හහ් ආදරේ🙃...ඔන්නි එයා ආදරේ ගැන දැනගන්න එයාට හාට් එකක් කියල එකක් තියෙන්න එපෑ...ඊට වඩා ජින් ඔප්පට අර වගේ මන් ඉස්සරහම ගහලත් මන් මොකටද ඔන්නි ඒ වගේ කෙනෙක් ඉස්සරහට යන්නෙවත්😑...

මන් කිව්වේ ලොකු කේන්තියකින්...

"මන් එයා ජින් ඔප්පට ගහපු එක ගැන දන්නව යෝරා...මට ඒ සිද්ධිය ජින් ඔප්පා කිව්වා...ඒත් හිතන්නකො ඒ වෙලාවෙ ඔයා ජින් ඔප්පව හග් කරන් ඉද්දි එයාට කේන්ති ගියාද කවුද දන්නේ...ඊට වඩා එයා දන්නෙත් නෑන් ජින් ඔප්පා කියන්නෙ අපෙ කසින් කෙනෙක් කියලා...ඊට වඩා කවුද කැමති වෙන්නෙ තමන්ගෙ වයිෆ් වෙන කෙනෙක්ව හග් කරන් ඉද්දි...

"අනෙ එයාගෙ අකමැත්ත ඔන්නි😑...එයා අඩු ගානෙ මාව එයාගෙ වයිෆ් හැටියටවත් හිතනව කියල මන් හිතන්නෑ...අඩු ගානේ එයාට එයා මැරි කරල ඉන්නෙ කියලවත් මතකෙ තියනව කියල මන් හිතන්නෑ හහ්...

නෝන්ඩි හිනාවක් දාලා මන් කිව්වෙ පුලුවන් තරම් හිතට දැනෙමින් තිබ්බ කේන්තියයි දුකයි කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරන අස්සෙමයි...

"යෝරා ඒ ඔයා හිතන හැටිනේ...එයා ඇ...

"මන් හිතන හැටි නෙවෙයි ඔන්නි ඒකයි ඇත්ත...ඒකයි එයාගෙ ඇත්ත...එයාට මාව චුට්ටක්වත් ඕනි නෑ ඔන්නි...කොහොමත් දැන් එයා සතුටින් ඇත්තෙත්...

හිතට දැනෙමින් තිබ්බ වේදනාව නිසා ඇස් වලට උනන ගමන් තිබ්බ කදුලු ඇස් අස්සෙම හිරකරගන්න ගමන් කිව්ව මන් යටි තොලත් හපන් වෙන පැත්තක් බලාගත්තා...

"යෝරා කියන දේ අහන්න පොඩී...

"ඇති ඔන්නි හොදටම ඇති...ආයිශ්...

කේන්තියෙන් කිව්ව මන් අතේ තිබ්බ බොබා ටී එකත් ටේබල් එකෙන් තියලා ටේබල් එකෙන් නැගිටලා කැෆේ එකේ එක්සිට් ඩෝ එක ගාවට ආවේ ඔන්නි මගෙ නේම් එක කියල කතා කරනව ඇහුනත් ඒකවත් ගානක් ගන්නැතුව...

මන් එහෙම්ම දෙපාරක් නොහිතම ඩෝ එකත් ඇරන් එළියට ඇවිත් අඩි දෙකක් යන්න උන්නෑ කාගෙද මන්දා ගල්ගෙඩි ඇගක වැදුනු පාර මාව වැටෙන්න ගිය නිසා වැටුනා තමයි කියලා හිතලා මන් ඇස් දෙක පියාගත්තත් ඒ කෙනා මගෙ ඉනෙන් අල්ලලා ඇදල අරන් මාව වැටෙන්න දෙන්නැතුව අල්ලගත්ත කියලා තේරුනත් එක්කම මන් ඇස් ඇරියේ ඉක්මනින් එයාගෙන් එහාට වෙන්න උනත් ඒ මාව අල්ලන් තියෙන්නෙ වෙන කෙනෙක් නෙවෙයි ජිමින් කියලා දැක්කත් එක්කම මොහොතකට මගෙ මුළු ඇගම එකපාරම ෆ්‍රීස් වෙලා ගියේ මටත් නොදැනිමයි...

_________________________________________ 

ඔන්න දිග චැප්ටර් එකක්😌...ආයිත් එහෙම දිග චැප්ටර්ස් ඉල්ලන්නෑ දෙන්නෑ හූම්😒...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....












Continue Reading

You'll Also Like

221K 14.4K 19
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...
354K 20.9K 75
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
159K 4.7K 49
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
1.2M 51.3K 97
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC