~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

34🍇

443 66 37
By lem_kia

බැල්කනි එකේ ෆෙන්ස් එකට අත් දෙකත් තියලා බරවෙලා වෙලා දැන්ටමත් රෑ වෙලා නිසා කළු පාටට රැළි ගහන පහළින් පේන  මුහුද දිහා බලන් මන් කල්පනා කළේ අද ජියා මට කියපු දේවල් ටික ගැන...

ජියා කියන විදිහට ජිමින් සෝල් වල මොකක් හරි ලොකු රිස්ක් එකක් තියන කේස් එකකට අතගහන හැමවෙලාවකම ජියාව ෆීමෙල් බොඩිගාඩ්ස්ලා එක්ක ලොකු ආරක්ෂාවක් ඇතුව ජේජු වල තියන මේ හොටෙල් එකට එවනවා...එතකොට මේ පාර මාවත් ජියාත් එක්කම මෙහෙට එකපාරටම එව්වේ ඒකයි එතකොට...ඒ වගේම ජියා කියන විදිහට මේ හොටෙල් එකත් ජිමින්ගේ...වාව් මන් නොදන්න කොච්චර දේවල් තියනවද මන්දා එතකොට...

ලොකු හුස්මක් පහළ දැම්ම මන් තව ටිකක් බැල්කනි එකේ ඉන්නව කියල හිතන් හැදුවෙ බැල්කනි එකේ තිබ්බ පැද්දෙන ඔන්චිල්ලාවෙ වාඩිවෙන්න උනත් එකපාරටම රූම් එකේ ඩෝ එක ඇරෙනව ඇහුනු හඩ නිසා මන් ඔන්චිල්ලාවෙ වාඩිවෙන්නැතුවම රූම් එක ඇතුළට ආවේ ජියාවත්ද කියල හිතලා...

"ජ්...ජිමින් ඔය මොකද...

රූම් එකේ ඩෝ එකත් ඇරන් මොනවද මන්දා පොඩි බ්ලැක් කලර් බෑග් එකකුත් එක අතකට අරගෙන ඇතුළට එන ගමන් හිටපු ජිමින් ගාවට අඩියට දෙකට එන ගමන් මන් ඇහුවේ එයා ඇදන් හිටපු බ්ලැක් කලර් කෝට් එකේ එක අතක් අස්සෙන් පහළින් බේරෙන ගමන් තිබ්බ ලේ ටික දැක්කත් එක්කම හිතට දැනුනු කම්පනෙන්...

"යනව අහකට...

සැර මූණක් දාලා කිව්ව එයා එහෙම්ම මගෙ අතකින් අල්ලලා මාව බලෙන්ම එහාට කරලා වොශ්රූම් එක පැත්තට ගියා
...

වොශ්රූම් එක ඇතුළට ගිය එයා ඩෝ එක වහන්න හැදුවා උනත් ඊට කලින් මන් ඉක්මන්ට වොශ්රූම් එක අස්සට පැනගත්තා...

"වට් ද😡...යනව දැම්ම එළියට මන් එළියට ඇදල දාන්න කලින්...

"‍යන්න තිබ්බා ඔයා මගෙ කවුරුත් නොවුනා නම්...ඒත් දැන්...දැන් ඔයා මටත් අයිතියි...ඒ නිසා ඔයා එළියට දාන්න හැදුවත් මන් මෙතනින් යන්නේ ඔයාගෙ තුවාලෙට බෙහෙත් දාන්න උදව් කළාට පස්සෙ විතරයි ජිමින්...

එයා දිහා රවලා බලලා කිව්ව මන් එයා හිතන්නත් කලින් ඉක්මන්ට අනිත්පැත්තට එයාගෙ තුවාල උනු අතේ නැතුව අනිත් අතේ තිබ්බ බෑග් එක අරන් සින්ක් එක ගාවට ඇවිත් ඒක ඇරියා...

"යෝරා 😡...

එයා තරහින් කෑ ගහලා කිව්වා උනත් ලොකු මහන්සියක් වගේම ලොකු අපහසුවකුත් එයාගෙ කටහඩේ නොඅඩුවම රැදිල තිබ්බා...කොහොමත් එයාගෙ තොල් උනත් යාන්තමට ලා රෝස පාටට හැරිල තිබ්බෙත් මන් ලාවට වගේ දැක්කා...

"කෝ කොහෙද මේකෙ පෙයින් කිලර්ස් තියෙන්නේ ජිමින්...

මන් එයා කෑ ගැහුව එක ඇහුන්නැති ගාන්ට ඇහුවේ බෑග් එක ඇතුළෙ පිළිවෙළට අහුරලා තිබ්බ medical equipments අතර කළබලෙන් ඇස් යවන ගමන්...

"දෙනවා ඕක...

මන් ගාවට ආපු එයා අනිත් පැත්තට මගෙ අතේ තිබ්බ බෑග් එක උදුරගන්න හැදුව උනත් ඊට ඉක්මන් උනු මන් බෑග් එක අරන් බදාගෙනම එයාගෙන් අඩියක් පස්සට උනා...

"කිව්වනෙ මන්😡...මන් ඔයාගෙ වයිෆ් පාර්ක් ජිමින්...ඔච්චර නපුරු වෙන්නැතුව මන් කිව්ව දේට උත්තර දෙන්න...

මන් ටිකක් සැරෙන් කෑ ගහල කිව්ව පාර ජිමින් සින්ක් එක තුවාල උනු අතින් නැතුව අනිත් අතින් අල්ලන් තද කරලා මිරිකගත්තේ එයාවම කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරන ගමන් වගේ...

"ඔය උඩම තියන පොකට් එක ඇතුළෙ...

කේන්තියෙන් උනත් ලොකු මහන්සියකුත් එක්ක කිව්ව එයා  ගිහින් කොමඩ් කවර් එක උඩින් වාඩි උනා...මන් හිතන්නේ එයාට දැන්ටමත් අමාරුයි..එයා මූණින් හැන්ගුවට එයාගෙ දැන්ටමත් ලාවට සුදුමැලි වෙලා තිබ්බ මූණ දැක්කම මට හිතුනා...

ඒ ගමන් අනිත්පැත්තට බෑග් එකේ උඩම තිබ්බ පොකට් එක ඇතුළින් ටැබ්ලට්ස් දෙකක් ගත්ත මන් බෑග් එක ඇතුළෙ තිබ්බ වෝට බොටල් එකකුත් අරන් ඒකත් කඩලා අරන් එයා ගාවට අඩියට දෙකට ආවේ මොකක්දෝ හේතුවකට හාට් එකත් එක්කම හිරිවැටිල යනව වගේ දැනෙද්දි...සමහරවිට ලේ දැක්ක නිසා වෙන්නැති...

"ආ ගන්න...

මන් එයා අතට ටැබ්ලට්ස් දෙකයි වෝට බොටල් එකයි දුන්නත් එක්කම එයා අනිත් පැත්තට ඒ දෙක කටට දාගෙන එක වතුර උගුරට බීලා දැම්මා...

එතකොටයි මාත් දැක්කේ මන් ටැබ්ලට්ස් ටික ගේන ටිකට එයා එයාගෙ කෝට් එක ගළවලා එයා ඇදන් හිටපු බ්ලැක් කලර් ශර්ට් එකේ උඩ බටන්ස් තුනත් අමාරුවෙන් උනත් ගළවගෙන...

එයා නම් මූණින් කිසි අමාරුවක් පෙන්නනැතුව සැර මූඩ් එකකින් හිටියට මොකද අමාරුවටද කොහෙද එයා නිකට දිගෙයි බෙල්ලෙයි හොදටම දාඩියත් දාන්න අරන් තිබ්බේ...

"දැන් යනවා මන් ඉ...

එයා කියලා ඉවර වෙන්න කලින් එයා ගාව කකුලක් බිමට බර කරල බිමට නැවුනු මන් පුලුවන් ඉක්මන්ට එයාගෙ ශර්ට් එකේ  බටන්ස් ටික ගලවන්න ගත්තේ මොකක්දෝ හේතුවකට මට ජිමින් වේදනාවෙන් ඉන්නවා බලන්න අපහසු උනු නිසා...බැන්නත් කමක් නෑ කියලා මට ඕනි උනේ එයාගෙ තුවාලෙට ඉක්මන්ට බෙහෙත් ටික වැටෙන්න සලස්සගන්න...ඒ අස්සෙ එයාගෙ අතින් හෝ ගාලා ලේ බිංදු බිමට වැටෙනවත් එක්ක...ඒක ඇස් අගින් පේද්දි මගෙ මුළු ඇගම වෙවුලන්න ගන්නව වගේ  දැනුනෙ මට...කොහොමත් මට ලේ දකින්න අමාරුයිනේ...ඒ හින්දා මන් හිතන්නේ...

"යෝරා😡...

මගෙ දිහා එයාගෙ ගිනි පිටවෙන ඇස් වලින් එක එල්ලේ බලාගෙන එයා සැරෙන් කිව්වේ එයාගෙ බටන්ස් ගලවන ගමන් හිටපු මගෙ අතක් තදින් මිරිකලම අල්ලාගන්න ගමන්...කේන්තියටයී වේදනාවටයිද කොහෙද එයාගෙ බෙල්ලෙ නහර හිටන් ඉලිප්පිලා තිබ්බෙත්...

"එකසැරයක් කිව්වහම අහන්න ජිමින්...මේ වෙලාවෙ කේන්ති ගන්න නෙවෙයි ඔයාගෙ තුවාලෙට ඉක්මන්ට බෙහෙත් දාගන්න එකයි වටින්නේ...බලන්න ඔයාගෙ අතින් හොදටම ලේත් එනවා...

එයාගෙ අතට මිරිකිලා තිබ්බ මගෙ අතින් දැනුනු වේදනාව අස්සෙන්ම මන් කේන්තියෙන් කිව්වේ මොකක්දෝ හේතුවකට මගෙ ඇස් දෙකේ කදුලුත් පිරෙන අස්සෙමයි...ඔව් මට රිදුනා...ඒත් ඒ මගෙ අත එයාගෙ අතට මිරිකෙන නිසා නෙවෙයි කියන්නත් මන් හොදටම දැනන් හිටියා...

මන් කිව්වත් එක්කම එයා අනිත් අතට මගෙ අත ගසලා වගේ අතෑරියේ ලොකු කේන්තියකින්....ඒ ඇස් උනත් කේන්තියටද වේදනාවටද මන්දා රතු වෙලා ගිහින් තිබ්බෙත්...

මගෙ අත අතෑරපු පරක්කුවට මගෙ අතින් දැනුනු වේදනාවවත් බලන්නැතුව මන් ඉක්මනින් අනිත් පැත්තට එයාගෙ ශර්ට් එකේ ඉතුරු බටන්ස් ටිකත් ගලවලා දැම්මා...

එයාටත් මේ වෙලාවෙ මාත් එක්ක වාද කරන්න තරම් පුලුවන් කමක් නැති නිසාද කොහෙද එයාත් හැබැයි මන් බටන්ස් ටික ගළවනකම්ම මුකුත් නොකර හිටියා...

බටන්ස් ටික ගළවලා අනිත් පැත්තට බිමින් නැගිට්ට මන් අඩියට දෙකට ගිහින් බෑග් එකේ තිබ්බ ඉන්ජෙක්ශන් එකයි ලික්විඩ් දාලා තිබ්බ පොඩි කුප්පියයි අරන් එයා ගාවට ආවේ එදා එයා බෙහෙත් දාගන්නවා බලන් හිටපු මතකෙට...

මන් එනකොටත් එයා ශර්ට් එක ගළවලා එහෙම හිටියේ...

"ආ ඉක්මනින් ගහගන්න...

පුලුවන් ඉක්මන්ට ලික්විඩ් කුප්පියෙන් ඉන්ජෙක්ශන් එකට ලික්විඩ් ටික දාගත්තු මන් අනිත් පැත්තට එයාගෙ අතට ඉන්ජෙක්ශන් එක දෙන ගමන් කිව්වේ මූණින් නොපෙන්නුවට ලොකු කම්පනේකින්...මොකද ජිමින්ගේ තොල් උනත් දැන්‍ටමත් ඉස්සෙල්ලටත් වඩා ලා පාටට හැරිල තිබ්බේ...නිකන් එයා ෆෙයින්ට් වෙන්න යනවදත් කියලමයි මට හිතුනේ...

ඉන්ජෙක්ශන් එක කිසි ගාණක් නැතුව එක අතකට ගහගත්තු එයා අනිත් පැත්තට හිස් ඉන්ජෙක්ශන් එක බිමට විසික් කරල දාලා මගෙ අතේ තිබ්බ බෑග් එකෙන් සේලයින් එකක් අරන් ඒක කටින් කඩලා එයාගෙ අතට හලාගත්තා ...මන් එතකොටයි හරියටම දැක්කේ දෙයියනේ එයාගෙ රයිට් හෑන්ඩ් එකේ ආම්පිට් එකට උඩ ලොකුවට කැපිලා ගිහින්...එතන ලේ එකයි...ඒ මදිවට එතනින් බේරෙන ලේ කෙළින්ම එයාගෙ අත දිගේ බේරි බේරි බිමට වැටෙනවා...ඒක දැක්කත් එක්කම මගෙ ඔලුවම මොකක්ද වෙලා ගියා උනත් මන් අමාරුවෙන් උනත් එයා ගාවම හිටියේ එයාට ෆෙයින්ට් උනොත් කියලා බයට...

ට්‍රීන් ට්‍රීන්...

ඒත් එක්කම කවුදෝ රූම් එකේ බෙල් එක රින්ග් කරනවා ඇහුනු නිසා මන් ජිමින් දිහා බැලුවෙ ඒ කවුද කියලා හිත හිත...

"ඩෝ එක අරින්න...ඩොක්ටර් වෙන්නැති...

නිකන් මත්වෙලා වගේ බැල්මකින් මගෙ දිහා බලලා එයා කිව්වේ ලොකු අපහසුවකින් වගේ...

එයා මන් දිහා බලපු විදිහටම එයා ඉන්නේ ෆෙයින්ට් වෙන්න ඔන්න මෙන්න වගේ කියල තේරුනු නිසා මන් පුලුවන් ඉක්මන්ට වොශ්රූම් එකෙන් දුවල වගේ ආවේ මොකක්දෝ හේතුවකට හිතට ලොකු බයක් දැනෙද්දි...මට දැනුනෙ හරියට කෑගහලා අඩන්න ඕනි තරමේ බයක්...වේදනාවක්...

ඩොක්ටර් ජිමින්ට බෙහෙත් කරන්න ගත්තට පස්සෙ තමයි ඔන්න මට ටිකක් හරි සහනයක් දැනුනෙ...මොකද මන් එතකන් හිටියේ ජිමින්ට ලේ ගලන අස්සෙම ෆෙයින්ට් වෙයිද කියලා ලොකු බයකින්...

ජිමින්ට ඩොක්ට බෙහෙත් දානවා ටිකවෙලාවක් බලන් හිටපු මන් වොශ්රූම් එකෙන් එළියට ආවේ මොකක්දෝ හේතුවකට මගෙ ඔලුවත් එක්කම පුපුරන්න වගේ රිදෙන්න ගත්ත නිසා...වොශ්රූම් එකෙන් එළියට ආපු මන් එහෙම්ම වතුර ටිකක් බොන්න හිතාගෙන අපහසුවෙන් උනත් රූම් එකේ කොෆි ටේබල් එක ළගට ආවා උනත් එකපාරටම ඔලුවෙන් කරන්ට් වදිනවා වගේ වගේ වේදනාවක් දැනෙන්න ගන්නව විතරයි මතක අනිත් පැත්තට මුළු රූම් එකම කලුපාට වෙලා ගියා වගේ මට දැනුනේ...
_________________________________________

අහම්🙃...

කෝ බලන්න ජිමින්ගෙ ෆෑන්ස්ලා ටික😁...මන් හිතන්නෙ මගෙ ff වැඩියෙන්ම කියවන්නෙ ජිමින් බයස්ලාද කොහෙද...මොකද මගෙ ff වලට කමෙන්ට්ස් වෝට්ස් කරන ගොඩක් අයගෙ තියෙන්නේ ජිමින්ගෙ dp😆...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....







Continue Reading

You'll Also Like

311K 29.3K 67
Third book of idol love series... Devotion- "Strongest form of love" All the characters are fictional. There is no connection with the real place or...
1M 57.1K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
926K 42.5K 62
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
486K 14K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc