~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

28🍇

434 66 20
By lem_kia

චටස්!!!!!!!!

එකපාරටම නින්දෙන් ඇහුනු ඌරෙක් පොළේ ගැහුවා වගේ සද්දෙ නිසා මාව ගැස්සිලා වගේ ඇහැරුනේ...

මොකක්ද ඒ අමුතු සද්දෙ කියල හරියටම හිතාගන්න බැරි උනු නිසා මන් ඇස් වල නිදිගැට කඩන ගමන්ම ඉක්මනින් බෙඩ් එකෙන් වාඩිවෙලා හතර අතේ ඇස් යැව්වේ අන්දුන්කුන්දුන් වෙච්ච ෆීලින්ග් එකකින්...

"ආයිශ්...

"ජ්...ජිමින්...

එකපාරටම බිමින් ඇහුනු ජිමින්ගෙ කටහඩට තමා ඔන්න මන් නින්දෙන් හරිම සිහියට ආවේ...මොකද මන් රූම් එක පුරා බැලුවට මොකද මන් හිටියේ බාගෙට නිදිමතේ...

මන් බලනකොටත් ජිමින් කොන්දත් අල්ලන් මූණත් ඔහොක් කරන් බිමින් නැගිටින ගමන් හිටියේ...

"ඔහ් ගෝඩ් ජිමින් එතකොට ඔයා වැටුන සද්දෙද ඒ ඇහුනෙ😗...

ජිමින් කොන්දත් අල්ලන් තරහින් පුපුර පුපුර බිමින් නැගිටින දිහා බලාගෙනම මන් ඇහුවේ කෝකටත් කියල බෙඩ් එකෙන් නැගිටිනත් ගමන්...මොකද ඉතින් දන්නෑනේ මේ මැට්ටා වැටුන කොහේ වැදුනද කියලා...ඒ අස්සෙ හිනත් යන්න එනව මේ නපුරගෙ ඇද උනු මූණ දැක්කම🥹...

"තමුන්ට මොළයක් කියල එකක් නැද්ද රූම් එකේ වතු‍ර හලන්නේ😑...

ඒ අස්සේ මේ මැට්ටා කොන්දත් අල්ලන් මගෙ දිහා කන්න වගේ බලන් කියනවා...

මේ මැට්ටා පව් කියලා බෙඩ් එකෙන් නැගිට්ට මොකද මේ නපුරා මූණත් තරහින් පුම්බගෙන ගොරවන විදිහට නම් ආයිත් පාරක් කකුල් මාට්ටුවක් දාන්නමයි හිතෙන්නේ තියන නපුරුකම බහින්නත් එක්ක😒...

"ඇයි ඔයාට ඇස් තිබ්බෙ බැද්ද බිම වතුර තියනව දැක දැක වතුර ටික උඩම කකුල තිබ්බේ😑😒...

මාත් නපුරට සෙකන්ඩ් නොවී අත් දෙකත් පපුවට කරල බැදගන්න ගමන් රවාගෙනම කිව්වා...

"තමුසෙට මන්...ආහ්...

කේන්තියෙන් පුපුරන ගමන් මොකද්දෝ කියන්න ගිය එයා එකපාරටම කොන්ද අල්ලගත්තු විදිහට නම් මට තේරුනා මෑන්ස්ට මොනා නැතත් දවස් දෙක තුනක් යනකන්වත් පිටේ බාම් ගාන්න වෙන සැර පාරක් වැදිල කියලා😗...

"බාම් එකක පිහිටපතන්න වෙයි වගේ නේහ් මිස්ට පාක්😗...ආහ් නෑ...මිස්ට හස්බන්ඩ්🙃...

කට කොනින් නෝන්ඩි හිනාවක් දාලා අන්තිම පාට් එක ටිකක් බර කරල කිව්ව මන් ආයෙමත් සැරයක් කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන බෙඩ් එකෙන් වාඩි උනා...

"ආයිශ් තමුසෙට මන්....ආහ්හ්හ්😑...

කේන්තියෙන් පුපුර පුපුර මන් දිහා ගිලින්න වගේ බලන් සැරෙන් කිව්ව එයා තරහ කන්ට්‍රෝල් කරගන්න වගේ බෙඩ් එකේ පහළ හරියේ වුඩ් පාට් එකකටත් අතින් එකක් ගහලා ටිකක් කකුලත් ඇද ඇද වගේ මිරර් ටේබල් එක පැත්තට ගියා...

එයා බෙඩ් එකට ගහපු විදිහට නම් මාව විනාඩියකට ගැස්සිලා ගියා උනත් එයා ඇවිදිද්දි බාගෙට තෙත් වෙලා පස්සට ඇලිලා තිබ්බ එයා ඇදන් හිටපු ග්‍රේ කලර් ස්වේට් පෑන්ට් එකේ පස්ස හරිය දැක්කා විතරයි මට හිනා යන්න ආපු නිසා මන් ඉක්මනින් අතින් කට තදකරගත්තා...

හැබැයි මොනා නැතත් මේ නපුරට සෙක්සි හොට් පස්සක් නම් තියනවා වන වන යන්න🤣...

හිතින් හිත හිත මන් ජිමින්ගෙ වතුරට බාගෙට තෙත් වෙච්ච පස්ස දිහා බලන් හිටියේ අත් දෙකින් කටත් වහන් හිනාවෙවී...

"මොකද තමුසෙ හිනාවෙන්නේ ඒ ගමන😑...

ආයිශ් මේ නපුරා මැදින් පනිනවනෙ🥲...අපරාදෙ මන් බල බලා හිටපු ලස්සන දර්ශනේ🥲...බලන්න පටන්ගත්තා විතරයි මන්😒...

"මුකුත් නෑ😒...

රැවිල්ලක් දාලා කට ඇද කරලා කිව්ව මන් එහෙම්ම ඩුවට් එකත් පපුවටම වෙනකන් පෙරවන් එහෙම්ම පිලෝ එකට ඔලුව තියාගත්තා...

විනාඩි හතළිහක් හතළිස් පහක් වගේ යනකන්  බෙඩ් එකට වෙලා ඇස් පියන් නිදාගන්න හැදුවත් හවස නිදාගත්ත නිසාද මන්දා මට චුට්ටක්වත් නින්ද යන පාටක් තිබ්බෙ නෑ...එහෙට හැරුනා...මෙහෙට හැරුනා ම්හ්🥲...

"මේ😒...

නිදාගන්න හදල හදල බැරිම තැන මන් බෙඩ් එකෙන් නැගිටින ගමන්ම සෝෆා එකේ වාඩිවෙලා ස්පෙක්ස් දෙකකුත් දාන් ටැබ් එකකින් මොනවදෝ බල බල හිටපු එයාට කතා කළා...

මන් කතා කළාට මොකද එයා නෙවෙයි විනාඩියකටවත් ඇස් උස්සලා බැලුවේ🙃...

අනේ ඇත්තමයි මේ නපුරාට වැටිච්ච පාර කන් දෙකත් අගුල් වැල්ලද මන්දා😒...

"යාහ් මන් ඔයාට මේ කතා කරන්නේ🙃...

මන් ටිකක් නෝක්කඩුවෙන් ඉස්සෙල්ලාටත් වඩා හයියෙන් කිව්වේ...

ඒත් ම්හ්😒...ඉන්නකො එහෙනම් මන්ම ඔයාගෙ කට අරවන්න😑...

අනිත් පැත්තට එහෙම්ම ඩුවට් එකත් අයින් කරලා බෙඩ් එකෙන් බැස්ස මන් එයා ගාවට අඩියට දෙකට ඇවිත් එයා මුකුත් හිතන්නත් කලින්ම තත්පරෙන් එයා දාන් හිටපු ස්පෙක්ස් දෙක ගළවල මගෙ අතට ගත්තා...

මන් එයාගෙ ස්පෙක්ස් දෙක ගලවල අතට ගත්තා විතරයි එයා නිකන් ගිනි මකරෙක් වැහිලා වගේ සැර බැල්මකින් මන් දිහා බැලුවේ...ඒ ඇස් වලින් ගිනි පිටවුනේ නැති ටික විතරයි අඩුවකට තිබ්බේ...

"මන් ඔයාට කතා කළා මිස්ට පාක්...

එයා බලපු විදිහට නම් මාව මොහොතකට ගැස්සිලා ගියා උනත් මන් මූණින් කිසි වෙනසක් නොපෙන්වා එයා දිහා එක එල්ලේ බලන් කිව්වා...

"මගෙ රතු කට්ට පනින්න කලින් ඕක දීලා මෙතනින් යනවා යෝරා😡...

එයා පුලුවන් තරම් එයාගෙ තරහ කන්ට්‍රෝල් කරගන්න හදනගමන් කිව්වේ...මන් බලාගෙන එයා කතා කරද්දි එයා එයාගෙ තරහ කන්ට්‍රෝල් කරගන්නද කොහෙද එක අතක් තද කරල මිරිකගත්තා...

"හරි දෙන්නම් ...ඒත් දැන්වත් මන් කියන දේ අහන් ඉන්න😒...

මන් මුරණ්ඩුකමේම කිව්වේ...

"කියනවා😡...

එයා කිව්වමයි මතක් උනේ මට කම්මැළිකමේ ජිමින්ට කතා කළාට මොකද කතා කරන්න හේතුවක් හිතුවෙ නෑනෙ කියලා 🙃...දැන් ඉතින් මොකක්ද කියන්නේ🙃...ඒ අස්සෙ ඔලුවට එක්ස්කියුස් එකක් එන්නෙත් නෑ අප්පා🥲...අද නම් මට හොදට අහගන්න වෙයිදත් මන්දා😗...

"ම්...මේ මට ඔයාව ටිකක් අදුරගන්න ඕනි...කෝ ඉතින් ඔයා මාව එකපාරටම මැරි කළාට අඩු ගානෙ ඔයාත් මාට් එක්ක වචන කීපෙකට වඩා කතා කරලත් නෑනෙ🙃...

මන් යන්‍තම් හිතල හිතලා ඇහුවා...

"ආයිශ් දැන් තමුසෙ ඕක අහන්නද මෙතන මගෙ කාලෙ කෑවෙ😑...යනව දැන් ගිහින් නිදාගන්නවා තමුසෙට මන් ගැන දේවල් වැඩක් නෑ...දැන් දෙනව ඕක...

ටිකක් සීරියස් වගේම සැර හඩකින් කිව්ව එයා අනිත් පැත්තට බලෙන්ම මගෙ අතේ තිබ්බ ස්පෙක්ස් දෙක ගන්න හැදුව පාරට එකපාරටම....

_________________________________________

මේ ටිකේ අප්ඩේට්ස් දෙනව ඉක්මන් වැඩිද මන්දා😗...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....











Continue Reading

You'll Also Like

401K 12.1K 93
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
157K 7.1K 28
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...
161K 8.8K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
130K 2.5K 43
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...