~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

26🍇

407 61 13
By lem_kia

ජියා බලන් හිටපු දිහාට ඇස් යැව්වමයි දැක්කෙ අජුම්මා කෙනෙක් රෙඩ් කලර් බැලුන්ස් වගයකුයි රෙඩ් කලර් රිබන් වගේකුයි තව මොනවද මන්දා පුරෝපු ලොකු කාඩ් බෝඩ් බොක්ස් එකකුත් උස්සන් ජියා දිහා ටිකක් අවුලෙන් වගේ බලන් ඉන්නවා...

"බේබි හරි වැඩේනෙ උනේ🥺...

ඒ අජුම්මා කිව්වේ ටිකක් දුකින් වගේ...

ඊට පස්සෙ ඒ අජුම්මා මන් දිහාත් දුකින් වගේ බලලා ජියා ගාවට ඇවිත් රහසින් ජියාට මොකක්දෝ දෙයක් කිව්වා...

"ආයිශ් අපෙ ඔප්පා නම්😐...කමක් නෑ අජුම්මා දැන් ඉතින් මොකක් කරන්නද...අජුම්මා දැන් යන්නකො...

"ඇයි ජියා?...මොකක්ද ප්‍රශ්නේ🙄?...

අජුම්මා අපි ගාවින් ගියත් එක්කම කේන්තියෙන් වගේ යටිතොලත් විකන් හිටපු ජියා දිහා බලලා මන් ඇහුවේ ලොකු කුතුහලේකින්...

"අ...අනී යෝරා...මොකුත් ප්‍රශ්නයක් නෑ...එන්නකො...

ජියා මාව ජිමින්ගෙ මාස්ටර් බෙඩ් රූම් එක ගාවින් ඇරලවලා ගියා මිසක් අජුම්ම එයාට මොකක්ද කිව්වෙ කියල නම් මොකුත් කිව්වෙ නෑ...අනේ මන්දා ඒ අස්සෙ ජිමින් මොනා කරලද දන්නෑ...

මන් හිතින් හිත හිතාම ජිමින්ගෙ රූම් එකේ ඩෝ එක ඇරන් රූම් එක ඇතුළට ආවා...හැබැයි මන් ඇතුළට යද්දි නම් ජිමින් රූම් එකේ කොහෙවත් හිටියෙ නෑ...සමහරවිට වොශ් එකක් දාගන්නවත් යන්නැති...

"ඕ ගෝඩ් ජිමින් මේ ෆ්‍රොක් එක කොහෙන් ගත්තද මන්දා ගල් ගොඩක් ඇදන් ඉන්නව වගේ දැනෙන්නේ මේක ඇදන් ඉද්දි...

මන් ඣුරු මූඩ් එකකුත් දාන් කිය කියා ඇවිත් බකස් ගාලා රූම් එකේ තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා...

හම්මෝ දැනෙන සනීපේ...

දාන් හිටපු හීල්ස් දෙකත් ගළවලා පැත්තකින් තිබ්බ මන් එහෙම්ම ඇස් දෙකත් පියාගෙන ජිමින් එනකන් පොඩි නැප් එකක් දානව කියල හිතන් සෝෆා එකට ඔලුව බරකරගත්තා...

ලා නින්දක හිටපු මන් ලාවට ඇහුනු ඩෝ එකක් ඇරෙන සද්දෙ නිසා එහෙම්ම ඔලුව උස්සලා වොශ් රූම් එක දිහා බැලුවෙ එයාවත්ද කියල සැකේට....

"Damn🫣...

ඉන පහළින් වෙන්න වයිට් කලර් ටවල් එකකුත් ඇදන් තෙත කොන්ඩෙත් ගස ගස වොශ් රූම් එකෙන් එළියට එන ගමන් හිටපු එයාව දැක්කා විතරයි මන් කිව්වා නෙවෙයි නිකන්ම මට කියවුනා...

වතුර බිංදු තැනින් තැන රැදිල තිබ්බ එයාගෙ මිල්කි වයිට් මස්කියුලර් පපුව...ගාන්ට බිල්ඩ් අප් කරන් තිබ්බ එයාගෙ සික්ස් පැක්ස්...එයා ටවල් එක ඇදල තිබ්බෙ ඉනට ටිකක් පහළින් වෙන්න නිසා හොට් විදිහට කැපිල පෙවුනු එයාගෙ වී ලයින් එක...තෙත කොන්ඩෙ ගසද්දි හෙල්ලෙන එයාගෙ රයිට් හෑන්ඩ් එකේ මසල්ස්....මේ හැම දෙයක්ම නිසා විනාඩියකට මට ඉන්න තැනත් අමතක වෙලා ගිහින් තිබ්බේ...

"ඔය කට වහගන්නවා ඔක්කොටම කලින්😑...

එයා නපුරු හඩකින් කියනව ඇහුනු පාරට මන් පියවි සිහියට ආවෙ🥲...

අයිශ් අද නම් අතේම මාට්ටු වගේ🥲...

"ක්...කවුද කට ඇරන් හිටියේ...විකාර😒...ඒක නෙවෙයි කෝ මගෙ සූට්කේස් ටික...ඔයාගෙ බොඩිගාඩ් කෙනෙක් මගෙ සූට්කේස් ටික ගත්ත ගත්තමයි තාම නම් හම්බුන්නෑ මට😒...

ලැජ්ජාව වහගන්නත් එක්ක සීරියස් මූඩ් එකක් දාලා කිව්ව මන් අත් දෙක පපුවට කරල බැදගත්තා...

"අර wardrobe එක ඇරල බලනවා...

ඩෝන්ට් කෙයා හඩකින් කිව්ව එයා ආයෙමත් සැරයක් කොන්ඩෙත් අතින් ගස ගස එයාගෙ wardrobe එක පැත්තට ගියා...

පුදුම නපුරෙක් තමයි😒...කතා කරන්නත් මටම උගන්නන්න වෙයි වගේ😒...

එයාගෙ නොඈහෙන ගාන්ට හිමින් මටම මුමුණගත්තු මන් එයාට රැවිල්ලකුත් දාලා ඇවිත් එයා මට ඇස් වලින් පෙන්නපු එයාගෙ wardrobe එකට කෙළින්ම විරුද්ධ පැත්තෙ තිබ්බ ලොකු වයිට් කලර් wardrobe එක ගාවට ඇවිත් ඒක ඇරියා...

"ම්....මේ මොනවද?...මේ මගෙ ඇදුම් නෙවෙයිනෙ...

Wardrobe එක පුරවල තිබ්බ අලුත් ඇදුම් ටික දිහා ආයෙමත් සැරයක් හොදට බලන ගමන්ම මන් ඇහුවේ අන්දුන්කුන්දුන් වෙච්ච ෆීලින්ග් එකකින්...

මේ මැට්ටා ඒ අස්සෙ වෙන කෙනෙක්ගෙ සූට්කේස් එකක්වත් මෙහෙට උස්සන් ඇවිත්වත්ද🙄😐...

හිතට දැනුනු සැකේට මන් එයා දිහාට හැරුනේ...

"ඕවා තමුසෙට අරන් තියෙන්නේ...අද ඉදන් තමුසෙ අදින්නෙ ඕවා...

එයාගෙ wardrobe එකෙන් ඇදුමක් තෝර තෝරම එයා කිව්වේ කිසි කෙයා එකක් නැති ගාන්ට...

"ව්...වට්?...ඒ ගමන මොනවද මේ කියවන්නේ?...කෝ මගේ සූට්කේස් ටික...

"දැන් තමුසෙගෙ සූට්කේස් වල අලුවත් නෑ...ඒ නිසා දැන් කියවන්නැතුව මන් කිව්ව දේ කරනවා😑...

මගෙ දිහාට ලාවට මූණ හරවල සැරෙන් වගේ කිව්ව එයා දඩස් ගාලා එයාගෙ wardrobe එක වහල දැම්මා...

"වෙයිට් වට්?...අලුවත් නෑ කියන්නේ?...ඔයා ඒ අස්සෙ මොන පිස්සුවක්ද මගෙ බඩු ටිකට කළේ?...

හිතට දැනුනු කේන්තිය නිසා මන් කෑ ගහලා වගේ ඇහුවේ...

"තමුසෙ තමුසෙගෙ මැන්ශන් එකෙන් අරන් ආපු කිසි දෙයක් මේ වෙනකොට මේ ලෝකෙ නෑ...ඒවා දැන් අලුකරලා දාලා තියෙන්නේ...ඒ නිසා මාව අවුස්සගන්නැතුව දැන් ඔය wardrobe එකේ තියන ඒවා අදිනවා...තමුසෙ එහෙන් අරන් ඇවිත් තිබ්බ ක්‍රීම් ශැම්පු මගුල් ටිකට හරියන්න ඒ බ්‍රෑන්ඩ් වලින්ම ඔරිජිනල් ඒවාත් ඕකෙ ඇතුළෙම ඇති...

සැර බැල්මක් මන් දිහාට දාලා ගැඹුරු හඩකින් කිව්ව එයා එයාගෙ අදින ඇදුම් ටිකත් අරන් සද්දෙන් ඩෝ එකත් වහන් අනිත් පැත්තට රූම් එකෙන් එළියට ගියා...

එයා ගියා විතරයි එහෙම්ම මන් wardrobe එකට හේත්තු උනේ මේ වෙන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව...අඩු ගානේ මන් දැන් හිනාවෙන්නද අඩන්නද ඕනිකියලවත් බැරි තරමට මන් හිටියේ ලොකු කම්පනේකින්...
.



.








.
වොශ් එකක් දාලා ඇවිත් අනිත් පැත්තට සැහැල්ලු බ්ලූ කලර් චූටි උරහිස් පටි තියන කොට ෆ්‍රොක් එකකටත් මාරුවෙලා බෙඩ් එකට ආපු මන් රයිට් සයිඩ් එකට වෙන්න තිබ්බ පිලෝ එකට ඔලුව තියාගත්තේ ලොකු මහන්සියකින්...

හිත ඇතුළින් කෑ ගහලා අඩන්න ඕනි තරමේ දුකක් කම්පනයක් තිබුනත් මන් ඒ වේදනාව හිත අස්සෙම හන්ගන් ඇස් පියාගත්තේ මේ වෙලාවෙ ඇඩුවා කියල කිසි ප්‍රශ්නෙකට උත්තර ලැබෙන්නෑ කියලා දැනන් හිටපු නිසා...

"යෝරා...යෝරා...

හොද නින්දක හිටපු මන් ගැස්සිලා වගේ ඇස් ඇරියේ මන් ගාවින්ම ඇහුනු ජියාගෙ කටහඩට...

"ජ්...ජියා...

මන් ඇහැකුත් අතින් පොඩි කරන ගමන් නින්දෙන් වගෙ කිව්වේ කම්මැළිකමේම බෙඩ් එකෙන් නැගිටලා වාඩිවෙන ගමන්...

"යෝරා යන් කන්න...මන් මේ ඩෝ එකට තට්ටු කරල කරල ඔයා දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් වත් සද්දයක් තිබ්බෙ නැති නිසා බැරිම තැන මන් මේ ඇතුළට ආවේ...ඒක නෙවෙයි කෝ ඔප්පා🙄...

ජියා ඇහුවේ රූම් එක පුරා ඇස් යවන ගමන්...

"අනේ මන්දා...ඉස්සෙල්ල නම් වොශ් එකක් දාන් අනිත් පැත්තට එළියට ගියා...ඒ ගමන් ඇවිත් නැත්ද කොහෙද...

මන් කිව්වේ තඩි ඈනුමකුත් අරින ගමන්මයි...

"අනේ ඇත්තමයි අපෙ ඔප්පා නම්...ඒ ගමන කොහෙ ගිහින්ද...මන් හිතුවෙ රූම් එකේ ඇත්තෙ කියලා...ඒකට කමක් නෑ දැන් යන් කන්න...බඩගිනිත් ඇතිනෙ ඔයාට...

"ම්ම්...ටිකක් විතර...

මට කියල කට ගන්න උන්නෑ එකපාරටම පහළින් ඇහුනෙ වාහන පේළියක් එළියට යන සද්දයක්...

"ඒ වාහන සද්දයක් නේද?...

ජියාටත් වාහන සද්දෙ ඇහිලද කොහෙද කියන ගමන්ම අපෙ රූම් එකේ ග්ලාස් වෝල් එක පැත්තට ගිහින් ග්ලාස් වෝල් එක ආවරණය කරලා තිබ්බ ලොකු වයිට් ඇන්ඩ් ග්‍රේ මික්ස් වෙච්ච කර්ටන් එක දෙපැත්තට කරල ඇරියා...

"කවුද ජියා🙄...

"ආයිශ් ඔප්පාද කොහෙද අනේ...

ජියා ග්ලාස් වෝල් එකෙන් පහළ බලන්ම කිව්වේ ටිකක් නෝක්කඩුවෙන් වගේ...

"ජිමින්?...ඒත් මේ රෑ🙄?...

මට අහල කට ගන්න උන්නෑ එකපාරටම රූම් එකේ ඩෝ එක ඇරුනා...

_________________________________________

ඔන්න අදත් එකක්😁...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....






Continue Reading

You'll Also Like

1.2M 50.1K 54
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
816K 49.8K 114
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
368K 6.1K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
355K 21K 76
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...