~THE ONE~||PJM||[Sinhala ff]✅

Da lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... Altro

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

24🍇

430 65 21
Da lem_kia

ජිමින් අපෙ මැන්ශන් එකෙන් ගියාට පස්සෙ අනිත් පැත්තට ගිහින් ජිමින් එක්ක මේ ගැන හරියට කතා කරන්න ඕනි උනත් ජිමින් මැන්ශන් එකෙන් ගිය වෙලාවෙ ඉදන් අප්පා මට මැන්ශන් එකෙන් එළියට අඩියක් තියන්න දුන්නැති නිසා මන් හිටියේ මොකක්ද දැන් කරන්නෙ කියලා හිතාගන්න බැරුව...

ජියාට කෝල් කරලා ජියා මාර්ගෙන් ජිමින්ව කන්ටැක් කරගන්න හිතුවත් ඒකවත් කරගන්න උන්නැත්තෙ ජියා මගෙ කෝල් එකක්වත් ආන්ස්වර් නොකරපු නිසා...

ඕ ගෝඩ් ජිමින් ජියාට අනිවාර්යයෙන්ම කියන්න ඇති මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්න එපා කියලා..නැත්නම් ජියා කීයටවත් මගෙ කෝල්ස් ආන්ස්වර් නොකර ඉන්නෑනේ...

මන් නිකන් හිටියේ උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව...ඕ ගෝඩ් මොකක්ද මේ ජිමින් කරන්න හදන්නේ...බැරිවෙලාවත් එයා මොකක් හරි දෙයක් ප්ලෑන් කරනවවත්ද...ඒත් මන් දැන් කොහොමද මේ වෙඩින්ග් එක කැන්සල් කරගන්නෙ...අඩු ගානෙ ජියාවත් කෝල්ස් ආන්ස්වර් කරනව නම්...

ජිමින් මට ප්‍රපෝසල් එක ගෙනාපු දවසෙ ඉදන් මොකක් හරි කරලා මැන්ශන් එකෙන් පැනගන්න කොච්චර උත්සහ කළත් අප්පා අප්පගෙ ගාඩ් එක මැන්ශන් එක වටේටම දාලා තිබ්බ නිසා මන් අඩු ගානේ මැන්ශන් එකෙන් එළියට අඩියක් තියන්නවත් හම්බුන්නෑ...ඔන්නි නම් අප්පලා එක්ක මේ ගැන වාද කළත් ඔන්නිටවත් පුලුවන් උන්නෑ අප්පලගෙ ඩිසිශන් එක චුට්ටක්වත් වෙනස් කරන්නවත්...අන්තිමට ඔන්නිටයි මටයි දෙන්නටම උනේ වෙඩින්ග් එක දවස වෙනකන් අපෙ රූම්ස් දෙකට වෙලා ඉන්න...
.





.












.
"හරි මේකප් එකේ වැඩ ටික නම් ඉවරයි මිස්...දැන් මිස්ට ඇස් අරින්න පුලුවන්...

මගෙ මේකප් එක කරපු ගර්ල් කියනව ඇහුනු හඩට මන් ඇස් ඇරියේ...

"ඇයි මිස් මේකප් එක අව්ල් වගේද🤔...

මන් ඇස් ඇරියත් මිරර් එකෙන් පේන මගෙ රූපෙ දිහා හිස් බැල්මකින් බලන් හිටියා මිසක් මුකුත් කිව්වෙ නැති නිසාද කොහෙද ඒ ගර්ල් ටිකක් අවුලෙන් වගේ ඇහුවා...

"අ....අනී...මේකප් එක හොදයි...ඔයා හොදට මේකප් එක කරල තියෙනවා...

අමාරුවෙන් උනත් හිනාවක් මූණට අරන් කිව්ව මන් අනිත් පැත්තට චෙයා එකෙන් නැගිට්ටා...

"මෙන්න මිස් බොකේ එක...

මන් චෙයා එකෙන් නැගිට්ටත් එක්කම වගේ මන් ළගට ආපු තව ලේඩි කෙනෙක් ලස්සනට හිනාවෙලා මට බොකේ එක අතට දුන්නා...

මාත් හිනාවෙලා එයා අතින් බොකේ එක ගත්ත මිසක් මට බොකේ එක දිහා විනාඩියකටවත් බලන්න කිසි උවමනාවක් තිබ්බෙ නෑ...

මේ වෙලාවෙ ඔන්නිවත් ළග හිටිය නම් ලොකු දෙයක් උනත් ජිමින් මගෙ ෆැමිලි එකේ කාටවත් ඩ්‍රෙසින්ග් රූම් එකට එන්න ඉඩ දුන්නැති නිසා ඔන්නි තියා අප්පාවත් මේ හොටෙල් එකට ආවට පස්සෙ විනාඩියකටවත් මන් දැක්කෙ නැති තරම්...

ඩ්‍රෙසින්ග් රූම් එක ඇතුළෙ උනත් ෆීමේල් බොඩිගාඩ්ස්ලා දාලා ගාඩ් කරල තිබ්බ නිසා අඩු ගානෙ මට ඩ්‍රෙසින්ග් රූම් එකෙන් එළියට අඩියක් තියන්නවත් ඉඩක් තිබ්බෙ නෑ...

"මිස් ටයිම් හරි...

ඩ්‍රෙසින්ග් රූම් එකේ ඩෝ එක ඇරලා කවුදෝ ලේඩි කෙනෙක් හිනාවෙලා කිව්වත් එක්කම වගේ එකපාරටම බොඩිගාඩ්ස්ලා දෙන්නෙක් ඇවිත් මගෙ දෙපැත්තෙන් හිටගත්තා...

"මිස් යන්...

එක බොඩිගාඩ් කෙනෙක් කිව්වේ ඩෝ එක පැත්ත පෙන්නන ගමන්...

"ම්ම්...

ලාවට වගේ මිමිණුම් හඩකින් කිව්ව මන් ලොකු හුස්මක් පාත දාලා ඩෝ එක පැත්තට ඇවිදන් ආවා...
.





.








.
අප්පගෙ අතින් අල්ලන් රෙඩ් කාපට් එක දිගේ එයා ගාවට යනකන්ම මන් ගියේ ඇස් බිමට බරකරගෙන...මොකද මට එයා ගාවට යනකන්වත් ඕනි උනේ එයාව නොදැක ඉන්න...අඩු ගානෙ මේ තත්පර ගාණට හරි...

එයා ගාව ඉස්සරහින් හිටගත්තා උනත් මන් එයා දිහා තත්පරේකටවත් ඇස් උස්සලා බැලුවෙ නෑ...ෆාදර් කියන ඒවට ඇස් බිමට බර කරන්මයි මන් උත්තර දුන්නෙත්...

"Now you may kiss yr bride...

ෆාදර් ඒ වචන ටික කියනවා ඇහෙද්දි මාව මොහොතකට ගැස්සිලා ගියා උනත් මන් ඒ බවක් මූණෙන් නොපෙන්වා ඇස් බිමට බර කරන්ම හිටියා...

ඒත් එක්කම වගේ  මගෙ කම්මුල මිරිකලා වගේ අල්ලගත්ත ජිමින් මගෙ මූණ එයා පැත්තට උස්සන් කිස් කරන්න වගේ මගෙ තොල් වලට එබුනා උනත් අනිත් පැත්තට මගෙ තොල් ළගටම තොල් ලන් කරලා කිස් කළා වගේ පෙන්නලා මගෙ තොල් වලින් මෙහාට උනා...එකපාරටම ඒ වගේ දෙයක් මන් කොහෙත්ම බලාපොරොත්තු උනේ නැති නිසා කට්ටියගෙ අත්පුඩි අස්සෙන්ම මන් ඇස් දෙකත් ලොකු කරලා එයා දිහා බැලුවේ හිතට දැනුනු කුතුහලේට...

මන් බලද්දිත් එයා හිටියේ මන් දිහා බලාගෙන...නිකන්ම නෙවෙයි ලොකු නපුරුකමක්..ලොකු කේන්තියක්...ඒ නපුරු ඇස් වල පුරෝගෙන...

_________________________________________

ඔන්න අදත් අප්ඩේට් එකක්😌....

කට්ටිය ඉතින් කියවනව විතරනෙ කමෙන්ට් දාන්නෙ දෙතුන් දෙනයිනේ ඒ නිසා කතාව අප්ඩේට් කරන්නත් කම්මැළී ඉතින්😒...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Continua a leggere

Ti piacerà anche

484K 14K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc
2.3M 118K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
345K 15K 39
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...
312K 5.5K 77
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...