~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

14🍇

430 76 9
By lem_kia

ජියාගෙ මැන්ශන් එකට ගිහින් ආපු වෙලේ ඉදන් මන් හිටියෙ නිකන් කරකවලා අතෑරලා වගේ....එක පැත්තකින් එකපාරමට ඊයෙ මන් හිතපුවත් නැති විදිහට ජිමින්ගෙන් ආස්ක් අවුට් කරපු එක ගැන ඔලුවෙ කැරකෙද්දි අනිත් පැත්තෙන් ජියා මන් ජිමින් ගැන ඇත්තටම ජිමින් ගැන ෆීලින්ග්ස් තියෙයිද කියල දැනගන්න හෙල්ප් කරන්නම් කිව්ව එක මගෙ ඔලුවෙ කැරකුනා....

ඇත්තටම මන් හිටියේ දෙලොවක් අතර හිරවෙලා වගේ....ඇත්තටම මන් ඒ වෙලාවෙ ඒක කටට ආපු පලියට කිව්ව මිසක් ඇත්තටම මන් එයාට කැමැත්තෙන්ද කියලා පොඩිවත් අයිඩියා එකක් මගෙ ඔලුවෙ තිබ්බෙ....ඒක....ඒක අනේ මන්දා....

ඕවා ගැනත් කල්පනා කර කර මගෙ සිල්ක් පිජාමා කලෙක්ශන් එකෙන් බ්ලැක් කලර් පිජාමා කිට් එකකට මාරුවෙලා මන් බෙඩ් එකට ඇවිත් බෙඩ් සයිඩ් ටේබල් එකේ ලෑම්ප් ලයිට් එක විතරක් ඔන් කරලා අනිත් ලයිට්ස් ටික ඕෆ් කරලා බෙඩ් එකේ ඇලවුනාට මොකෝ නින්ද කියලා දෙයක් මගෙ අහලකවත් තිබ්බෙ නෑ....

අන්තිමට එහෙට මෙහෙට පෙරළි පෙරළි ඉදලා මන් නිදාගද්දී උදේ තුනත් පහුවෙලා....ඒ නිසා කම්පනි එකට යන්න ඕනි නිසාම වෙනද වගේම උදෙන්ම ඇහැරුනාට මොකද මන් හිටියෙ බාගෙට නිදිමතේ....ඒ අස්සෙ ඊයෙ රෑ ජිමින්ගෙ ඩෝගියව හීනෙන් දැක්කත් එක්ක....මොකක්ද මන්දා මස් කට්ටක් හප හපා ඉන්නවා🙂....අනේ මන්දා මටත් මොන හීන පේනවද මන්දා....ජිමින් මදිවට දැන් එයාගෙ ඩෝගියත් මගෙ හීන වලට රින්ගන්න පටන් අරන්😪....
.

.


.
හවස තිබ්බ කම්පනි එකේ මෙයින්ස් සෙක්ශන් වල හෙඩ්ලාගෙ මීටින්ග් එකෙන් පස්සෙ කෙළින්ම මන් මගෙ ඔෆිස් රූම් එකට ආවේ මිල්ක් කොෆි එකක් බොන්න හිතාගෙන....මොකද වෙනදට වඩා අද ටිකක් බිසී දවසක් උනු නිසා මන් හිටියෙත් ටිකක් මහන්සියෙන්....

එහෙම්ම මගෙ ඔෆිස් රූම් එකේ තිබ්බ කොෆි මශීන් එකෙන් මිල්ක් කොෆි එකක් හදාගත්තු මන් කොෆි පුරෝපු මගෙ වයිට් කලර් මග් එකත් අරන් ඇවිත් මගෙ රූම් එකේ ග්ලාස් වෝල් එක ගාව තිබ්බ වයිට් කලර් සෝෆා එකෙන් ඇවිත් වාඩිවෙලා කොෆි එකෙන් උගුරක් බොන්න හදද්දිම මගෙ ෆෝන් එක වයිබ්‍රේට් උනු නිසා මන් මන් කොෆි එකෙන් උගුරක් බිබීම මගෙ ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවක තිබ්බ ෆෝන් එකට අතට ගත්තේ මේ වෙලාවෙ මැසේජ් දාන්නෙ කවුද කියල හිත හිත....

"ජ්....ජින් ඔප්පා....

මැසේජ් එක ඇවිත් තියෙන්නෙ වෙන කාගෙන්වත් නෙවෙයි ජින් ඔප්පගෙන් කියල දැක්කත් එක්කම මට තඩි කෙළ ගුලියක් ගිලුනේ ඉබේටමයි....
.





.




.
"බොස් අපි හිතුව හරි හැන්ගම්ස්ලා බොස්ගෙ ඔත්තු බලන්න මිනිස්සු කීපදෙනක්ව දාලා තමයි....උන්ගෙන් තමයි ටේරෝ ඩිල්ඩින් එකේ අර රූම් එක ගැනත් නිවුස් එක එළියට ගිහින් තියෙන්නේ....

ජිමින්ගෙ මාෆියා වැඩ වලට යොදාගන්න මැන්ශන් එකේ රූෆ්ටොප් එකේ වටේටම බ්ලැක් කලර් සූට් ඇදගත්තු දේහදාරි ගාඩ්ස්ලා පිරිවරාගෙන රූෆ්ටොප් එකේ පූල් එක ගාව තිබ්බ බ්ලැක් කලර් යකඩ පුටුවක වාඩිවෙලා සිගරට් එකක් බොන ගමන් ටැබ් එකෙන් මැප් එකක් චෙක් කරන ගමන් තමන් ගාව හිටපු ගාඩ් කියන දේ අහන් හිටපු ජිමින් ටැබ් එකෙන් ඔලුව නොවුස්සාම ජිමින් බිබී හිටපු බාගෙට ඉවර කරපු සිගරට් එක බිම දාලා කකුලින් පොඩි කරලා දැම්මේ ජිමින් ගාව හිටපු ගාඩ්ගෙ මූණ පුරා දාඩිය බිංදු කිහිපයක් මතුවෙද්දි....මොකද ගාඩ්ස්ලා උනත් දැනන් හිටියා ජිමින් සාමාන්‍යයෙන් තමන් බිබී හිටපු සිගරට් එකක් බිම දාලා ටිකක් තදින් පාගනවා කියන්නේ ජිමින්ගෙ ඊළග ඇක්ශන් හිතාගන්නවත් බැරි තරම් භයානක වෙන්න පුලුවන් කියන එක....

"කාගෝ ඇහැරලාද ඉන්නේ කියල බලනවා....

"ඔ...ඕකේ බොස්....

ටැබ් එකෙන් ඔලුව නොවුස්සාම ගැඹුරු දැඩි හඩකින් ජිමින් කිව්වත් එක්කම ජිමින්ට නිවුස් එක දුන්නු ගාඩ්ගෙ මූණ මොහොතකට අදුරු උනේ වෙන්නෙ යන්නෙ නම් හොද දෙයක් නෙවෙයි කියලා දැනගෙන උනත් ඉක්මනින් ජිමින්ට ඔලුව පාත් කරලා කිව්ව ගාඩ් එතනින් අඩියට දෙකට මැන්ශන් එක ඇතුළට ගියා....

"බොස්....

"කියනවා....

"බොස් මිනිහා දැන්ටමත් මැරිලා....

ජිමින් ගාවට ආපු ගාඩ් කිව්ව ත් එක්කම තමයි ඔන්න ජිමින් මොහොතකට හරි ටැබ් එකෙන් ඔලුව ඉස්සුවෙවත්....

ඒ වෙනකොටත් පූල් එකේ රතු පාටට වර්ණ ගැන්විලා තිබ්බ වතුරේ පාවෙවී හිටපු ලේ වලින් නෑවිච්ච නිරුද්ධ පිරිමි ශරීරය දිහා බලපු ජිමින්ගෙ කට කොනේ මුරණ්ඩු නපුරු හිනාවක් ඇදුනේ ජිමින්ගෙ දිගටි ඇස් වලත් නපුරු සතුටක් ඉස්මතු වෙන්න ගද්දි...

"එල්ලනවා....

"බොස්?....

"උගේ බිල්ඩින්ග් එක ඉස්සරහම රෑ දොළහ වෙන්න කලින් එල්ලනවා මේක....

කට කොනේ රැදුනු නපුරු හිනාව අස්සෙන්ම බොඩි එක දිහා බලන් කිව්ව ජිමින් තමන් ඇදන් හිටපු බ්ලැක් කලර් ලෝන්ග් ස්ලීව් ශර්ට් එකේ උඩ බටන්ස් තුන ගළවලා නපුරු සෙල්ලක්කාර හිනාවක් දාගෙනම අත් දෙකත් ඔලුව පස්සට කරලා තියාගන්න ගමන් ආයෙමත් සැර‍යක් පුටුවෙ පහසු විදිහට හේත්තුවක් දැම්මේ ලොකු සෙල්ලමක් දින්නා වගේ  ජයග්‍රාහී හැගීමකින්.....

_________________________________________

ජිමින් ලේසි නෑ....අනේ මන්දා යෝරා මොකක් කරගනීද කියලා🙂....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Continue Reading

You'll Also Like

1.2M 51.3K 97
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
728K 16.4K 45
In wich a one night stand turns out to be a lot more than that.
535K 19.2K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
160K 5.7K 91
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...