~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

4🍇

536 82 8
By lem_kia

අත් දෙකත් පපුවට කරල බැදන් එයා එතනින් යනකන් වෙන පැත්තක් බලන් හිටපු මන් ගැස්සිලා ගියේ එයා කතා කරනව ඇහුනු හඩට....

"ජෝශ් ඔතනින් එහාට වෙලා එයාට යන්න දෙනවා....

මන් දිහා ඇස් අගින් නපුරු බැල්මකින් බලලා අත් දෙකත් බ්ලැක් කලර් ඔෆිස් ට්‍රවුසර් එකේ සාක්කු දෙකට දාගන්න ගමන් ගැඹුරු හඩකින් කිව්ව එයා මාව අදුරන්නෙ නැති කෙනෙක් ගාන්ට තව ගාඩ්ස්ලා තුන් දෙනෙක් එක ලිෆ්ට් එක ඇතුළට ගියා....

වට්?....එයා මාව දැකලම නැති කෙනෙක් ගාන්ට දාලනෙ ඇතුළට ගියේ😒....අඩු ගානේ එදා මන් එයාව බේරගත්ත එකටවත් පොඩ්ඩක්වත් මනුස්සයෙක් ගාන්ට චුට්ටක් හිනාවෙලාවත් යන්න බැරි උනාද එයාට😒....පුදුම ලොකු කමක්නේ තියෙන්නේ😒....

හිතින් හිත හිතාම සැර බැල්මක් ලිෆ්ට් එක දිහාට දැම්ම මන් ගඩ්ස්ලා දෙන්නා එහාට උනත් එක්කම එතන තව විනාඩියක්වත් ඉන්නැතුව කෙළින්ම ඇවිත් නැවතුනේ මගෙ කා එකේ....

කා එකෙ එන ගමන් උනත් මගෙ ඔලුවෙ කැරකුනේම එයා මාව නොදන්න කෙනෙක්ට ගාන්ට දාලා එයා ලිෆ්ට් එක ඇතුළට ගිය විදිහමයි....ආයිශ් මන් බ්ලැක් ඩ්‍රැගන් කියන්නෙ ඒ මනුස්සයට කියල දන්නව නම් ඒ නපුරා එනකන් බලන් ඉන්නෙ නැතුව අනිත් හොටෙල් එකට යනවා....අපරාදෙ ඒ නපුරා නිසා මගෙ වැඩෙත් පාඩු උනා....

"මෑම් අපි කම්පනි එකට ආවා....

"යොන්ග්....

"මෑම්?....

"ඔයා බහින්න....දැන් මට කෙළින්ම මැන්ශන් එකට යන්න ඕනි....මතක ඇතුව මට කම්පනි එකේ ෆයිල් වර්ක්ස් ටික මෙයිල් කරන්න....අරස්සෝ?....

කම්පනි එකට යන්න තරම් මූඩ් එකක් තිබ්බ නැති නිසාම මන් කිව්වා....

"ඕකේ මෑම්....

යොන්ග්ව කම්පනි එකෙන් දාලා එහෙම්ම මැන්ශන් එකට ආපු මන් හොද කූල් වොශ් එකකුත් දාගෙන සැහැල්ලු උරහිස් පටි තියන කොට බ්ලූ කලර් ෆ්‍රොක් එකකටත් මාරුවෙලා කොන්ඩෙත් පෝනිටේල් එකක් වෙන්න දාගෙන මන් කෙළින්ම ආයිත් ඩවුන්ස්ටෙයා එකට ආවේ දවල්ට මොකුත් කාලත් හිටපු නැති නිසා බඩට මොනවහරි දාගන්න හිතාගෙන....

"අජුම්මා බඩගිනී අනේ....මට රාමෙන් එකක් හදල දෙන්නකො....

කිචන් එක අස් කරන ගමන් හිටපු අජුම්මා කෙනෙක් ගාවට ආපු මන් කටත් උල් කරන් බඩත් අත ගගා කිව්වා....

"අනේ බේබි බේබි දවල්ට කෑවෙ නැද්ද එතකොට....

"නෑනෙ අනෙ....අද ලන්ච් එක පොඩ්ඩක් මිස් උනා....ඒකයි....

කිචන් අයිලන්ඩ් එක උඩින් වාඩි උනු මන් කකුල් දෙකත් පද්ද පද්ද කිව්වා....

"අනේ ඉතින් රාමෙන් කාල හරියනවෑ බේබි....ඉන්නකො මන් ඉක්මන්ට බේබි ආස කෑමක් හදල දෙන්නම්.....

"අයියෝ එච්චර මහන්සි වෙන්න ඕන්නෑ අනේ....මට එහෙමත් කියල ලොකු බඩගින්නකුත් නෑ....

"අනී අනී....ඉන්නකො මන් ඉක්මන්ට බේබිට රස කෑමක් හදල දෙන්නම්....

මගෙ කම්මුලකට පරිස්සමින් තට්ටුවක් දාලා හිනාවෙලා කිව්ව අජුම්මා ඉක්මනින් අඩියට දෙකට ෆ්‍රිජ් එක පැත්තට ගියා....

පව් අජුම්මලා තාම මට සළකන්නේ පොඩි බබෙක්ට වගේ....සමහරවිට මන් පොඩි කාලෙ ඉදන් අජුම්මලත් එක්ක හැදුනු නිසා වෙන්නැති....

මොකද පොඩි කාලෙ ඉදන් ඔම්මයි අප්පයි බිස්නස් නිසා ගොඩක් බිසී අය උනු නිසා මන් ගොඩක් හැදුනෙ මැන්ශන් එකේ හිටපු අජුම්මලා ගාව....ඒ නිසාම මට පොඩි කාළෙ ඉදන් ඔම්මටයි අප්පටයිත් වඩා අජුම්මලාට ගොඩක් එකතුයි....එයාල උනත් මට පොඩි කාලෙ ඉදන් එයාලගෙම දරුවෙක්ට වගේ සැළකුවෙත්....

අජුම්මා එක්ක මන් බර කතාවක් දාන් හිටපු නිසාද කොහෙද අජුම්මා කෑම ටික හදල ඉවරවෙනවා මට දැනුනෙවත් නෑ....

ඕ ගෝඩ් කතාවෙන් කතාවෙන් මන් දන්නෙත් නෑ අජුම්මා කෑම ගොඩාරියක් හදලත් එක්ක....

චීස් උඩින් දාලා රතුම රතු පාටට හදපු ත්තොක්බොක්කියි,රසම රස පාටට හදපු බ්ලැක් බීන් නූඩ්ලසුයි,කර කරස් ගාලා හැපෙන්න හදපු ෆ්‍රයි කරපු චිකනුයි ශ්‍රිම්පුයි,රසම රස පාටට හදපු පෝක් කට්ලටුයි තව අජුම්මා දම් පාට බතුත් හදලා....

මන් ඩයිනින් රූම් එකට එද්දි අජුම්මා කෑම ටික ටේබල් එකට ඇරලත් ඉවරයි....

"බේබි තව මොනවහරි ඕනි උනොත් කතා කරන්න....මන් ඉක්මනින් කිචන් එක අස් කරල එන්නම්....

"ඕකේ අජුම්මා....

අජුම්මා ගියත් එක්කම වගේ ඩයිනින් ටේබල් එකෙන් වාඩි උනු මන් ඉක්මනින් කෑම ටිකට වැඩේ දෙන්න පටන්ගත්තේ ඉස්සෙල්ල එච්චරටම නොදැනුනාට මොකද දැන් නම් ලොකු බඩගින්නක් දැනුනු නිසා....සමහරවිට අජුම්මගෙ රස කෑම ටික නිසා වෙන්නැති....

කොච්චර අමතක කරන්න හැදුවත් මොකද අජුම්මගෙ පෝක් කට්ලට් එකක් කන්න ගත්තත් එක්කම ආයෙමත් සැරයක් මගෙ මතකෙට ආවෙ අර නපුරව....

ඒකට පොඩි හේතුවකුත් තිබ්බා....එයා කොච්චර ලොකු මැරයෙක් උනාට මොකද එයා පෝක් කට්ලට් කන්නේ කට්ලට් එකේ උඩ කෑල්ල ගළවලා....එයා ෆ්‍රයිඩ් චිකන් කෑවෙත් එහෙමයි....එයා ෆ්‍රයිඩ් චිකන් කෑවෙත් ඒකේ ක්‍රන්චි පාට් එක ගළවලා....හරියට පොඩි බබෙක් වගේ....

ආයිශ්....මටත් මොන එහෙකටද ඒවා මතක් වෙනවද මන්දා😑....ඒ නපුරට නම් මාව මතකවත් නැද්ද කොහෙද😒....ඒකනෙ දැක්කත් දැක්කෙ නැති ගාන්ට ගියේ....ශිට් ඒ නපුරව මතක් උනා විතරයි කන්න තිබ්බ පිරියත් ගියා🥴....ඒත් ඉතින් අජුම්මා මහන්සියෙන්නෙ හැදුවෙත් ඒ නිසා ඔන්න ඔහේ ඕවා අමතක කරලා කෑම ටික කන්න ඕනි....

කෑම ටික කාලා එහෙම එහෙම්ම රූම් එකට ආපු මන් ටිකවෙලාවක් රෙස්ට් කරලා මගෙ ලැප් එකත් අරන් රූම් එකේ තිබ්බ මගෙ වයිට් කලර් සෝෆා එකෙන් කම්පනි එකේ ෆයිල් වැඩ ටික කරන්න හිතාගෙන කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන වාඩි උනා....

ෆයිල්ස් චෙක් කරලා ඒ වැඩ ටික කරල ඉවරවෙද්දි රෑ හතත් පහුවෙලා තේරුනෙත් නෑ....

එහෙම්ම ලැප් එකේ වැඩ ටික ඉවරකරලා ඩවුන්ස්ටෙයා එකට ගිහින් අජුම්ම කෙනෙක්ට කියලා උණුවෙන් මිල්ක් ටී එකකුත් හදාගෙන මන් මගෙ රූම් එකේ බැල්කනි එකේ වයිට් කලර් යකඩ පැද්දෙන ඔංචිල්ලාවෙන් ඇවිත් වාඩි උනේ වෙනද පුරුද්දට....

අද රෑ අහස ගොඩක් ලස්සනයි තරු ගොඩක් පිරිලා....රිදී පාටින් හරි ලස්සනට දිලිසෙනවා....අහසෙ තිබ්බ හිත නිවන තරමේ ලස්සනයි අවටින් හමන් ආපු යම්තාක් දුරකට සීතලක් ගැබ් උනු හුළගයි නිසා හිතට දැනුනේ හරි අමුතුම නිදහස් සතුටක්....හිතට දැනුනු නිදහස් නැවුම් හැගීම නිසාද මන්දා මටත් නොදැනිම ආයෙමත් සැරයක් හිත ඇදිල ගියේ ඒ අමතක කරන්න හදන අතීතෙටමයි....

එදාත් මේ වගේමයි අහසෙ තරු පායලා තිබ්බේ....පොඩි වෙනසකට කියලා තිබ්බේ අදට වඩා එදා එළිය ටිකක් වැඩිපුර සීතලයි....මන් මගෙ හොටෙල් රූම් එකේ බැල්කනි එකට වෙලා උණුවෙන් හොට් චොක්ලට් එකකුත් බොන ගමන් බැල්කනි එකේ ෆෙන්ස් එකට එක අතක් බර කරන් අද වගේම අහසෙ ලස්සන බලන ගමන් හිටියේ....

ඒත් එකපාරටම මගෙ හොටෙල් රූම් එකට ටිකක් එහාට වෙන්න තිබ්බ කැළෑව හරියෙන් එකපාරටම ඇහුනු වෙඩි සද්දයක් නිසා මන් ගැස්සිලා වගේ හොට් චොක්ලට් එකත් බොන එක පැත්තකින් තියලා කැළෑවෙ පැත්තට ඇස් යොමු කළේ හිතට දැනුනු කම්පනෙත් එක්කමයි....

බැරිවෙලාවත් ඒක මනුස්සයෙක් සතෙකුට තිබ්බ වෙඩිල්ලක්වත්ද දන්නෑ කියල හිතුනු නිසා මන් එච්චර ලොකු ගාණක් ගන්නැතුව ටිකවෙලාවක් කැළෑව පැත්ත දිහා බලන් ඉදලා ආයෙත් අහස දිහාට ඇස් යොමු කරන්න හදද්දිම එකපාරටම ඇස් අගින් වගේ කවුදෝ මනුස්සයෙක් කැළෑවෙන් එළියට ඇවිත් වැටුනා වගේ දැක්ක නිසා මන් ආයෙමත් සැරයක් කැළෑව දිහා බැලුවේ ගැහෙන හදගැස්මෙන්....

ඕ ගෝඩ් ඒ මනුස්සයෙක් නේද....

මගෙ රූම් එක තිබ්බෙ කැළෑව ළගින්ම වගේ නිසා මට ඒ බිම වැටිල හිටපු මනුස්සයව දකින්න එච්චර අමාරු උන්නෑ....

බිම වැටිල හිටපු ඒ මනුස්සයාව දැක්කත් එක්කම හිතට ලොකු කම්පනයක් දැනුනත් මන් ඒ ගමන් විනාඩියක්වත් පරක්කු නොවී මගෙ පිජාමා සූට් එක උඩින් ජැකට් එකකුත් දාගෙන රූම් එකෙන් එළියට දුවන් ආවේ ඒ මනුස්සයා පණපිටින් කියලා ලාවට වගේ මට දැනුනු නිසා....

මන් ඒ මනුස්සයා ගාවට දුවන් යද්දිත් ඒ මනුස්සයා හිටියේ මූණ බිම පැත්තට හිටින විදිහට මුණින් තලා වැල්ලා උනත් එයාගෙ බඩ ගාවින් ලේ ටිකක් සුදු වැලි පොළවෙ ගෑවිලා තිබ්බ නිසා එයාට වෙඩි වැදිල තියෙන්නේ බඩට කියලා තේරුම්ගන්න මට එච්චර වෙලාවක් ගියේ නෑ....

"මිස්ට... මිස්ට ඔයාට මාව ඇහෙනවද....

ඉක්මනින් බිමට බරවෙලා අමාරුවෙන් උනත් එයාව උඩට හරවගත්තු මන් එයාගෙ මූණ මගෙ උකුළෙ තියාගෙන එයාගෙ ලේ පැල්ලම් වලින් රතු වෙලා ගිහින් තිබ්බ කම්මුලකට තට්ටු කරන ගමන් මන් ඇහුවත් එයාගෙන් ලාවට කෙදිරියක් පිටවුනා මිසක් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ....

ආයිශ් මන් කොහොමද මෙයාව මෙහෙම උස්සන් යන්නේ....ඊට වඩා දැන් රෑ එකත් පහුවෙලා නිසා රිසෝට් එකේ අය නිදිත් එක්ක....නැත්නම් වේටර් කෙනෙක්ට කතා කරලා හෙල්ප් එකක්වත් ගන්න තිබ්බා....

ආයිශ් මෙයාගෙ සිහිය ටිකක්හරි ගන්න පුලුවන් නම් අමාරුවෙන් උනත් වත්තන් කරන් එක්ක යන්න පුලුවන්....

"මේ මිස්ට....මිස්ට....ආයිශ්....යා මිස්ට....

එයාගෙ සිහිය ටිකක් හරි ගන්න ඕනි උනු නිසාම මන් තදින් එයාගෙ කම්මුලට තට්ටු කර කර කතා කළා....

"ආහ්....

හම්මෝ යන්තම් ඇති ලාවට ඇස් ඇරුනා නේ😮‍💨....

"මේ මිස්ට ඔයාට මාව ඇහෙනවද....

එයාගෙ මූණට වැටිලා තිබ්බ සිල්වර් කලර් කොන්ඩ ගස් අතරින් එයාගෙ දිග ඇස් ලාවට වගේ ඇරුනු නිසා මන් ආයෙමත් සැරයක් ඇහුවේ එයාට මාව පේන්න ලේසිවෙන්න එයාගෙ මූණට වැටිල තිබ්බ සිල්වර් කලර් කොන්ඩ ගසුත් එයාගෙ මූණ දෙපැත්තෙන් රදවන ගමන්....

මන් එයාගෙන් ඇහුවත් එයා එයාගෙ දිග ඇස් බාගෙට අඩවන් කරන් මගෙ දිහා බලන් හිටියේ මේ මොකද්ද වෙන්නේ කියල තේරුම්ගන්න උත්සහ කරන්න වගේ බැල්මකින්....

ඒත් තත්පර කීපයක් ඇතුළත අමාරුවෙන් උනත් ඇස් දෙක බාගෙට වඩා ඇරගත්තු එයා එයාගෙ බඩටත් අත තියාගෙන මගෙ උකුළින් මෙහාට වෙලා බිමින් වාඩි උනේ ලොකු අමාරුවකින් කියලා එයාගෙ මූණෙ ඇදුනු ඉරියව් වලින්ම මට හොදටම තේරුනා....

"මිස්ට....

මට අහගන්න උනේ එච්චරයි එකපාරටම....
.





.




.

_________________________________________

කැමති අය මගෙ අනිත් ff දෙකත් කියවල බලන්න🍇....සමහරවිට ඔයාලා ආස වෙයි....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම වෝට්ස් කමෙන්ට්ස් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතියි🍇....

Continue Reading

You'll Also Like

1.1M 59.6K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.1M 18.9K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
740K 16.6K 45
In wich a one night stand turns out to be a lot more than that.
547K 19.7K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...