💙🍁 Part 48 🍁💙

245 32 0
                                    

අවසානය... 😪

අතීතෙ මතක වල ගිලිලා ඉදපු මම මේ ලෝකෙට ආවෙ මගෙ උරහිසට තද වෙච්ච අතක් නිසා . කදුලු පිරුන ඇස් ඒ රූපෙන් අහකට අරන් ඔලුව උස්සලා බැලුවේ හැමදාම වගේ මෙතන ඉන්නෙ යුන්ගි හියුන්ග් කියලා මම දන්න නිසා .

😸 අපි යමු . සෙමට්‍රි එකට යන්න පරක්කු වෙනවා.

🐰 හ්ම්ම්ම්......

ඇස් වල තිබ්බ කදුලු පිහදගෙන, ඒ අත ඇතෑරලා යුන්ගි හියුන්ග් එක්ක එලියට ආවෙ සුමී රිශී එක්ක ලෑස්ති වෙලා යන්න එලියටත් බැහැලා ඉදපු නිසා .

🌻 අජ්ජුම්මා රොකීගෙ බෙහෙත් එයාගෙ කැම එකට කලවම් කරලා අපේ රූම් එකෙන් තියන්න. මොකද රොකීට එලියට එන්න බැරි වෙයි . එයා ගොඩක් අමාරුවෙන් අද ඉන්නෙ.

අපි එනකොටම ඇහුනෙ රිශීගෙ කටහඩ . මොකද දැන් ටික දවසක ඉදලා රොකී අසනීපෙන් . කෑම කන්නෙවත් අඩුම නැගිටින්නවත් බෑ රොකීට. ඒ දවසෙන් පස්සේ රිතූ නැති නිසාද දන්නෑ රොකීත් ටික ටික අසනීප වෙන්න ගත්තා 😥😥😥  කොච්චර බෙහෙත් කලත් තාම අඩු නෑ . සමහර විට එයාගෙ වයස එක්ක වෙන්න ඇති .

🌻 යුන්ගි ඔප්පා ඔයා එහෙනම් යන්න . මන් යූ ජන් ඔප්පා එක්ක එතනට ගිහින්ම එන්නම්.

😸 හරි එහෙනම් ගිහින් පරිස්සමින් එන්න.

රිශී යූ ජන් හියුන්ග් එක්ක යද්දි සුමීත් රිශී අතේ තිබ්බ රතු රෝස මල් පොකුරක් අරගෙන ඉස්සර උනේ මේ දවසට එයාගෙ මාම්ගෙ අඩුව පුරවන්න  හැමදාම එයා  එතනටත් මල් තියන්න යන නිසා .

මායි යුන්ගි හියුන්ග්නුයි සෙමට්‍රි එකට යනකොටත් ජින් හොබී  ජුන්  හියුන්ග්ලා වගේම දෝයුන් හාජින් දෙන්නත්  ඇවිත් ඉදියේ . ටික වෙලාවකින් ටේහියෝන් යූන් එක්කම ආවෙ හැමදාම වගේ ඇස් වල කදුලු පුරෝගෙන . හැමදාම පරක්කු වෙන ජිමින් හියුන්ග්ත් ආවට පස්සේ එක එක්කෙනා පිලිවෙලට සුදු ඩේසි මල් සොහොන් කොත වටේ තියලා ආචාර කලේ යූන්ගෙත් ඇස් වලින් කදුලු එනකොට . යූන් එතන තිබ්බ ෆොටෝ එක අතගාන කියවනවා අහන් ඉන්න එක අපි හැමෝටම ගොඩක් අමාරු  උනා . මොකද ඉපදුණු දවසෙ ඉදලා ඔම්මා නැතුව හැදෙන යූන්ට එයාගෙ ඔම්මට කියන්න ගොඩක් දේවල් තියෙනවනෙ. ඔව් ඒ සොහොන් කොත මොලී නූනගෙ .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now