💙🍁 Part 13 🍁💙

332 43 9
                                    

රිතූ එක්ක රිශී ඉක්මනට කාලා ගියෙ යුනි යන්න පරක්කු වෙන නිසා . ඒත් මගෙ හිතින් කිව්වෙ " අනේ රිතූ මාව තනියම හියුන්ග් එක්ක දාලා යන්න එපා කියලා . මේ නපුරු හියුන්ග් බැනලම මගෙ කන් දෙක පුරවයි කියලා " ඒත් ඉතින් ඒ දෙන්න ගියා . එයාල ගියා විතරයි යුන්ගි හියුන්ග් පටන් ගත්තා නේද දේශනේ 🤦 බැනලා බැනල ඉවර වෙලා අජ්ජුම්මට කියලා ලෙමන් එකකුත් හදලා දීලා ගාඩ් කෙනෙක් ගෙනත් දීපු ඇදුමකුත් මට දීලා ඉක්මනට කාලා ලෑස්ති වෙන්න කියලා හියුන්ග් රූම් එකකට ගියා .

මාත් ඉක්මනට කාලා ලෑස්ති උනේ හියුන්ග් එක්ක කම්පැනි එකට යන්න ඕනි නිසා . යනකනුත් යුන්ගි හියුන්ග් කලේ මට බනින එක .

ප්‍රැක්ටිස් රූම් එකට යනකොටම හියුන්ග්ලා ඔක්කොම දුවන් ඇවිත් එක පොකුරට මාව බදා ගත්තා . එයාල ඊයෙ වෙච්ච දේ ගැන මොකුත්ම ඊට පස්සේ කතා කලේ නෑ . ඒ වගේම හවස් වෙනකම්ම ටේහ්‍යුන්ග් ටැනී ගැන කතා කලෙත් නෑ .

හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා ඩෝම් එකට ගියාම තමා මට තේරුනේ ටැනී නෑ කියලා . වෙනදට හැමදාම අපි එන වෙලාවට බුරාගෙන ඇවිත් ටේහ්‍යුන්ග්ගෙ කකුල් දෙකේ දැවටෙන ටැනී අද නෑ . ඇත්තටම මොකක්ද උනේ කියලා අහන්න ඕනි උනත් සද්ද නැතුව රූම් එකට ගිහින් වොශ් දාලා පහලට ආවෙ ජින් හියුන්ග් කතා කරපු නිසා .

ටේගෙ රූම් එක ලගින් එනකොට තමයි මට ඇහුනෙ ටේ හියුන්ග් අඩනවා. එයා අඩන්නෙ මම නිසාද. ඉකි ගහන සද්දෙ ගොඩක් හිමින් ඇහුනත් දොරට කන තියලා අහන් ඉදියේ ඇයි එයා අඩන්නෙ කියලා . එයා එයාගෙ ඔම්මා එක්ක කෝල් එකක්ද කොහෙද . ඒ හැම දේකින්ම මට තේරුනේ ටේහ්‍යුන්ග් ටැනී එයාගෙ අම්මලාගේ ගෙදර යවලා කියලා . ඇත්තටම මන් කරපු මෝඩ් වැඩේ තේරුනේ එතකොට . ටේහ්‍යුන්ග් කොච්චර ආසාවෙන්ද හිටියේ . එයා වෙනදටත් වඩා සතුටින් ඉදියේ ටැනී නිසා . ඒ වගේම අනිත් හියුන්ග්ලාත්.

ගොඩක් මහන්සි වෙලා රෑට ගෙදර එනකොට ටැනීගෙ කෝලම් බල බල හිනා වෙලා මහන්සි නිවා ගන්න අපි හැමෝම ප පුරුදු වෙලා හිටියා . ඒත් අද ආපු ගමන් හැමෝම රූම් වලට ගියා මිසක් කාත් එක්කවත් කතාවත් කලේ නෑ .  ඇත්තටම මට මන් ගැනම කලකිරුනා 😔 මන් නිසයි හැමෝගෙම සතුට නැති උනේ. එයා බල්ලෙක් විතරයි .ඉතින් ඇයි මන් එයාට ඉරිසියා කරන්නෙ.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now