💙🍁 Part 35 🍁💙

210 35 15
                                    

පොඩි ළමෙක් වගේ අඩි පොලොවෙ හප්ප හප්ප කෑ ගහන කුකී දිහා බලාගෙන රිශීත් හිනා වෙද්දී මන් ෆෝන් එක ගත්තෙ කවුද මේ ඊයෙ රෑ ඉදලා කෝල් කරලා කුකීගෙ කේන්තිය අවුස්සන්නෙ බලන්න .  හැබැයි ඉතින් මගෙ ඇස් උඩ ගියෙ ඒ නම්බර් එක දැකලා. දෙයියනේ මට අමතක උනා  😳

මේ එයා ....... ඕහ් ශිට්...... ක්‍රිශ් 😳

🌹  අයියෝ කුකී මේ හොටෙල් එකේ මේන් ඉන්ජිනියර්. අද හවස තුනට කලින් ඩොකියුමන්ට් වගේක වැඩ ඉවර කරන්න තියෙනවා . ඒ නිසා වෙන්න ඇති .

🐰 😒😒😒 ඒ උනාට ඒකා මට ලොකු පාට් එකක් දැම්මා. යකෝ හරියට මන් ඒකගෙ කෙල්ල එක්ක ඉදියා වගේ ඌ කෑ ගැහුවෙ 😒😒😒😒 යන්න එපා ඒකා හම්බෙන්න. ඔහේ රස්තියාදු උනාවෙ 😤

🌹 හරි හරි අනේ . අයියෝ කුකී ඔයත්. එයා රස්තියාදු උනාම අපිටමයි පාඩු අනේ .

🐰 කොහොම හරි කමක් නෑ යන්න එපා අද. හවස් වෙනකම් ඉන්න ඕනි නෑ ඉක්මනට ඩෝම් එකට එන්න  😒

කුකී මටත් කෑ ගහලා කිචන් එකට ගියෙ රිශීත් හිනා වෙවී බලන් ඉද්දි . මන් ඉතින් ශේප් එකේ ක්‍රිස්ට මැසේජ් එකක් දැම්මෙ දවල්ට ඩොකියුමන්ට් ටික අරන් එන්න කියලා . ඒත් එක්කම මට ඇහුනෙ කුකීගෙ කින්කිනි නාදය.

🐰 රිශීශීශීශී.......................

හරි අදත් රිශී කුකීගෙ බනානා මිල්ක් එක බීලා වගේ . මේ දෙන්නා හැමදාම ඕකට රන්ඩු වෙනවා. ඒකෙන් මේකෙන් උනේ හොදට නිදාගෙන ඉදපු පොඩි එකා නැගිටලා අඩන්න උන එක . රිශී කුකී මරා ගනිද්දි මන් බබා බලන්න ගියෙ අර දෙන්නගෙ රන්ඩුව මේ කපේට ඉවර වෙන්නෙ නැති නිසා  🤭

කුකීත් ගියාට පස්සේ මායි රිශී ශොපින් මෝල් එකට ආවෙ ක්‍රිස්ටත් මැසේජ් එකක් දාලා. බබා බලා ගන්න ටේ ඔප්පගෙ අම්මා අද උදේම ආපු නිසා අපේ වැඩ ලේසි උනා . අපි ශොපින් කරලා ඉවර වෙනකොටම ක්‍රිස් මෝල් එකේම කැෆේ එකේ ඉන්නවා කියපු නිසා අපිත් ඉක්මනට ගියෙ ඩොකියුමන්ට් වලට මගෙ සයින් එක ඕනිම නිසා .

ඩොකියුමන්ට් ටික සයින් කරලා අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් අපි කතා කර කර ඉදියේ හොටෙල් එකේ වැඩ ගැන . රිශී වොශ්‍ රූම් ගිය ටිකට මගෙ කටේ ගැවිච්ච අයිස් ටිකක් ක්‍රිස් පිහදලා දැම්මෙ හිනා වෙන ගමන්. ඒක මටත් එච්චර ගානක් උනේ නෑ . මොකද ක්‍රිස් කියන්නෙ මගෙ යාලුවා . ඇමරිකා වල ස්ටඩීස් කරද්දිත් මන් ඉදියේ ක්‍රිස්ගෙ ගෙදර . මොකද අපේ අප්පලා  බිස්නස් ෆ්‍රෙන්ඩ්ස්ලා  ඊටත් අපේ සයිට් වල ඔක්කොම ප්‍රොජෙක්ට් එදා ඉදලම කලේ ක්‍රිස්ගෙ අප්පා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකත් මන් එයාලටම දුන්නෙ ක්‍රිස්ගෙ ටැලන්ට් එක මන් දන්න නිසා . ඊටත් මට ඕනි විදිහටම එයා මේක කරයි. 

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now