💙🍁 Part 12 🍁💙

361 51 23
                                    


Jungkook Pov 🐰🐰 ..........

දැන් රිතූ ඉන්නෙ කොරියා වල . එක දවසක් අහම්බෙන් එයාව මට එයාපෝට් එකේදී හම්බුනා . අශේන් හියුන්ග් එයාව කොරියා එවලා. හැබැයි එවපු හේතුව නම් කිව්වෙ නෑ . කලින් වගේ මොකක් හරි නසරානි වැඩක් කරන්න ඇති යාලුවො එක්ක එකතු වෙලා .

එදා එයාපෝට් එකේ  දැකට පස්සේ රිතූ හම්බුනේම නෑ . ඒත් දවසක් කොෆි ශොප් එකකදි එයාව ජින් හියුන්ග් දැකලා. ඉතින් අපිත් ගියා එයා බලන්න. එදාට පස්සෙත් දවස් ගානක්ම එක එක හේතු හදන් ඒ කොෆි ශොප් එකට යන්න මට පුලුවන් උනා . මෙච්චර කාලෙකට කෙල්ලෙක් ගැන හිතපු නැති මට මොනා වෙලාද කියලා මට හිතා ගන්න බෑ . ඇයි මන් රිතූ ගැන මෙච්චර හිතන්නෙ.

දවසක් අපි යනකොට රිතූ කොෆි ශොප් එකේ නටනවා. අපේ ටේ හියෝන්ග් නම් හොරෙන් ඒක වීඩියෝ කලත් එක්ක. හැබැයි අපි දැක්කම නම් කෙල්ල ලැජ්ජාවට රතු උනා . එහෙම රතු උනාම නම් රිතූ මාර කියුට් අනේ  😊😊😊

එයා එහෙම නටලා තියෙන්නේ රිශී එන නිසා . හැබැයි ඒක ඇහුවම රිතූට වඩා සතුටු උනේ අපේ ටේහියෝන් . ඒ එයාගෙ අර නකුටු බල්ලා  ගෙන්න ගන්න පුලුවන් නිසා  😒 මන් නම් ඒකාට කැමතිම නෑ. ලංකාවෙ ඉන්න කාලෙත් ඒ  කුක්කා නිසා  හියෝන්ග්ලා කවුරුවත් මාව ගනන් ගත්තෙ නෑ . ඔක්කොම ඒ පැටියා එක්ක සෙල්ලම් කරනවා.

හැබැයි යුන්ගි හියුන්ග් ඒකට කැමති නෑ . ඒ එයා නිදන් ඉන්න වෙලාවට බුරන නිසා . එතකොට එයාට නිදා ගන්න නෑනෙ . හැබැයි ඇහැරලා ඉන්න වෙලාවට එයත් කුක්කා එක්ක සෙල්ලම් කරනවා. 😒 මන් අඩගැහුවම තමා කාටවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න බැරි  😒 ඒ කුක්කා ගම්මිරිස් ඇටයක් වගේ ඉදියට කට මාර සද්දෙයි. හරියට අපේ ටේහියෝන් වගේම තමා  😁  පෙනුමට නෙවෙයි කටහඩ 😊😊😊 මට ඒ කුක්කා එක්ක ඉරිසියයි  😒 මන් ඌට පොඩ්ඩක් වත් කැමති නෑ . දැන් ඉතින් මෙහෙටත් ගෙන්න ගන්න හදනවා.

රිශී කොරියා ආවට පස්සේ රිතූලා සෝල් වලින් වෙනම ගෙයක් ගත්තා . දැන් නිතරම අපි හම්බෙනවා. යුන්ගි හියුන්ග් නිතරම වූක් හියුන්ග් එක්ක රිතූ බලන්න යනවා. මගෙ හිතත් ඒ හැම වෙලේම කෑ ගහන්නෙ " හියුන්ග් අනේ මාවත් එක්ක යන්නකෝ "කියලා . යුන්ගි හියුන්ග් රිතූට සලකන්නෙ එයාගෙම නංගිට වගේ . ඉතින් හැම වෙලේම එයා ගැන හොයලා  බලනවා. වෙලාවකට යුන්ගි හියුන්ග් එක්කත් මට ඉරිසියයි 😒 එයා හැම වෙලේම රිතූ හම්බෙන්න යනවා. ඔය යනකොට මාවත් එක්ක ගියා නම් මොනා වෙනවද මන් අහන්නෙ. 😒😒😒

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now