💙🍁 Part 23 🍁💙

205 33 6
                                    


පුලුවන් ඉක්මනට කට්ටිය හොස්පිටල් එකට යනකොටත් ඩේව් දෝයුන් රිශී වගේම මොලීත් හොස්පිටල් එකේ ඉදියා . අනූ ගියපු ගමන් රිශී බදාගෙන අඩන්න පටන් ගද්දි අනිත් හැමෝමත් ඇස් වල කදුලු පුරවන් බලන් ඉදියේ ඔපරේෂන් තියටර්  එකෙන් ඩොක්ටර් කෙනෙක් එලියට එනකම්.

ඒ අතරෙ යුන්ගි ඩේව් එක්ක ටිකක් එහාට ගියෙ උනේ මොකක්ද කියලා හරියට දැනගන්න. දෝයුන් තාමත් බිම ඉදගෙන අඩනවා. එයා හිතන්නෙ රිතූට එහෙම උනේ එයා නිසා කියලා .



      .......... Flashback ..........


රිතූට අමාරු නිසාම ඩේව් රිශාන් එක්ක ෆයිට් කරන්න ගන්නෙ තමන්ගෙ බොස් ආරක්ෂා කරගන්න. ඒ අතරෙ ජුන් වූ වුකී එක්ක ලොකු ෆයිට් එකක. රිතූත් ලගට එන දෙතුන් දෙනා එක්ක ෆයිට් කරද්දි දෝයුන් තාමත් කදුලු පෙරන් අඩන්නෙ තමන් බේරෙන්න ගිහින් එයාගෙ නූනට තුවාල උනා කියලා .

ඒත් ඒ වෙලාවෙ කවුරුවත් නොහිතපු වෙලාවක, නොහිතපු විදියට රිතූ බිම ඇදගෙන වැටෙද්දි දෝයුන්ගෙ ගන් එකෙන් තවත් බුලට් දෙකක් ඒ එක්කම පිට උනා.

🌹 ආහ්.........

" නූනා 😳 ......"

🌻 රිතූ ..........

රිතූ එක අතකින් වෙඩි වැදිච්ච තැන අල්ලගෙන අනිත් අතේ තිබ්බ කිනිස්සෙන් එයාගෙ ලගට එන හැමෝමත් එක්ක ෆයිට් කරන ගමන් ඉදියේ . ඒත් නොහිතපු විදිහට රිතූට පිටිපස්සෙන් ආපු කෙනෙක් යකඩ පොල්ලකින් රිතූගෙ ඔලුවට ගහපු නිසා රිතූ එතනම ඇදගෙන වැටුනා.

ඈතට වෙලා හැංගිලා තුවාලෙත් තියාගෙන ෆයිට් කරන රිතූ දිහා මුල ඉදලම බලන් ඉදපු දෝයුන් රිතූට ගහනකම් දැක්කෙ නැත්තෙ ඒ වෙලාවෙ එයාගෙ ලගට ආපු කෙනෙක් ඩේව් නවත්තනවා දැකපු නිසා . ඒ තප්පරේට රිතූට පොලු පාරක් වදී කියලා දෝයුන් හීනෙන්වත් හිතන්න නැතුව ඇති  😥

ආයිමත් රිතූ දිහා බලපු දෝයුන් දැක්ක දේ නිසා අතේ තිබ්බ ගන් එකෙන් දෙවෙනි පාරට හරියට ඉලක්කෙ අරගෙන ඒ මනුස්සයගෙ ඔලුවටම දෙපාරක් ශූට් කලේ කදුලු බේරෙන ඇස් බොද වෙද්දී . ඒ එක්කම රිතූ ලගට දුවලා යද්දි වුකීත් ඇවිත් රිතූ වාහනේකට දාලා දෝයුන් එක්ක හොස්පිටල් එකට යැව්වෙ ටීම් එකේ තව කෙනෙක් එක්ක. මොකද ඒ වෙලාවෙ රිශී වුකී ඩේව් තුන් දෙනාම මෙතනින් යන්න පුලුවන් තත්වෙක ඉදියේ නැති නිසා .

💙🍁 First Love 🍁💙 ( Complete )Tahanan ng mga kuwento. Tumuklas ngayon