💙🍁 Part 14 🍁💙

290 46 15
                                    

රිතූලෑ ගෙදරට ගිහින් බෙල් කරලා දොර ඇරනකන් ජන්කුක් බලන් ඉදියේ නොඉවසිල්ලෙන් . කවදාවත් නොදැනුන හැගීම ගොඩක් එක්ක ජන්කුක් ඉදියේ දැන් පුපුරයි දැන් පුපුරයි  වගේ ☺️☺️☺️  ටික වෙලාවකින් දොර ඇරෙනකොටම දැකපු දේ නිසා ජන්කුක්ගෙ ඇස් දෙක නලලට ගිහින් කට ඇරුනා.

රිතූ යුන්ගි අරන් දීපු ෆ්‍රොක් එකත් ඇදලා ඒකටම මැච් වෙන්න හීල්ස් ජුවලරි දාලා පඩිපෙළ බැහැගෙන එනකොට ජන්කුක් දොර ළගට වෙලා කට ඇරගෙන ඒ දිහා බලන් ඉන්නවා. මේක දැකපු රිශී අතින් කටත් වහගෙන හිනාව නවත්තන්න ට්‍රයි කරනවා . රිතූ ජන්කුක් ළගට එනකම්වත් ජන්කුක් දන්නෑ එයා ඒ තරම් සම වැදිලා වගේ රිතූ දිහා බලන් ඉන්නවා .

තව වෙලා ගියත් ජන්කුක් මේ විදිහටම ඉදී කියලා හිතලා හිමින් සැරේ රිශී ජන්කුක්ට වැලමිටෙන් ඇන්නෙ එයාව මේ ලෝකෙට ගේන්න. ඒත් එක්කම පියවි සිහියට ආපු ජන්කුක් වෙච්ච ලැජ්ජාව නිසා බෙල්ල පිටිපස්ස අතගාන ගමන් ඇබරෙනවා 😂 කොල්ලා හොදටම රතු වෙලා  .

ජන්කුක් ගෙනාපු මල් ටිකත් රිතූට දීලා දෙන්න එක්ක ගියෙ හන් රිවර් පාක් එකට. සතියෙ දවසක් නිසාත්, උදේ වරුව නිසාත් ගොඩක් අය පාක් එකේ ඉදියේ නෑ . ඒ උනත් රිතූ ජන්කුක් දෙන්න මිනිස්සු ගොඩක් අඩු පැත්තකට ගිහින් බෙන්ච් එකකින් වාඩි උනා .





Rithu Pov  🌹🌹🌹......


ඔව් අද තමයි දවස. රිශී කවදාවත් නැතුව උදේම තේ එකත් අර ඇවිත් මාව ඇහැරෙව්වා. මාත් ඉතින් රිශීට බැන බැන  නැගිට්ටත් හිත යටින් කියා ගන්න බැරි සතුටකින් ඉදියේ 😊

ඊයෙ යුන්ගි ඔප්පා අරන් දීපු ෆ්‍රොක් එකක් ඇදලා සිම්පල් මේකප් එකකුත් දාලා ලෑස්ති උන මම පහලට යන්න හදනකොට ඩෝ බෙල් එකේ සද්දෙ ඇහුනා . ඒත් එක්කම මට හීන් හිනාවක් ගියෙ ඇවිල්ල ඉන්නෙ ජන්කුක් කියලා දන්න නිසා . ඉක්මනට පහලට යනකොට රිශී දොර ඇරලා. හැබැයි ඉතින් ජන්කුක් නම් කටත් ඇරන් මන් දිහා බලන් ඉන්නවා.

හරි ඉතින් කවදාවත් නැතුව මන් ෆ්‍රොක් එකක් ඇදලා ඉන්නකොට ඉතින් පුදුම වෙනවා තමයි  😁 ඊටත් ඊයෙ මන් ෆ්‍රොක් එකට අකමැති උනත් අද ඇන්දට පස්සේ මටම හිතුනා ඒක මට ලස්සනයි කියලා 😁 මන් දන්නවා ඉතින් මන් ලස්සනයි කියලා ඒත් ඉතින් ඔහොම බලන් ඉන්නකොට ලැජ්ජ හිතෙනවනෙ අයියෝ 🙈🙈🙈

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now