💙🍁 Part 37 🍁💙

219 36 9
                                    


( වර්තමානෙ කතාව අමතකයි වගේ නම්  ගිහින් දාසයවෙනි කොටස ලග තියෙන බෝනස් එක කියවලා එන්න. එතකොට ලේසී. 😊)
.
.

          2024

.
.

Rithu Pov 🌹🌹🌹..........

.

ජීවිතේ හරි පුදුමයි නේද . අපි නොහිතන  දේවල් නොහිතන වෙලාවල් වලදි වෙන්නෙ අපේ මුලු ජීවිතම කනපිට හරෝන ගමන්.

මීට අවුරුදු දෙක හමාරකට කලින් එක පුංචි විනාඩි කිහිපයකින් වෙනස් වෙච්ච මගෙ ජීවිතේ මන් ජීවත් වෙච්ච කාලකන්නිම දවස් මට ලන් කලා. ඒත් ඒ දවස් කොච්චර අමාරු උනත් මගෙ පුංචි කෙල්ල සුමී නිසා මන් ඒ හැමදේම ඉවසගෙන ඉදියේ එයාටත් මට වගේ අම්මගෙ ආදරේ නොලැබෙන්න ඉඩ තියන්න බැරි නිසා . මොකද මන් හොදටම දන්නවා අම්මගෙ ආදරේ දුවෙක්ට කොච්චර ඕනිද කියලා .

කැනඩා වලදි එදා නොහිතපු විදිහට කුකී මගෙ ඉස්සරහට එනකොට කරන්න ඕනි මොනාද කියලා මට හිතා ගන්න බැරි උනා 😔😔😔 මොකද මෙච්චර ඉක්මනට එයාගෙ ඉස්සරහට යන්න මට ඕනි උනේ නෑ . ඒත් නොහිතපු දවසක නොහිතපු වෙලාවක මගෙ දයිවය ආයිමත් මාත් එක්ක සෙල්ලම් කලා.

කැනඩා ඉදලා කොරියා ඇවිත් මන් රිශී වුකී ඔප්පයි එක්ක ඩොක්ටර් චෝයි හම්බෙන්න ගියා. ඒ මගෙ ට්‍රීට්මන්ට්ස් වලට. මොකද දැන් අවුරුද්දක ඉදලා මන් ලෙඩෙක් . මේ කාලකණ්ණි ලෙඩේ නිසා මන් ගොඩක් දුක් වින්දා. දැන් මට ඕනි නිදහසේ ඇස් පියා ගන්න. මොකද මට දැන් මේ විදිහට ජීවත් වෙලා හති. ඒත් මට මගෙ පුංචි රෝස මල දාලා යන්න බෑ . ඒත් මට යන්න උනොත්. ඒ නිසා මන් නිතරම ඉදියේ බයෙන්. යුන්ගි ඔප්පයි පොඩි අයියයි ලොකු අයියයි ලෝකෙ වටේ ඉන්න ඩොක්ටර්ස්ලා ලගට මාව එක්ක ගියත් මට විශ්වාසයක් තිබ්බෙ නෑ තව ලොකු කාලයක් මට ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා . මොකද කුකී නැතුව මන් මේ අවුරුදු දෙක හමාර ගොඩක් දුක් වින්දා. තවත් මට එහෙම ඉන්න බෑ . ඒ නිසා මට ඕනි ඉක්මනට යන්න . ඒත් යන්න කලින් කුකීගෙ අයිතීන් එයාට දෙන්න ඕනි . මගෙ සුමීව එයාගෙ අප්පා ලගට යවන්න ඕනි .

අපි කොරියාවට ඇවිත් සතියකට පස්සේ ඔප්පලා ආයිමත් කොරියා ආවෙ එයාලගෙ කොන්සට් එක ඉවර වෙලා . යුන්ගි ඔප්පා අනිත් ඔප්පලට විස්තර කියලා තිබ්බා.  ඒත් ඒ ආපු දවසෙ ඉදලා එයාල මට දොස් කිව්වෙ හැමදේම එයාලගෙන් හැංගුවා කියලා . ඒත් ඉතින් මන් මොනා කරන්නද. මට මේ ප්‍රශ්න වලින් පැනලා යනවා ඇරෙන්න කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නෑ . 😥 ඔප්පලා කලින් වගේම ආවත් තාම එක දවසක්වත් කුකී මේ ගෙදරට ආවෙ නෑ . ඊටත් එදා කැනඩාවෙදි දැක්කට පස්සෙ කොරියාවට ආවත් හරි මන් එක දවසක්වත් කුකීව දැක්කෙ නෑ . 😥😥😥😥

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now