💙🍁 Part 44 🍁💙

240 33 2
                                    

ජන්කුක් මේ වෙලාවෙ කීයටවත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක් මේ වෙලාවෙ හොස්පිටල් එකේ ඉදී කියලා නම් එයා හිතන්න නැතුව ඇති . ඒ කෙනා සුමී ගැන දැනගත්තොත් මොනා වෙයිද .

ඩොක්ටර් චෝයි ජන්කුක් එනකොටත් ජන්හියුන්ග් එක්ක රිතූ ගැන කතා කර කර ජන්හියුන්ග්ගෙ කැබින් එකට වෙලා ඉදියේ . මොකද කලින් කරපු චෙකප් වලට වඩා මේ පාර රිතූ ඇඩ්මිඩ් කරපු වෙලාවෙ කරපු චෙකප් වල තත්වෙ ගොඩක් සීරියස් .

ජන්කුක් ආවට පස්සේ ඩොක්ටර් චෝයි ජන්කුක්ට තේරුම් කරලා දුන්නෙ රිතූගෙ තත්වෙ ගැන. මොකද කලින්ට වඩා රිතූගෙ ඔලුවෙ තියෙන ලේ කැටිය ටික ටික විශාල වෙලා තිබ්බෙ පොඩි කාලයක් ඇතුලත. ඔපරේෂන් එක කලත් කලින් රිතූට බේරෙන්න 50% චාන්ස් එකක් තිබ්බත් ඩොක්ටර් චෝයිටත් දැන් ඒක හරියටම කියන්න අමාරු උනේ නොහිතපු විදිහට රිතූගෙ කැන්සර් එකත් උඩු දුවන නිසා . මොකද ලේ කැටිය අයින් නොකර කැන්සර් එකට ට්‍රීට්මන්ට්ස් කරන එක අමාරු උනේ ඒ බෙහෙත් එක්ක ප්‍රශ්නයක් වෙයි කියලා .

මේ දේවල් ඇහුවට පස්සේ ජන්කුක් ගොඩක් මානසිකව වැටුනත් ජන්හියුන්ග් කොල්ලා ලගටම වෙලා පිටට තට්ටු කලේ එයාගෙ මල්ලි වෙනුවෙන් දැන් එයාට කරන්න පුලුවන් එකම දේ ඒක නිසා . ජන්කුකුත් පුලුවන් තරම් හිත ශක්තිමත් කර ගත්තෙ සුමී වෙනුවෙන් . මොකද කලින් වගේ නෙවෙයි කොල්ලා දැන් අප්පා කෙනෙක් ඉතින් වගකීම් වැඩී. ඊටත් රිතූ කලින්ම කොල්ල පොරොන්දු කරගෙන ඉදියේ එයාට මොනා හරි උනොත් සුමීව හොදට බලා ගන්නවා කියලා .

හැබැයි පිටින් කොල්ලා කොච්චර ශක්තිමත් කියලා පෙන්නුවත් ඇතුලෙන් ලෝදිය ගොඩක් මැද්දෙ ඉන්නවා කියලයි කොල්ලට නම් හිතුනෙ. මේ ප්‍රශ්න නිසා කොල්ලා හොදටම හෙම්බත් වෙලා ඉදියේ . ඊටත් වඩා අද රිතූ ගිය ගමන ගැන කොල්ලා ඉදියේ හිතේ දෙගිඩියාවෙන් . මොකද උදේ ඉදලා අමුතුම සිතුවිලි කන්දරාවක් කොල්ලගෙ හිත වෙලාගෙන ඉදියේ .

ඊටත් වඩා රිතූ යන්න කලින් කියපු දේවල් . රිතූ හරියට කතා කලේ ආයිමත් නොඑන ගානට. ඉතින් කොල්ලට ඩොක්ටර් කියපු දේවල් වලටත් වඩා හිතන්න ඕනි උනේ රිතූ පරිස්සමින් ආපහු එන එක ගැන. ඩොක්ටර් චෝයි කියපු දේවල් හීනෙන් වගේ අහගෙන ඉදපු කොල්ලා රිපෝට් ටිකත් අරගෙන ජන්හියුන්ග්ගෙ කැබින් එකෙන් එලියට ආවෙ රිතූට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා එයාගෙම හිතට ආයි ආයි කියා ගන්න ගමන්.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now