💙🍁 Part 31 🍁💙

222 35 7
                                    

Author Pov 🖋️🖋️🖋️..........

.

හැමෝම හොස්පිටල් එකේ ඉද්දි රිතූ කාටවත්ම නොකිය හොස්පිටල් එකෙන් එලියට ආවෙ හිතේ ලොකු බරක් තියාගෙන . මොකද එයා හිතුවෙ මේ වෙච්ච හැමදේම උනේ එයා නිසා කියලා . ඉතින් රිතූ ඉදියේ ලොකු මානසික පීඩනේකින්.

හොස්පිටල් එක ලග තිබ්බ පුංචි පාක් එකේ බෙන්ච් එකකින් ඉදගෙන එයාගෙ කොයින් එක කරකවන ගමන් රිතූ ඉදියේ ලොකු කල්පනාවක. ඒත් එයාටත් නොදැනී එයාගෙ ඇස් වලින් කදුලු පාරවල් දෙකක් බේරිලා ගියා.

රිතූ මේ විදිහට අඩන දිහා තවත් ඇස් හතරක් ගොඩක් දුකින් දෙපැත්තකට වෙලා බලන් ඉදියා කියලා රිතූ නම් දැනගෙන ඉදියේ නෑ . රිතූ අඩන දිහා බලන් ඉන්න බැරිම තැන එක්කෙනෙක් රිතූ ඉදන් ඉදපු බෙන්ච් එක ලගට ඇවිත් හිට ගත්තෙ රිතූගෙ අවදානෙ එයාට ගන්න . ටිකකින් එයා බෙන්ච් එකේ ඉද ගත්තම රිතූ අඩාගෙනම ඒ කෙනාට තුරුල් උනා .  ඒත් එක්කම අර බලන් ඉදපු එක්කෙනෙක් එතනින් යන්න ගියෙ ඇස් වලින් වැටන කදුලු එක අතකින් පිහදාන ගමන්.

.
.
.

Rithu Pov 🌹🌹🌹.....
.

හොස්පිටල් එකෙන් එලියට ඇවිත් ලග තිබ්බ පොඩි පාක් එකට ගිහින් හිතේ හැටියට අඩන්න ගත්තෙ මන් හොස්පිටල් එකේදී ඇඩුවා නම් එතන ඉන්න අනිත් අයත් අඩන නිසා . ඊටත් මට ඕනි උනේ නෑ මගෙ කදුලු කාටවත් පෙන්නන්න. මේ හැමදේම උනේ මන් නිසා . මොලී ඔන්නි නැති උනේ . සුකී ඔන්නිට තාම සිහි නැත්තෙ. එතකොට අර පොඩි පැටියට එයාගෙ ඔම්මා නැති උනේ . මගෙ පැටියා රොකී ...... එයාට තුවාල උනේ . ඒ හැමදේම මන් නිසා .

ටික වෙලාවකින් මගෙ ලගට කවුරු හරි එනවා දැනුනත් ඒ කවුද කියලා බලන්න මට ඕනි උනේ නෑ . එහෙම උනොත් එයා මගෙ කදුලු දකිනවා. ටිකක් වෙලා මන් දිහා බලන් ඉදපු එයා මගෙ එහා පැත්තෙන් ඉදගෙන මගෙ අතින් කොයින් එක ගත්තා . ඔව් ඒ කුකී . තව දුරටත් මගෙ කදුලු නවත්තන්න මට ඕනි උනේ නෑ . ඒ නිසාම කුකීට තුරුල් වෙලා ඇති තරම් මන් ඇඩුවා . කුකීත් මොකුත් නොකිය මගෙ ඔලුව අත ගගා ඉදියේ මන් අඩලා ඉවර වෙනකම්.

🌹 ඒ හැමදේම උනේ මන් නිසා නේද කුකී  😭😭😭 මන් තමයි ඒ හැමදේටම මුල. මන් ඔයාලට ලන් නොවී ඉදියා නම් අද කාටවත් මෙහෙම අඩන්න වෙන්නෙ නෑ  😭😭😭

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now